කොළඹ-මාතර පෞද්ගලික බස්රථයක කොස්දොස්තරවරයකු සේ ඇඳ සිටි අයකු සිය බස්රථයේ ගමන් කරමින් සිටි මගියකුගේ මුදල් පසුම්බිය සෝරා ගනු දැක ඔහු බඩුත් සමග අතටම අල්ලාගෙන හොඳ ගුටි බැට සංග්‍රහයක් ලබාදීමට සියලූ මගින් එක්වූ සිද්ධියක් ඉඳුරුව ප්‍රදේශයේදී දකින්නට ලැබිණි. දකුණේ සිට ආ බව කියන බස්රථය පසුගිය පස්වැනි සඳුදා දහවල් කොළඹින් මාතර බලා පිටත්වී කළුතරට එන විට මගීන් ගෙන් පිරි තිබිණි. කොන්දොස්තර වැනි මිනිසා මගීන් අතරේ තෙරපි තෙරපී ටිකට් නිකුත් කරමින් එහා මෙහා ගමන් කෙළේය. වයස 27ක් පමණ සාමාන්‍ය සිරුරකින් හෙබි ඔහු බසය නතර කරන සෑම නැවතුමකින්ම මගීන් බසයට නංවා ගැනීමට දක්වන්නේ අසීමිත කරුණාවකි. අලූත්ගමින් බසයට ගොඩවූ පිරිසක් සමග මේ කොන්දොස්තර” ඔහුගේ සුපුරුදු හඬ අවදි කරමින් ටිකට් දුන් අතර පසුපස දොර අසල සිටගෙන සිටි තරුණයකුගේ කලිසමේ පිටුපස සාක්කුවට අතදමා මුදල් පසුම්බිය ගත් අයුරු තවත් මගියකුගේ නෙත ගැටුණේය. පොකැට්ටුව අහිමිවූ තරුණයා කොස්ගොඩින් බැසීමට සිටියේය. ඉදුරුවදී පොකැට්ටුවට විද පසුපස දොරින් බැස ඉදිරිපස දොරින් ඇතුළුව රියදුරු අසුන ඉදිරිපිට තැනෙක පසුම්බිය සඟවනු දුටු මගියා අර තරුණයාගෙන් ඇසුවේ ඔබගේ සල්ලි පර්ස් එක තියනවාද? යනුවෙනි. තරුණයා අන්දමන්ද වීය. ඔහුද සිද්ධිය දුටු මගියා, බස්රථයේ රියදුරු හා කතා කරමින් සිටි පොකැට්කාරයාගේ බෙල්ලෙන් අල්ලා ඔවුහු මුදල් පසුම්බිය ගෙන බසය නවතා පොකැට්කරුට තඩි බාන්නට වූහ.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
906
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
බස් ටිකට් දෙන අතරේ කොන්දොස්තර මගීන්ගේ පොකැට්වලටත් විදලා