(මනෝජ් හර්ෂික)
නවාතැන් පහසුකම් සැපයීමට නැගෙනහිර පළාතේ සිද්ධස්ථානයක ඉදිකිරීමට යෝජිත විශ්‍රාම ශාලාවක ඉදිකිරීම් ආරම්භ කිරීමට සියයකට අධික පිරිසක් පසුගිය දිනක එම ප්‍රදේශය බලා පිටත් වුණේ පෞද්ගලික බස් රථ තුනකිනි.

පළමු දින අතරමග නවාතැන් ගෙන පසුදින විශ්‍රාම ශාලාව ඉදිකෙරෙන ස්ථානයට ළඟා වන විට අඳුර වැටී තිබුණි. එම ප්‍රදේශය වන සතුන් බහුල කැලෑබද ප්‍රදේශයක් වූ නිසා වැඩකටයුතු ඉක්මනින් නිමාකර ආපසු නිවෙස් බලා පිටත් වීමට සූදානම් වුවද රියැදුරන් බස් රථ වෙත පැමිණියේ නැත. හේතු විමසූ විට එක් බස් රථයක ඩීසල් නොමැති බව පැවැසීය. සංවිධායකයන් ඩීසල් ගෙන ඒමාට සූදානම් වුවද ඔවුන් එයට ඉදිරිපත් වූයේ නැත. ඉන් පසු ගමන් මාර්ගයේ අලි ඇතුන් සිටින බවත් කරදරයක් වුවහොත් පිරිසගේ ජීවිතවලට වගකීමට නොහැකි බව රියදුරෝ පැවසූහ.
මේ වන විට පැය 3ක් ගතවී හමාරය. ‘ඉන් පසු තමන්ට මහන්සි බැවින් රියැදුරන් ධාවනය කළ නොහැකි බවත් පැවසූ අතර ඊට පිළියමක් ලෙස සංවිධායක මණ්ඩලය පැවසුවේ අනාරක්‍ෂිත ප්‍රදේශයෙන් පිටතට ගොස් සුදුසු ස්ථානයක නවතා ඕනෑම වෙලාවක් විවේක ගන්නා ලෙසය. එයටද රියැදුරෝ එකඟ නොවූහ.
ඔවුන්ගේ අරමුණවී තිබුණේ තව දිනක් එහි නතර වී තමන්ගේ ගාස්තුව වැඩිකර ගැනීම බව සියලු දෙනාටම පැහැදිලි විය. තම අරමුණ ඉටු නොවූ තැන ඔවුහු අලිමංකඩක අහිංසක පිරිසක් ඇපයට තබාගෙන එම ස්ථානයෙන් පිටත් වීමට නම් තමන්ට රුපියල් 30000 ක් වැඩියෙන් අවශ්‍ය බව පැවසූහ. කලින් පොරොන්දු මුදලට වඩා වැඩියෙන් ගෙවීමට සංවිධායකවරයා විරුද්ධ වූයේය.
මේ අතර ගමනට සහභාගි වූ කාන්තාවක් තම පෞද්ගලික මුදලින් රුපියල් 30000 ක් ප්‍රධාන සංවිධායකවරයාටද නොදන්වා රියැදුරන්ට ලබාදී එම ස්ථානයෙන් පිටත් වීමට අවශ්‍ය කටයුතු සලැසුවේය. එහෙත් සම්පූර්ණ මුදල එම මොහොතේම ලබා දෙන තුරු එම ස්ථානයෙන් පිට නොවන බව රියැදුරන් පැවසූ නිසා එම මුදල් සියල්ල ඔවුන් අතට ලබා දීමටද ඇය මැදිහත් වූවාය. ඉන් පසු ආපසු ගමන ඇරඹූ අතර දඹුල්ල ප්‍රදේශයේදී නවතා බස් රථ යළි අත්තිකාරම් මුදල් ගෙවීමේදී රුපියල් 15000 ක් අඩුවෙන් ලැබුණු බව පවසා එතැනින් ඉදිරියට යාමට නම් එම මුදලද අවශ්‍ය බව රියැදුරෝ කීහ.
කාන්තාව ප්‍රධාන සංවිධායකවරයාට නොදන්වාම එම මුදලද ලබාදුන්නාය.
ගමන අවසන් කර පසු දිනකදී එම අත්තිකාරම් මුදල පිළිබඳව ව්‍යාපාරික කාන්තාව ප්‍රධාන සංවිධායකවරයාගෙන් විමසූ පසු රියැදුරන් එම කාන්තාව රවටා වැඩි මුදලක් ලබාගෙන ඇති බව ප්‍රධාන සංවිධායකවරයා ඇයට පහදා දී 15,000 ක මුදල ආපසු ලබාගෙන ඇත.
ගමන ආරම්භයේදී හෝ අතර මගදී කිසිදු ඉල්ලීමක් නොකර අහිංසක පිරිසක් වන සතුන් ගහන ප්‍රදේශයකට ගෙන ගොස් ඔවුන් ඇපයට තබාගෙන අසාධාරණ ඉල්ලීමක් ඉදිරිපත් කිරීම පිළිබඳව සහභාගීවූ සියලු දෙනා රියදුරන්ට දොස් නැගූහ.
2025 දෙසැම්බර් මස 04
803
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බස් කාක්කෝ මගීන් කැලෑවක ඇපයට තබාගෙන වැඩියෙන් ගරාගෙන
kalani Sunday, 04 November 2018 04:30 PM
අයහපත් පුද්ගලයන් සිටින රටක මේ සිදුවීම එතරම් පුදුම සහගත නොවේ.
de silva@ Monday, 05 November 2018 02:08 AM
දොස් නගලා විතරක් මදි පොලිසියට පැමිණිලි කරන්න පසුබට වුනේ මොකද ?