(ආරච්චිකට්ටුව ලලිත් නවරත්න)
මාරවිල ප්‍රදේශයේ නිවෙසක් අසල සුරතලේට ඇතිකරන බල්ලකු සිදුකළ පැහැරීමක් හේතුවෙන් එම නිවැසියන් අතර වූ ගුටිබැට හුවමාරුවෙන් අනතුරුව එක් පාර්ශ්වයක කතකගේ ගෙල බැඳ සිටි වටිනා රන්මාලයක් අතුරුදන්වීමක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය පවසයි.
මෙම ආරවුල් හටගෙන ඇත්තේ අසල්වාසී නිවෙස් දෙකක් අතරය. එක් නිවෙසක සිය මව සහ පුතාත් අනෙක් නිවසේ බිරිය සහ සැමියත් මෙම ආරවුලේදී ගුටිබැට හුවමාරුව සිදුකරගෙන ඇත.
සිද්ධියට හේතුවී ඇත්තේ එක් නිවසක සුරතලේට ඇතිකරන්නා වූ බල්ලෙකු අනෙක් නිවසට පැමිණ මළපහ කිරීමක් බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්වේ.
සිද්ධිය සම්බන්ධයෙන් බහින්බස්වීමකින් අනතුරුව ගුටිබැට හුවාමරුව දක්වා එය වර්ධනය වී ඇත. දෙපාර්ශ්වයම සුළු තුවාල ලබා ඇති අතර ස්වාමියා බිරිය පාර්ශ්වයේ බිරිය ගෙලබැඳි 150000 වටිනා රන්මාලයක් අතුරුදන් වී ඇති බව එම පාර්ශ්වය විසින් පොලිසියට කරන ලරද පැමිණිල්ලකට අනුව මව්පුතු පාර්ශ්වයෙන් පොලිසිය සිදුකළ තතු විමසීමේදී එම පාර්ශ්වය චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර දෙපාර්ශ්වයම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
කලහකාරීන් දෙපාර්ශ්වයම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මාරවිල පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඩී.ආර්. ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක රංජිත්, උපපොලිස් පරීක්ෂක සේමසිංහ යන පොලිස් නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙතන ඇත්තටම බල්ලා කව්ද? ගහ බැණ ගත්ත අය කව්ද.? සුනඛයෙකුට නිදහසේ පැහැරීමක් වත් කරන්නට බැරි හැටියක්.. (සුනඛයාගේ අපවිත්‍ර දෑ පිරිසිදු කිරීම හිමිකරුගේ යුතුකම වේ.)