(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
බල්ලකු කකුල කෑවාට කෝපයට පත්ව ගමේම බල්ලන් මරන්න ගියත් බල්ලන් මරණයෙන් බේරෙද්දී බළලුන් අට දෙනෙකුගේ ජීවිත බිලිගත් කම්කරුවෙකු පිළිබඳව බස්නාහිර පළාතේ ගම්මානයකින් වාර්තා වෙයි.
ඔහු තේ කම්හලක කම්කරුවෙකි. වැඩ මුරය රාත්‍රියටය. මුට්ට කර ගැහීම කරයි. මේ කම්කරුවා දවල් කාලයද නිකරුණේ නොයවන්නෙකි. දිවා කාලයේ ගමේ ඇවිදිමින් පොල් කැඩීමෙන්ද ජීවිකාව සරි කර ගනී.
දිනක් රෑ මුරයට යද්දී දඩාවතේ යන බල්ලකු මේ කම්කරුවාගේ පය සපා කෑවේය. තුවාල පහකි. දින කිහිපයක් තිස්සේ ප්‍රතිකාර ගන්නට සිදුවිය. ජීවිකාව අහිමි විය. මේ නිසා ඔහුට ගමේ බල්ලන් ගැන ඇතිවූයේ තරහකි. දෙන්නම් හොඳ වැඩක් තොපිට. ඔහු නිතර මුනු මුනු ගෑවේය. සනීප වූ වහාම ඔහු දොළ පහරේ මසුන් අල්ලන්නට ගියේ අදහසක් ඇතිවය.
පැය කිහිපයක් මහන්සිවී කොරළි පැටව් සිය ගණනක් අල්ලා ගන්නට ඔහුට හැකි විය. නිවසට ගිය ඔහු කිසියම් රසායන වර්ගයක් මේ මසුන්ගේ කුසට ඇතුළු කළේය. රෑබෝ වෙද්දී මසුන් ටිකත් අරගෙන පාරක් පාරක් ගානේ යමින් බල්ලන් ගැවසෙන ස්ථානවල රසායන ද්‍රව්‍ය ඇතුළත් කළ මසුන් එකා දෙන්නා බැගින් දැමුවේය. පසුදාට පහන් වෙද්දී සේවය නිම කළ කම්කරුවා පාරක් පාරක් ගානේ යමින් දැඩි විමසිල්ලෙන් බැලුවේ බල්ලන් මසුන් ආහාරයට ගෙන මැරී සිටිනු දකින්නටය. එහෙත් එසේ සිදුවී නැත. තමන් දැමූ මසුන් ඒ ආකාරයෙන්ම තිබෙන අයුරු දැකිය හැකි විය.
බල්ලන් ඉව කරද්දී රසායන ගන්ධය දැනීම නිසා ඒවා ආහාරයට ගෙන නැති බව ඔහුට පසක් වූයේ ඒ අවස්ථාවේදීය.
මේ අතර ගමේ නිවාස කිහිපයකම සුරතල් පූසන් වමනය දමමින් දින දෙක තුනක් කල්ගත කර මරණයට පත්වූ බව ඔහුට ආරංචි වූයේ මේ අතරය. බළලුන්ට කිසියම් අසනීපයක් ඇතැයි සිතා නිවැසියන් ප්‍රතිකාර සඳහා වෙහෙසෙද්දී මේ කම්කරුවා කිසිත් මුවෙන් නොබැන සිටියේ තමන් කළ වින්නැහියේ තරම තේරුම් ගිය නිසාවෙනි.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බල්ලෙක් කකුල කෑවාම තිරිසන් වැඩක් කරලා