IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බල්ලා වාහනයේ වයර් කෑ පාඩුව මුරකරුගේ පඩියෙන් කපලා

දකුණේ වාහන සේල් පොළකි. මෙහි වාහන ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික ආරක්ෂක නිලධාරියකුගේ සේවය වාහනපොළ අයිතිකරු ලබාගෙන ඇත.

ඊට අමතරව මෙම ස්ථානයේ ආරක්ෂාව සඳහා මුර බල්ලෙක් ද වාහනපොළේ හිමිකරු ඇති දැඩි කරයි. මෙම සුනඛයා රාත්‍රි කාලයේ කූඩුවෙන් එළියට ගෙන නිදැල්ලේ හැසිරීමට ඉඩකඩ සලසා දෙන්නේ වාහනපොළ හිමිකරුගේ නියෝගය පිටය. එදින ඉරිදා දිනයක් වූ බැවින් වාහන සේල්පොළ වසා දමා තිබූ අතර වාහනපොළේ හිමිකරුද එම ස්ථානයට එදින පැමිණියේ නැත. මේ හේතුවෙන් මුර බල්ලාගේ ආහාර වේලද එදින මගහැරුණි. කෙසේ වෙතත් එදින රාත්‍රි බඩගින්නේ සිටි මුර බල්ලා වාහනපොළේ විකිණීම සඳහා ගාල්කර තිබූ අලුත්ම මෝටර් රථයක විදුලි පහන්වලට යොදා තිබූ වයර් කා දමා තිබිණි. පසුදින උදෑසන මෙම ස්ථානය පරීක්ෂා කළ ආරක්ෂක නිලධාරියාට මෙම සිද්ධිය දැක ගන්නට ලැබිණි.

හෙතෙම තොරතුරු සටහන් පොතේ මේ ගැන සටහනක් යොදා ඇත්තේ පසුදින රාත්‍රියේ බල්ලාට ආහාර නොලැබුණු හේතුවෙන් මෝටර් රථයේ වයරයන් කා දමා ඇති බව සඳහන් කරමිනි. එදින වාහනපොළේ හිමිකරු පැමිණ ආරක්ෂක රාජකාරිවල සටහන් යොදා තිබූ මෙම දෛනික තොරතුරු සටහන් පොත කියවා තිබේ. එවිට මෙම සටහන නිරීක්ෂණය වී ඇත. පසුව සිද්ධිය වටහා ගත් වාහනපොළේ අයිතිකරු වහාම ආරක්ෂක සමාගමේ ඉහළ නිලධාරියා මෙම ස්ථානයට කැඳවීමට පියවර ගෙන තිබේ. පසුව ඔහු පවසා ඇත්තේ බල්ලාගේ මෙම ක්‍රියාව හේතුවෙන් තමාට රුපියල් එක්දහස් දෙසිය පනහක මුදලක් අලාභවී ඇති බවත් එම මුදල එදින රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියාගේ වැටුපෙන් අඩුකර තමා වෙත ලබා දෙන ලෙසත්ය.

එම නියෝගය එලෙසම ක්‍රියාත්මක වී ආරක්ෂක නිලධාරියාගේ වැටුපෙන් රුපියල් එක්දහස් දෙසිය පනහක් අඩු කෙරිණි. මේ බව දැනගත් ආරක්ෂක නිලධාරියා තමා අසල සිටි අයට පවසා ඇත්තේ රියපොළ අයිතිකරුගේ බල්ලාගෙන් සිදුවූ අලාභයත් තමාගෙන් අයකර ගත් බවයි.

(ඉමදුව ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා) 



අදහස් (0)

බල්ලා වාහනයේ වයර් කෑ පාඩුව මුරකරුගේ පඩියෙන් කපලා

වසන්ත ද සිල්වා Thursday, 22 September 2016 04:14 AM

අයිතිකාරය තවත් ඒ ජාතියේ කෙනෙක් (බ)

:       0       0

අබරන් Wednesday, 21 September 2016 06:02 AM

අයිතිකාරයාට කන පැලෙන්න ගහන්න තිබුනේ දෙකොනින් තරු විසි වෙන්න..(ම)

:       0       0

මහේෂ් Wednesday, 21 September 2016 06:09 AM

කාර් සේල් අයිතිකරුවෙකුටත් රුපියල් එක්දහස් දෙසිය පනහ මෙච්චර දැනුනා නම් එදා වේල හම්බකරගෙන කන අහිංසක මනුස්සයෙකුට කොහොම දැනෙයිද? බලාගෙන ගියාම සුනඛයා කාලා තියෙන්නේ වයර් නෙමෙයි, දෙයියන්ගේ මල්ලිව....... (නි)

:       0       0

රාධා Wednesday, 21 September 2016 02:07 PM

සතියේ දිනවල සවස 5ත පමණ නුගේගොඩ ගුවන් පාලම අසලින් කකුල් හතරේ තඩි බල්ලන් දෙදෙනෙකු මහජනයාට හිරිහැරවන අයුරින් කටකලියා නොදමා ගෙනයන මේවගේ කකුල් දෙකේ සුනඛයකු දැකිය හැකිය (බ)

:       0       0

යොහාන් Wednesday, 21 September 2016 07:10 AM

බලනකොට දැන් බල්ලාගේ වරදක් නැහැ වගෙයි (නි)

:       0       0

ඩිලාන් Friday, 23 September 2016 06:08 PM

කව්ද මේ සේල්කාරයා. මහා කුණු ලෝබයෙක්නේ. අහිංසක සිකුරිටිගේ පුංචි පඩියට මෙහෙම කරනවද? (නි)

:       0       0

සෑම් Wednesday, 21 September 2016 07:23 AM

මහේෂ්, මට හිතෙන්නේ සුනඛයා කියලා මෙතනදී ආමන්ත්‍රණය කළයුත්තේ කකුල් හතරේ සතෙකුට නොව කකුල් දෙකේ සතෙකුටයි (නි)

:       0       0

ජයතු - අරාබිය Thursday, 22 September 2016 05:43 AM

චන්ද්‍රලාල්ගේ කතාව මමත් පිළිගන්නවා. (නි)

:       0       0

අසෝකා Wednesday, 21 September 2016 08:11 AM

අද කොහොමත් වැඩි හරියක් තියෙන්නේ කැකිල්ලේ නඩු තීන්දු තමයි! (ම)

:       0       0

දිනේෂ් Wednesday, 21 September 2016 09:04 AM

මම වෙලාවකට සෑම් කියන කතාවලට විරුද්ධ වුනාට මෙතනදී නම් 100% එකඟයි. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ අවතාරේ වෙන්නත් ඇති. (ර)

:       0       0

චන්ද්‍රලාල් Wednesday, 21 September 2016 07:26 PM

මේක සත්‍ය කතාවක් කියල හිතන්න හරිම අමාරුයි. මොකද, කවුරු හෝ බොනට් එක ඇරියෙ නැත්නම් ඔය කියන වයර් එක දකින්නත් බොහොම අමාරුයි. අනික ඔය කියන බල්ලා මීයෙක් විතර එකෙක් වෙන්න ඇති, නැතිනම් කොහොමද එතෙන්ට රිංගන්නෙ. (අ)

:       0       0

මහේෂ් ඩුබායි Wednesday, 21 September 2016 09:32 AM

සෑම් ගේ කතාව හරියට හරි.. මේ කතාවේ නියම සුනඛයා මෙහි අයිතිකරු. හොරෙක් පැනල වාහනයක් මංකොල්ල කෑවනම් ආරක්ෂක නිලධාරියාට අබ සරණයි. (බ)

:       0       0

මහී Wednesday, 21 September 2016 09:42 AM

සෑම් හරි. බලනකොට මුර බල්ලා හොඳයි අයිතිකරු තමයි සුනඛයා (බ)

:       0       0

සරත් Wednesday, 21 September 2016 09:57 AM

උඩට එන්න ඇත්තෙත් ඔහොමම තමා. (ර)

:       0       0

නිලිපුල් Wednesday, 21 September 2016 11:58 AM

මෙම සිද්දිය පැහැදිලිව සළකා බැලීමේදී වැරැද්ද සිදු කොට ඇත්තේ රියපොලේ අයිති කරු බව ඕනෑම කෙනෙකුට තෙරේ. (ර)

:       0       0

නුවන් Friday, 23 September 2016 04:45 AM

සේල් එක අයිතිකාරයා ඊට වැඩිය සත්වයෙක් තවත් නැතුව ඇති (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site