දකුණේ වාහන සේල් පොළකි. මෙහි වාහන ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික ආරක්ෂක නිලධාරියකුගේ සේවය වාහනපොළ අයිතිකරු ලබාගෙන ඇත.
ඊට අමතරව මෙම ස්ථානයේ ආරක්ෂාව සඳහා මුර බල්ලෙක් ද වාහනපොළේ හිමිකරු ඇති දැඩි කරයි. මෙම සුනඛයා රාත්‍රි කාලයේ කූඩුවෙන් එළියට ගෙන නිදැල්ලේ හැසිරීමට ඉඩකඩ සලසා දෙන්නේ වාහනපොළ හිමිකරුගේ නියෝගය පිටය. එදින ඉරිදා දිනයක් වූ බැවින් වාහන සේල්පොළ වසා දමා තිබූ අතර වාහනපොළේ හිමිකරුද එම ස්ථානයට එදින පැමිණියේ නැත. මේ හේතුවෙන් මුර බල්ලාගේ ආහාර වේලද එදින මගහැරුණි. කෙසේ වෙතත් එදින රාත්‍රි බඩගින්නේ සිටි මුර බල්ලා වාහනපොළේ විකිණීම සඳහා ගාල්කර තිබූ අලුත්ම මෝටර් රථයක විදුලි පහන්වලට යොදා තිබූ වයර් කා දමා තිබිණි. පසුදින උදෑසන මෙම ස්ථානය පරීක්ෂා කළ ආරක්ෂක නිලධාරියාට මෙම සිද්ධිය දැක ගන්නට ලැබිණි.
හෙතෙම තොරතුරු සටහන් පොතේ මේ ගැන සටහනක් යොදා ඇත්තේ පසුදින රාත්‍රියේ බල්ලාට ආහාර නොලැබුණු හේතුවෙන් මෝටර් රථයේ වයරයන් කා දමා ඇති බව සඳහන් කරමිනි. එදින වාහනපොළේ හිමිකරු පැමිණ ආරක්ෂක රාජකාරිවල සටහන් යොදා තිබූ මෙම දෛනික තොරතුරු සටහන් පොත කියවා තිබේ. එවිට මෙම සටහන නිරීක්ෂණය වී ඇත. පසුව සිද්ධිය වටහා ගත් වාහනපොළේ අයිතිකරු වහාම ආරක්ෂක සමාගමේ ඉහළ නිලධාරියා මෙම ස්ථානයට කැඳවීමට පියවර ගෙන තිබේ. පසුව ඔහු පවසා ඇත්තේ බල්ලාගේ මෙම ක්‍රියාව හේතුවෙන් තමාට රුපියල් එක්දහස් දෙසිය පනහක මුදලක් අලාභවී ඇති බවත් එම මුදල එදින රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියාගේ වැටුපෙන් අඩුකර තමා වෙත ලබා දෙන ලෙසත්ය.
එම නියෝගය එලෙසම ක්‍රියාත්මක වී ආරක්ෂක නිලධාරියාගේ වැටුපෙන් රුපියල් එක්දහස් දෙසිය පනහක් අඩු කෙරිණි. මේ බව දැනගත් ආරක්ෂක නිලධාරියා තමා අසල සිටි අයට පවසා ඇත්තේ රියපොළ අයිතිකරුගේ බල්ලාගෙන් සිදුවූ අලාභයත් තමාගෙන් අයකර ගත් බවයි.
(ඉමදුව ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයිතිකාරය තවත් ඒ ජාතියේ කෙනෙක් (බ)
අයිතිකාරයාට කන පැලෙන්න ගහන්න තිබුනේ දෙකොනින් තරු විසි වෙන්න..(ම)
කාර් සේල් අයිතිකරුවෙකුටත් රුපියල් එක්දහස් දෙසිය පනහ මෙච්චර දැනුනා නම් එදා වේල හම්බකරගෙන කන අහිංසක මනුස්සයෙකුට කොහොම දැනෙයිද? බලාගෙන ගියාම සුනඛයා කාලා තියෙන්නේ වයර් නෙමෙයි, දෙයියන්ගේ මල්ලිව....... (නි)
සතියේ දිනවල සවස 5ත පමණ නුගේගොඩ ගුවන් පාලම අසලින් කකුල් හතරේ තඩි බල්ලන් දෙදෙනෙකු මහජනයාට හිරිහැරවන අයුරින් කටකලියා නොදමා ගෙනයන මේවගේ කකුල් දෙකේ සුනඛයකු දැකිය හැකිය (බ)
බලනකොට දැන් බල්ලාගේ වරදක් නැහැ වගෙයි (නි)
කව්ද මේ සේල්කාරයා. මහා කුණු ලෝබයෙක්නේ. අහිංසක සිකුරිටිගේ පුංචි පඩියට මෙහෙම කරනවද? (නි)
මහේෂ්, මට හිතෙන්නේ සුනඛයා කියලා මෙතනදී ආමන්ත්‍රණය කළයුත්තේ කකුල් හතරේ සතෙකුට නොව කකුල් දෙකේ සතෙකුටයි (නි)
චන්ද්‍රලාල්ගේ කතාව මමත් පිළිගන්නවා. (නි)
අද කොහොමත් වැඩි හරියක් තියෙන්නේ කැකිල්ලේ නඩු තීන්දු තමයි! (ම)
මම වෙලාවකට සෑම් කියන කතාවලට විරුද්ධ වුනාට මෙතනදී නම් 100% එකඟයි. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ අවතාරේ වෙන්නත් ඇති. (ර)
මේක සත්‍ය කතාවක් කියල හිතන්න හරිම අමාරුයි. මොකද, කවුරු හෝ බොනට් එක ඇරියෙ නැත්නම් ඔය කියන වයර් එක දකින්නත් බොහොම අමාරුයි. අනික ඔය කියන බල්ලා මීයෙක් විතර එකෙක් වෙන්න ඇති, නැතිනම් කොහොමද එතෙන්ට රිංගන්නෙ. (අ)
සෑම් ගේ කතාව හරියට හරි.. මේ කතාවේ නියම සුනඛයා මෙහි අයිතිකරු. හොරෙක් පැනල වාහනයක් මංකොල්ල කෑවනම් ආරක්ෂක නිලධාරියාට අබ සරණයි. (බ)
සෑම් හරි. බලනකොට මුර බල්ලා හොඳයි අයිතිකරු තමයි සුනඛයා (බ)
උඩට එන්න ඇත්තෙත් ඔහොමම තමා. (ර)
මෙම සිද්දිය පැහැදිලිව සළකා බැලීමේදී වැරැද්ද සිදු කොට ඇත්තේ රියපොලේ අයිති කරු බව ඕනෑම කෙනෙකුට තෙරේ. (ර)
සේල් එක අයිතිකාරයා ඊට වැඩිය සත්වයෙක් තවත් නැතුව ඇති (බ)