තමා ධාවනය කළ බස් රථයේ බල්ලෙකු වැදී මියයාම නිසා අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත රුපියල් පන් දහසක දඩයක් ගෙවීමට සිදු වූ බස් රියැදුරෙකු පිළිබඳව පසුගියදා ඌව පළාතෙන් අසන්නට ලැබිණි.
සෙනඟ පුරවාගෙන ගිය මේ බස් රථයේ වැදී තිබුණේ බලු පොරයකට ලක් වී දිවගිය දඩාවතේ යන බල්ලෙකි.
මේ සඳහා එම ස්ථානයේදීම දඩ කොළය ලියා ඔහුට බාර දී ඇති අතර මියගිය සුනඛයා වහාම වළ දමන ලෙසටද ඔහුට නියෝග ලැබුණත් විශාල සෙනඟක් රැගෙන ගිය බස් රථය මේ කටයුතු සඳහා නතර කර තැබීමට මගීන් විරෝධතාව පළ කිරීම නිසා ඒ අවට සිටි තරුණ පිරිසකට මියගිය බල්ලාගේ අවසන් කටයුතු චාම් ලෙස සිදුකිරීමට සිදු වුණාලු.
(තිහගොඩ - උපසේන ලියනගම)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දඬුවමක් දීලා හරි රියදුරන් අවදි කළ එක හොඳයි. නැත්නම් දවසකට කොපමණ සතුන්, මනුෂ්‍යයන් යටවෙනවද වාහන වලට (නි)
නිශාන්ත, ආර්ථික වශයෙන් යුරෝපයේ සහ අනෙකුත් දියුණුයි කියා කියන රටවල සතුන්ට කරුණාව දක්වනවාට වඩා මිනිසාගේ අවශ්‍යතාවය වෙනුවෙන් සතුන් හැදීම තමා ඔවුන් කරන්නේ. හරකුන්, බැටළුවන් සහ එළුවන් මිනිසාගේ භක්ෂණය සඳහා මිලියන ගණනින් ඝාතනය කරන අතර උන්ගේ මස් සහ මස් වලින් සාදන නොයෙකුත් විදියේ ආහාර මැදපෙරදිග ඇතුළු ලෝකයේ විවිධ රටවලට අපනයනය කිරීමයි. බල්ලෝ, පූසෝ වැනි සත්තු හුරතල් විදියට හදන නමුත් අතිරික්තයට වනදේ දෙයියෝ තමයි දන්නේ. අපේ රටේ අයාලේ යන සත්තු අපමණ සිටියත් මිනිසුන්ගේ අනුකම්පාව නිසා හිරිහැර විඳිමින් හෝ ජීවත්වෙති. (නි)
බල්ලෙක් මැරුව එක වරදක් හැටියට සළකා දඬුවම් කළා නම් ඒ බල්ලාගේ ආදාහනය සිදු කළයුත්තේ (අයිතිකරුවෙකු ඉදිරිපත් නොවෙනවා නම් ) රජයෙනුයි. ඒ කියන්නේ පොලිසියෙනුයි. මේ සිද්ධිය උසාවියකට ගෙන ගියා නම් පොලිසිය අවඥාවට ලක්වෙනවා (නි)
බල්ලෝ හරක් පාරට එවන අයටත් දඬුවම් දෙන්න. දඩාවතේ යන බල්ලන් හා අයාලේ යන හරක් නිසා මිනිස්සු ගොඩක් අමාරුවේ වැටෙනවා. (නි)
මේක නම් ඉතාම හොඳ පාඩමක් (නි)
රියදුරාට දෙවියන් සිහිවෙන්න ඇති (නි)
පොලිසිය ඉතා කාර්යක්ෂමයිනේ (නි)
දඩ කොලේ කොතනද ඔය රුපියල් පන්දහේ දඩේ තියෙන්නේ ඔහොම දඩයක් ගහන්න පුළුවන් උසාවියට විතරයි (අ)
අබය, මම දන්නා හැටියට දියුණු රටක් වූ ඇමෙරිකාවේ සත්ත්ව හිංසාව බරපතල වැරැද්දක්. අනාථ වූ සතුන් හදාවඩා ගන්න ආයතන තියනවා. අයාලේ යන බල්ලෝ බළල්ලු එහෙ නැහැ. කවුරුහරි ඉන්නවා නම් දැනගන්නත් එක්ක අහගන්න. (නි)
එතකොට මේ මුදල් සතුන් වෙනුවෙන් වියදම් කරනවද? එළුමස් වෙනුවට බලුමස් විකුණන අයට එහෙම දඬුවම් කරන්නේ නැද්ද? (නි)
හත් දවසේ දානේ කවදාද දන්නේ නැහැ...
අබය, මෝඩ කතා කියන්න එපා. සත්ත්ව ඝාතනය නවත්වන්න පුලුවන්නම් ලොකු දෙයක්. මිනිසාගේ අවශ්‍යතාවය කියන එක නොවෙයි ඔතන තියෙන්නේ, මිනිසාගේ ජිවනෝපාය කියන එකයි. (නි)
ලංකාවෙත් සත්ව හිංසන පනතක් තියෙනවා. නමුත් එක කොච්චර ක්‍රියාශීලිද කියල දන්නේ නැහැ. නමුත් මේක බොහොම හොඳ ආදර්ශවත් දෙයක්. සතෙක්ට වුණත් ජීවත්වීමේ අයිතියක් තිබිය යුතුයි කියලා හැමෝටම අවබෝධයක් තියෙන්න ඕනෑ (නි)
සම්පුර්ණයෙන් අසාධාරන දඩයක්. අනතුරක් වළක්වා ගැනීමට නොහැකිවීමට දඩ නිකුත්කිරීම මඟින් නිවැරදිව ගමන් ගන්නා පුද්ගලයාට අසාධාරනයක් සිද්ධවේ (නි)
මහපාරේ යන බල්ලෝ ගැන කතා කරනවා නම්, ලෝකයේ පළමුවෙනි තැන තියන රට තමයි ශ්‍රී ලංකාව. මහපාරේ මනුස්සයෙක් හොයාගන්න එක මේ කාලේ ලේසි නැහැ. (නි)
අබය, ඔයා යුරෝපීය රටකට ඇවිල්ලා තියෙනවද?
කැකිල්ලේ තීන්දුවක්. සත්වයින් ආයාලේ යවන අයට දඬුවම් කරන්න. බොහෝ රියදුරන් අනතුරු කරගන්නේත්, මෝටර් සයිකල්කරුවන්ට අනතුරු වන්නේත් මේ වරදින් (නි)
අපරීක්ෂාකාරීව බස් එළවන්නන්ට කණේ පහරක් (නි)
මාර කතාවක්නේ මේ.(හේ)
කැනඩාවේ පාරේ ඉන්න සතකුට බ්රේක් ගැහුවොත් ඩොලර් 150 ක් දඩ. (හේ)
එතකොට මිනිසෙක් බසයට යට වුනොත් (හේ)
ලෝකයේ බොහොමයක් දියුණු රටවල් වල සතුන්ගේ සුභසාධනය වෙනුවෙන් නීති තිබුනත් ලංකාවේ තත්ත්වය කණගාටුදායී. හිතාමතාම අසරණ සතුන්ව යට කරන රියදුරන් ලංකාවේ ඕනෑතරම් ඉන්නවා. පොලිසියට ස්තුතියි. (නි)
දඩාවතේ යන බල්ලන් රකින්න ගිහිල්ලා බස් එකේ යන මිනිසුන්ට පාරේ යන අනික් වාහන වලට අනතුරක් වුණොත් වගකීම පොලිසිය බාරගන්නවද. මිනිස්සු බේරගන්න බල්ලෝ එකෙක් නොවෙයි 10 වුණත් මම මරාදානවා. බල්ලන් බේරාගන්න ගිහිල්ල රියදුරන් කොපමණ අනතුරු කර තිබෙනවද. (නි)
හොඳ වැඩේ හැමදාටම මතක හිටින්නම (නි)
කොහොමද රු 5000.00 තීරණය කලේ? කොහේ තියෙන නීති පොතක්ද? නිවට, නුගත් මිනිස්සු දුටුවම, නිල ඇඳුම් කාරයෝ හරි ඉහල යනවා! (අ)
දඩ ගහලා තියෙන්නේ අනතුරක් වළක්වා නොගැනීම කියන වරදට. බල්ලාව වළලන්න කියන්න ඇත්තේ මහජන පීඩාවක් නිසා. (නි)
අහනත් සතුටුයි. කණගාටුව නම් මිනිස්සු අමු අමුවේ මරපු මිනීමරුවෝ තාමත් නිදැල්ලේ. (නි)
එතකොට ඔය බල්ලාගේ අයිතිකාරයටද මුදල ලැබෙන්නේ? බල්ලා පාරට දාපු, බලු ස්වාමියාට දඩ කොළ නැද්ද ? (නි)
මේක පිස්සු වැඩක් .... බල්ලා බේරන්න ගිහින් බසය පෙරලීමට හෝ අනතුරකට ලක්වීමෙන් මිනිස් ජීවිතවලට හානි සිදුවුවහොත් එ්කට වග කියන්නේ කවුද? අපිත් ලංකාවේ වාහන එලවනවා, දඩාවතේ යන බල්ලන් හා අයාලේ යන හරක් වගේම සම හරක් මිනිසුන්ගෙන් බේරී ගෙදර යන එකේ අමාරුව අපිට තමා දන්නේ .....(බ)
දැන් පොලිස් කාරයෝ පාර අයිනේ ඉන්න බල්ලෝ පාරට එලවිද දන්නේ නෑ වාහන වල හැප්පුනම ලොකු දඩයක් ගහනවා කියල හොද ගානක් කඩා ගන්න.(බ)
මේක නම් බොහොම හොඳයි (නි)
අභය හිතන් ඉන්නේ මැදපෙරදිග කියන්නේ ලෝකයේ දියුණු රටවල් කියල. (අ)
ලෝකයේ දියුණු රටවල සතුන්ට කියල සුබසාධනයක් නැහැ. ඔවුන් මිනිසාගේ යහපත පමණක් ගැනමයි හිතන්නේ. අපිට මතුපිටින් පෙනෙන දේ අභ්‍යන්තරයේ නැහැ. (නි)
සතුන්ටත් හිරිහැර නොවන ලෙස කටයුතු කරන එක හොඳයි (නි)
අබය, මොකක්ද ඔබ ඔය කියන දියුණු රට? අපි දන්නා තරමට නම් දියුණු රටවල ආවට ගියාට සතුන් ඇතිකරන්නත් බැහැ. කොටින්ම දිගු කාලයකට බල්ලෙක්ව ගෙදර දාලා කොහෙවත් යන්නත් බැහැ. බල්ලෙක් අරගෙන පාරේ යනකොට ඌ පාරේ දාන දේ පවා අයිතිකරු ඉවත් කළයුතුයි. (නි)