යෝජිත මනාලියක් බැලීමට කපුවකු සමග වැලිගම ප්‍රදේශයට ගිය කණ්ඩායමක් මුහුණ පෑ අපූරු අත්දැකීමක් පසුගියදා අසන්නට ලැබුණේ යෝජිත මනාලයාගේ පැත්තෙනි.
මේ නිවසට ගොස් සතුටු සාමීචියෙන් පසු උදෑසන තේ සංග්‍රහයද භුක්ති විඳීමෙන් අනතුරුව මනාල පාර්ශවයේ පියාට මේ කටයුත්ත පිළිබඳව මහා සතුටක් ඇතිවිය. දෙපාර්ශවයේම කතාබහ මැද පියා තම පුතුට කීවේ යෝජිත මනාලිය සමඟ නිදහසේ කතාබහ කරන හැටියටය.
දෙදෙනාම මද කෝලයකින් යුතුව කතාබහ ආරම්භ කළත් වැඩිපුර කතාවට දෙයක් නොවූයෙන් මනාලිය “ඔයාලගෙ තාත්තට නම් මෙහේ හොඳට හිතට අල්ලලා” කීවේ සිනාසෙමිනි.
“තාත්තා ආ හැටියේ ඉස්සරහ මිදුලෙ තිබුණු පොල් ගොඩ දැකල පුදුම වුණා. මට කිව්වේ නියම තැනක් කියලා.” මනාලයා කීවෙන් ඇයට දෙවියන් සිහිවිය.
“ඒව අපේ නෙමෙයි අනේ. වත්තේ මහත්තයා පොල් එකතු කරල තියල පස්සේ ගෙනියනවා.” ඇය කීවෙන් මනාලයාගේ ඇස් උඩ ගියාලු.
(තිහගොඩ උපසේන ලියනගම)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් කඩලා ගාලා දෙන්නම් කියලා තාත්තා හිතන්න ඇති (නි)
පොල් පොල් පොපොල් පොල් පොල්....... (නි)
මනමාලයාගේ ඇස් උඩ යන්නට අවශ්‍ය නැහැ. ඇය විවාහ කරගැනීමට සුදුසු අවංක තරුණියක් (නි)
සැබවින්ම ඇය අවංක තරුණියක් (නි)
හොඳ බිරිඳක් අවශ්‍යම නම් ධනය,වස්තුව ගැන හිතන්න එපා. ඒ වගේම බිරිඳගෙන් යැපෙන්න හදන්නත් එපා. බිරිඳව හොදින් රැක බලාගන්න බැරි නම් වැඩිය හොඳ කුමක්ද යන්න විවාහයට පෙර හිතාබැලීම හොඳයි. (නි)
ඇවිල්ලා තියෙන්නේ මනාලියක් බලන්න නෙමෙයි, දේපල බලන්න. අයියෝ මෙහෙමත් මිනිස්සු. (බ)