IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බලන්න ගියදාම මනාලියගේ උත්තරෙන් මනාලයා උඩගිහින්


 යෝජිත මනාලියක් බැලීමට කපුවකු සමග වැලිගම ප්‍රදේශයට ගිය කණ්ඩායමක් මුහුණ පෑ අපූරු අත්දැකීමක් පසුගියදා අසන්නට ලැබුණේ යෝජිත මනාලයාගේ පැත්තෙනි.


 මේ නිවසට ගොස් සතුටු සාමීචියෙන් පසු උදෑසන තේ සංග්‍රහයද භුක්ති විඳීමෙන් අනතුරුව මනාල පාර්ශවයේ පියාට මේ කටයුත්ත පිළිබඳව මහා සතුටක් ඇතිවිය. දෙපාර්ශවයේම කතාබහ මැද පියා තම පුතුට කීවේ යෝජිත මනාලිය සමඟ නිදහසේ කතාබහ කරන හැටියටය.


 දෙදෙනාම මද කෝලයකින් යුතුව කතාබහ ආරම්භ කළත් වැඩිපුර කතාවට දෙයක් නොවූයෙන් මනාලිය “ඔයාලගෙ තාත්තට නම් මෙහේ හොඳට හිතට අල්ලලා” කීවේ සිනාසෙමිනි.


 “තාත්තා ආ හැටියේ ඉස්සරහ මිදුලෙ තිබුණු පොල් ගොඩ දැකල පුදුම වුණා. මට කිව්වේ නියම තැනක් කියලා.” මනාලයා කීවෙන් ඇයට දෙවියන් සිහිවිය.
“ඒව අපේ නෙමෙයි අනේ. වත්තේ මහත්තයා පොල් එකතු කරල තියල පස්සේ ගෙනියනවා.” ඇය කීවෙන් මනාලයාගේ ඇස් උඩ ගියාලු.

 (තිහගොඩ උපසේන ලියනගම)



අදහස් (0)

බලන්න ගියදාම මනාලියගේ උත්තරෙන් මනාලයා උඩගිහින්

රාධා Tuesday, 24 January 2017 03:16 PM

පොල් කඩලා ගාලා දෙන්නම් කියලා තාත්තා හිතන්න ඇති (නි)

:       0       1

අබය Tuesday, 24 January 2017 10:52 PM

පොල් පොල් පොපොල් පොල් පොල්....... (නි)

:       0       0

අජිත් Wednesday, 25 January 2017 12:52 AM

මනමාලයාගේ ඇස් උඩ යන්නට අවශ්‍ය නැහැ. ඇය විවාහ කරගැනීමට සුදුසු අවංක තරුණියක් (නි)

:       0       11

සුධීර Wednesday, 25 January 2017 02:55 AM

සැබවින්ම ඇය අවංක තරුණියක් (නි)

:       0       6

ජනහිත Wednesday, 25 January 2017 04:01 AM

හොඳ බිරිඳක් අවශ්‍යම නම් ධනය,වස්තුව ගැන හිතන්න එපා. ඒ වගේම බිරිඳගෙන් යැපෙන්න හදන්නත් එපා. බිරිඳව හොදින් රැක බලාගන්න බැරි නම් වැඩිය හොඳ කුමක්ද යන්න විවාහයට පෙර හිතාබැලීම හොඳයි. (නි)

:       0       16

ප්‍රදීප් ලියනගේ Tuesday, 24 January 2017 02:35 PM

ඇවිල්ලා තියෙන්නේ මනාලියක් බලන්න නෙමෙයි, දේපල බලන්න. අයියෝ මෙහෙමත් මිනිස්සු. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site