ඔහු දකුණේ නමගිය වාස්තු විද්‍යාඥයෙකි. නිවාස සැලසුම් සකස් කර ගැනීම සඳහා සතර දික් භාගයෙන්ම විවිධ තරාතිරමේ මිනිසුන් නිවසට පැමිණෙන නිසා දවස ඉතාමත් අවිවේකීය. කෙසේ වුවද නැකත් ඇති දිනවලට නම් ඔහුට නම් ඉස්පාසුවක් නැත. අලූතෙන් තනන නිවෙස්වල පාද බෙදීම සඳහා විශාල ඇරයුම් ප‍්‍රමාණයක් ලැබෙන අතර ඔහුට සහභාගි වියහැක්කේ එක් ස්ථානයකට පමණි.
එහෙත් අනෙක් සේවාදායකයන්ගේ ඉල්ලීම අනුව ඔහු නිවෙස්වල වැඩ කරන ප‍්‍රධාන බාස් නිවසට කැඳවා අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකර එක් ස්ථානයකට පමණක් වාස්තු විද්‍යාඥයා යාම සාමාන්‍ය සිරිතකි. කෙසේ වුවද බල කරන්නේ නම් යා යුතුම වෙනත් ස්ථානවලට ඔහුගේ පුහුණුව ලද කෙනෙකු යවන්නේද මුදලක් පොරොන්දු වීමෙන් අනතුරුවය.
කෙසේ වුවද තම වත්කමේ හැටියට මේ කාර්යය සඳහා නිවෙස් හිමියන් විසින් මුදල් ගෙවීම සිදුකරයි. ඒ සඳහා රු. 10,000ක් වැනි මුදලක් ලබාදෙන අතර වත්කම් අනුව ලැබෙන මුදල ඊට අඩු වැඩි වන අවස්ථා ඇත.
පසුගිය දිනෙක මොහුට නිවෙස් විශාල සංඛ්‍යාවක ලණු ඇදිමට තිබුණද ඒ සඳහා කළුතර ප‍්‍රදේශයේ අයෙකු ඇවිටිලි කළ නිසා එම නිවසේ කාර්යය ඉටුකර දීමට මොහු සිතා ගත්තේය. අපේ වාස්තු විද්‍යාඥයාද රත්ගම ප‍්‍රදේශයේ සිට පෙ.ව. 6.00ට පමණ වාද්දුවට යා යුතු බැවින් රාතී‍්‍ර 3.00ට පමණ නැගිට අවශ්‍ය වතාවත් සිදුකර තී‍්‍රරෝද රථයකින් අදාළ ස්ථානයට හැරලවාගෙන ඒ සඳහා රු. 1500ක්ද ගෙවා දැම්මේය.
කෙසේ වුවද කාර්යය අවසන් වූ පසු නිවෙස් හිමියා විසින් බුලත් කොලයක ඔතා ”ඔබ තුමා මේ තුටු පඬුර බාරගන්න” යැයි අයදිමින් බොහෝ ගෞරවාන්විතව දෑතින්ම අල්ලා එය පිළිගැන්වීය. ගෘහ නිර්මාණ ශිල්පියාද දෙවරක් නොසිතා එම බුලත් කොළය අඩංගු මුදල සාක්කුවේ බහාගෙන රත්ගම ප‍්‍රදේශයට පැමිණ නිවසට අවශ්‍ය අඩුම කුඩුම ටිකක් මිලට ගැනීම සඳහා වෙළෙඳසැලට ගොඩ වැදී රු. 5000ක පමණ බඩු මිලදී ගෙන බුලත් කොළය දිග හැරියේ බිල ගෙවා දැමීමටය. ඒ තුළ රු.200ක් තිබිණි. ඔහුට ඉබේම දෙයියෝ සාක්කි යැයි කියැවිණි. සාක්කුවේ මුදල් තිබූ නිසා බිල ගෙවා දමා බේරාගෙන නිවසටවිත් ඇඳට වැටුණේ කිසියම් පාඩමක් ඉගෙන ගත්තා යැයි සිතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ සාස්තරේට මෙහෙම නිගරු කරන අයගේ තැන් වලට ආයෙත් නම් යන්න එපා (නි)
මෙතන කල්ලිවාදය මම සම්පුර්ණයෙන්ම අනුමත නොකරමි. ඇත්තෙන්ම හෙලා දකිමි (රේ)
මේකේ අනිත් පැත්තත් මේ වගේම තමයි. මෙහෙම සේවාවන් සපයන උදවියත් හතර අතේ ගසා කනවා. මගේ ඥාතියෙකු පිටරට ඉන්න ගමන් බත්තරමුල්ලේ අලුත් ගෙයක් හදනවා. වස්තු විශේෂඥයා , අයිතිකාරයා ඉන්නේ පිට රටක කියලා සාමාන්‍ය ගාස්තුව වගේ පස් ගුණයක් අරන්. එක අහු වුනේ අපි දන්නා වෙනත් දෙන්නේකුටම අර මුදලට වඩා අඩු ගාස්තු අරන් . ඉන් එක්කෙන්කුගේ ගෙදර අර මුලින් කියපු ගෙදරට වැඩිය දෙගුණයක් විශාල එකක්. (රේ)
චන්දි, ඔය වෙන රටක ඉදලත් තම ඕවට රැවටෙනවනේ. ලිඳ තියන තැන තියෙන්න අරින්න. ඔය දේවල් හරිනම්,ලංකාව ලෝකේ දියුණුම රට වෙන්න ඕන, නැකත් බලන තරමට....(රේ)
මටත් මෙහෙම වේද වෙලා තියෙනවා ටියුසන් කරන්න ගිහින් විශ්වවිද්‍යාලෙ ඉන්න කලේ මොකක් කරන්නද ? (ම)
නමගිය කෙනෙකුට,ඒත් දුරක ඉඳන් තමන්ගේ අතින් වියදම් දරාගෙන සේවයට අපු කෙනෙකුට සේවා ගාස්තුව වශයෙන් රුපියල200ක් දුන්නේ ඇයි කියලයි මම කල්පනා කලේ.ලංකාවේ කෙටිම දුරක් ත්‍රීවීලර් එකකින් ගමන් කරන්නත් ඔවැනි මුදලක් නේද අය කරන්නේ...?(රේ)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ඕස්ට්‍රේලියාවේ සමාගම් හිමියෙක් ලංකාවේ සුඛෝපභෝගී (බුටික් )හෝටලයක නවාතැන් ගෙන පිටව යනවිට සාම්ප්‍රදායිකව දෙන 'ටිප්' එක අඩංගු කවරය විවෘත කරද්දී හැමෝම වටවෙලා බැලුවාලු. මොකද එයා කොතරම් ලොකු ධනවතෙක්ද කියන එක හෝටලයේ කළමනාකාරිණිය දැන සිටි නිසා සියලුම දෙනා ලවා ඔහුට ඉහලින්ම සැලකිලි ලබා දුන්න නිසාලු . ඩොලර් පනහක් ඒකෙ තියනවා දැක්කාම කාටත් අනේ අපොයි කියවුනාලු . (රේ)
ඉතින් දැන් මේකේ පැහැදිලිව ලියලා තිබෙනවානේ නිවාස හිමියන් තමන්ගේ වත් කමේ හැටියටයි මුදලක් දෙන්නේ කියලා. කවුද දන්නේ එදා අර මනුස්සයා සන්තකට තිබුනේ අර කියපු ගණන විතරයිද කියලා . (රේ)
ගෙයක් හදන්න යන වියදමටත් වැඩිය සැරයි වාස්තු විශේෂඥයාගේ සහ නැකත්කාරයන්ගේ ගාස්තුව.! (රේ)
මුදලට ගිජු බව සහ ඒක කියාගන්න බැරි ලැජ්ජාව තමා මේකට මුල. අපි සාස්තරේ මුදලට විකුනන්නේ නැහැ කියල පෙන්නන්න හදන ගමන් යටි හිතින් මුදල් බලාපොරොත්තු වෙනවා. ඒකනිසා ලැබිච්ච රු200/= සතුටත් නැති වෙලා දීපු මනුස්සයට හිතින් වයිර කර කර යනවා. (රේ)
අජිත් ඔයාගේ කියමන හරියට හරි.මම දැන් අවුරුදු 7 කට ඉස්සෙල්ල ගෙයක් හැදුවා කවුරුත් විස්වාස කරාවිද මන්දා මම කිසිම නැකතක් බැලුවේ නෑ.සමහර බාස්ල කැමති නෑ නැකතක් නෑ කියනවට ඒ නිසා මම මගේ හිතේ තිබුන වෙලාවක් කිවා නැකත් වෙලාව කියල. ඒ වෙලාවට මුල් ගල තිබ්බා.අනේ කිසිම අවහිරයක් නැතුව වැඩේ හොදින් කෙරුණා.මම මේ කියන්නේ හැමෝම එහෙම කරන්න ඕනේ කියල නෙමෙය් .මේක මගේ අදහස විතරයි...(රේ)
අජිත්, මට ඔයාට උත්තර දෙන්න පුළුවන්. ඒත් දෙන්නේ නැහැ (නි)
මුස්ලිම් අයත් ගෙවල් හදනවා නමුත් නැකත් බලන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා උදේම මුල්ගල් තියලා වැඩ පටන්ගන්නේ. (ර)
මම මොනවා කියන්නද සිසිල්, එක එක නම් ඔයාලම ලියනවා. ඔයාලම උත්තරත් දෙනවා. අපි අපේ පාඩුවේ වැඩපල වල යෙදිලා ඉන්නවා. ඇති වෙනකන් ලියන්න මදි නොකියා.අපේ මොකෝ? මම මුකුත් කියන්නෙ නැහැමයි, හිත රිදෙන කතන්දර බොහෝමයි, ඔබලා තේරුම් ගන්නට බැහැමයි, එනමුත් එසැණට මං එනවාමයි... (නි)
ගෙවල් හදන කොට නෑකත් බලන එක අවශ්‍ය දෙයක් නොවේ කියන එක මගේ හැගීමයි,මොකද මම මගේ ගෙදරට කිසිම නෑකතක් බෑලුවේ නෑ. (බ)
අනේ චන්දී, මට ඔයාගෙන් උත්තරයක් ඕනෑමයි. මම බලා ඉන්නවා හොඳේ (නි)
දැන් හදපු ගෙයක අඩු පාඩු හෝ හොද නොහොද බලන්න ආවත් රු..1000.// ගන්නවනේ මමත් මේ සැරේ ලංකාවට ගිය වෙලේ කෙනෙක් ගෙනත් ගේ බැලෙව්වා රු.1000ක් ගත්ත ගෙදර ලිද කපල තියෙන්නේ ගෙට ගිනිකොනින් කියල ලිද වෙන තැනකින් කපන්න කිව එයින් මට අපලයි කියලා. කෝ ඉතින් මේ වැස්ස නිසා තාම බැරි උන්න ලිද වෙනස් කරන්න රු 200ක් කොහොමත් මදියි තමා (අ)
දන්නා දෙයට වඩා නොදන්නා දේ බොහෝය. එනිසා මිනිසුන්ට පහන් සිත් ඇතිකරවන, පරිසරයට හානිදායක නොවෙන විදියට, නැකැත් අනුව ගොඩනැඟිලි ඉදිකිරීම් ආරම්භ කිරීමේ වරදක් දැනට නම් මට පෙනෙන්නේ නැහැ. (නි)
චන්දී,ඔයා බය නැතුව අජිත්ට උත්තර දෙන්න.අජිත් මොනවා කිවුවත් තරහා වෙන්නේ නැහැ. (නි)
"එකදා නියං හැමදා වැහි වළාවේ " කියලාවත් දැන් ඒ කියමන වෙනස් කරගනිමු නේද?
තම සේවාවට නිමිත ගාස්තුවක් අයකරන්නේ නම් මවැනි අකරමැදී තැන් වලට උහු වන්න පෑමට සිදුවන්නේ නැත (රේ)
මේක තමයි අපේ රටේ කරුමය. කෙනෙක් තමන්ගේ දැනුමෙන් රටට බරක් නොවී ජීවත්වෙන්න උත්සාහ කරනකොට කොහොමහරි කරලා ඒ මිනිහව වට්ටන්න බොරු කරන්න වංචා කරන්න තමයි අපේ රටේ බොහෝ අය පුරුදුවෙලා ඉන්නේ. ඉතින් මේකට ඊර්ෂ්‍යාව කුහකකම නොකියා වෙන මොනවා කියන්නද? (නි)
නැකැත්කාරයන් මිනිසුන්ගෙන් හම්බ කරගෙන ගොඩ එන හැටි ලස්සනට පෙන්නුම් කරන ටෙලි නාට්‍යයක් මේ දිනවල ප්‍රචාරය වෙනවා. එක බැලුවාම හොඳට වැටහෙනවා එයාලගේ චරිතාපදානය. (නි)
අද කාලයේ ඕනෑම සේවාවකට අදාළ ගාස්තුව කලින් කතා කර ගන්නවා. එහෙම නැතිව කොහොමද තමන් හිතන් ඉන්න ගාස්තුව අතමිට මොලවාවී කියලා බලාපොරොත්තු වෙන්නේ. සමහරවිට මේ ලෝභ සේවා ලාභියා නෙවෙයි නියමිත ගාස්තු ගෙවන්න කැමති වුනත් හරියට කලින් නොකිව්වා නම් එදාට කොහොමද නියමිත ගාස්තුව දන්නේ ? (බ)