අලූත්ම මෝටර් රථයක් රාති‍්‍ර නවයට පමණ මාර්ගයේ වේගයෙන් පැමිණ ඉද්ද ගැසුවාක් මෙන් නතර විය. කඩවසම් තරුණයෙක් සමග තරුණියක් රථයෙන් බැස පිටුපස රෝදය පරීක්ෂා කරන්නට වූහ. අසල ආයතනයේ සේවයේ යෙදී සිටි ආරක්ෂක නිලධාරින්ව දුටු තරුණයා ඔවුන් අමතා, ”පැච් එකක්. රෝදේ ගලවලා හදාගෙන එනකන් පොඞ්ඩක් බලා ගන්න පුළුවන්ද? ඒකට මම ඔයාලට ගෙවන්නම්” යැයි කීය.
”හරි සර් අපි බලාගන්නම්” යි පැවැසූ ආරක්ෂක නිලධාරියෙක් රෝදය ගැලවීමට උදව් වුවාට පසු තරුණයා සහ තරුණිය බජට් ටැක්සියකින් පිටත් වූහ. ආරක්ෂක නිලධාරින් තිදෙනාගෙන් දෙදෙනෙක් රාජකාරියේ යෙදී සිටි අතර රාජකාරියේ නොයෙදුනු අනෙකා, ”ෂුවර් එකටම හොඳට බර තියෙන පොරක් දැක්කද දාගෙන හිටපු රත්තරං මාලේ. කඹයක් වගේ. අඩුම ගානේ අපිට රුපියල් දාහක්වත් දෙයි” යැයි පැවැසීය. පැයක් ගතවිය.
මේ අතර රාති‍්‍ර සංචාරක නිලධාරියා පැමිණෙනු දුටු දෙදෙනා වහා තම රාජකාරි ස්ථානවලට ගියහ. තොරතුරු ලේඛනයේ සටහන් යෙදු ඔහු අඩ හෝරාවකින් පිටව ගිය විට ආප්ප රැගෙන පැමිණි මිතුරකු, ”සර් කීයක් දුන්නා දැ”යි විමසීය. ”මොන සර්ද?” අයෙක් ඇසූවිට, ”ඇයි බං කාර් එකේ බොසා කීයක් දීලා ගියාදැයි නැවතත් විමසීය. මෑන් ආවේ නැහැ. මිතුරෝ කීහ. ”එහෙනම් කෝ කාරෙක?” යැයි විමසූ විට අනෙක් දෙදෙනාට තරු පෙනුණි. පාරේ තිබූ මෝටර් රථය පිටවගොස් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කවුරුහරි පුලුවන් නම් මටත් ටිකක් කිති කවලා දුවන්නකෝ... හිනා යන්නෙම නැහැනේ (නි)
ඔය මොනවා කිව්වත් ඔය තුන් දෙනාගෙන් කාටහරිම සල්ලි දීලා තමයි ඒ මනුස්සයා ගිහින් තියෙන්නේ. අනෙක් අයටත් පංගුව දෙන්න වෙයි කියලා බයට බොරු කියනවා. ආයතනයේ නවත්වල තිබුණු කාර් එක අරන් යනකන් දන්නේ නැති ආරක්ෂකයෝ මුළු ආයතනයම උස්සගෙන ගියත් දන්නේ නැතිවෙයි. අනෙක සද්දයක් නැතිව කාර් එකක් යනවා නම් ඒක පාපැදියක් වෙන්න ඇති. (නි)
වාහනය බලා ගන්නවා කිව්වට ආපහු එනකොට කවුරුවත් වාහනේ ළඟ නොහිටපු නිසා රෝදෙ දාගෙන යන්න ඇති. (නි)
උදවුවක් කර ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තුවිමත් වැරදියි. උදවුවක් කළ අය මගහැර යාමත් වැරදියි. කවුද හරි? (නි)
අපරාදේ අර රාත්‍රී සංචාරක නිලධාරියා නිසානේ ගතමන්ට් එක නැති උනේ ඒ නිසා ඒ අයට අල්ලාගෙන ගහන්න තිබුනේ. ඕව අපේ රටේ සුළු දේවල් නේ. (අ)
කරිජ්ජ තිබහට බොන්න බැහැනේ මල්ලියේ. (නි)
පහන් !! කොහොමද ගැහැණුන්ගේ මොලේ (හැඳි මිටේ තරම්ද ) මොනා වුනත් ඔයාගේ කතා නම් නියමයි හරිම ආසාවෙන් කියවන්නේ.තව ලියන්න හොඳේ .. කටා මාමේ, අර කතාවේ එන සිකුරටි මාමා ඔයාවත්ද ...?මිනීවල බෙදා ගනන්නවයි කියලා දිව්වේ ඔයාද අය්යෝ !!!! (ස)
ඇත්තටම කවුද මේ කාර් එකේ හිටපු කපටි ජෝඩුව? අනේ අපේ ලංකාදීප පුවත් පතට අදහස් ලියන අය පොඩ්ඩක් විපරම් කරලා බලන්නකො. (නි)
අපොයි... මේ මගේ කතාව නේ... ඉතින් මං ඔතන හිටපු කළු මහත කෙනාට සල්ලි දීලයි ගියේ... (ස)
පහන්, ෂෝක් කතාව. ස්තුතියි. නියම අදහසක්. අනිත් දවසේ මටත් අත්හදා බලන්න පුළුවන් (නි)
පහන් කියූ වයින් කතාව නම් හොඳයි. මිනිහා පොලිසියට ඇත්ත කතාව කිවුවොත් නම් නියමයි. ඩිකියේ වයින් බෝතල් දමා රිය පැදවූ රූමතියේ, ඔබේ ඇඟිලි සලකුණු කෙලෙසද ආවේ බෝතලයට? (නි)
මහත්තයා පැච් එක දාන්න යනකොට නෝනා කොහෙද හිටියේ. මාර ජංජාලයයි. (නි)
කටා මාමා ඔබේ කතාවට මම කැමැතියි.(නදී)
මනුස්සයෙකුට කරදරයකදී උදව්වක් කරලා එයට ප්‍රතිඋපකාර බලාපොරොත්තුවෙන එක කැතයි...ලංකාවේ අද වනවිට මිනිස්කම් කොච්චර හෑල්ලු වෙලාද කියනවා නම් උදව්වට ප්‍රතිඋපකාර නොකළැයි චෝදනා කරලා.අහෝ රටකට ගිය කලක්! (නි)
වාහනේ ගෙනගියේ වාහන හිමියානේ....ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. නමුත් "අපි යනවා.....වාහනේ හදාගත්තා..බොහොම ස්තුතියි" කියලා ගියා නම් තමා හොද....... (නි)
අපි ගැනත් මොනවා හරි ලියමුකෝ (නි)
අපි හිතුවේ රූපවතී අක්කා වින්නඹු විභාගයට පාඩම් කරන්න යාලුවෙක්ගෙ ගෙදර ගිහිල්ලා කියලා. (නි)
මට නම් හිතුනා, දිසා වැවලඟට වෙලා රූපවතී නාන හැටි බලාගෙන ඉන්නකොට කොයි වෙලාවේ හරි ඕක අරගෙන පනිනවා කියලා. මම කොච්චර සෙල්ලම් දැම්මත් නිකන්වත් මා දිහා බලන්නේ නැහැ. හොදම වැඩේ.(නදී)
පහන් කියපු කතාව සිද්ධ වුණා. රටේ මතට තිත නැහැ වගේම ලංකාවේ නම් ගැහැනුන්ට ඔය සෙල්ලම් දාන්න බැහැ. මෙහෙ වාහන ඩිකියෙන් හම්බවෙන්නේ කසිප්පු (නි)
එතන හිටපු සිකුරුටි ගාඩ්ට රුපියල් 500ක් දීලා යන්න ඇති අනිත් කෙනාටත් දෙන්න කියලා...... (නි)
දවසක් හොරු දෙන්නෙක් කළුවරේ පුවක් මන්ඩියකින් හොරෙන් ගෝනියක් පිරෙන්න කඩාගෙන අරන් යනගමන් පාලු සොහොන් පිටියකට තාප්පෙන් පැනලා පුවක් ටික දෙන්නට බෙදා ගන්නවලු, හීන් හඩින් උඹට එකයි මට එකයි කියමින්, මේ ජාමේ ඒ අසල දෙවට පාරේ වැඩ ඇරිලා ගෙදර යන සිකුරිටි මල්ලියෙක් මේක ඇහිලා දුවලා පණ කඩාගෙන, දුවද්දී පොලිසියේ රාළහාමිට අහුවෙලා, සොහොනේ යක්කු මළමිනී බෙදාගන්නවා ඇහිලා බයට දුවන්නේ කිවුවත් පිළිඅරගෙන නැහැ. බොරුද බලන්න බය වුණ තැනට එද්දී හොරෙක් කියනවලු තාප්පෙන් එහා පැත්තේ දෙකට මොකද කරන්නේ කියලා. ඇසුන සැනින් ගිය දෙන්නා ගම කඩාගෙන දුවලා බයට. හොරා කියලා තියෙන්නේ පුවක් ගෝනිය තාප්පෙන් එහාට දානකොට මෙහාට වැටුණු පුවක් ගෙඩි දෙකක් ගැන. (නි)
මේක කියවලා මම දෙපාරක් විතර කිති කවා ගත්තා ඕං.. (නි)
මගේ වාහනය තමයි මේ සිද්ධියට මූනදුන්නේ. මම රෝදේ පැච් එක දාගෙන එනකොට කවුරැවත් එතන හිටියේ නැහැ. ටික වේලාවකින් වෙන ආරක්ෂක මහතෙක් ඇවිත් කලින් හිටපු අය ඹ්ප් වෙලා ගියාකියලා කිව්වා. කට්ටියම එකතුවෙලා තේ බොන්න කියලා මම රැපියල් දාහක් දීලයි ගියේ. එහෙනම් මිනිහා සල්ලි තනියම ගන්න ඇති. (අ)
කටා මාමේ. ගොඩක් ස්තුයි ඔයාගේ කතාවට. මට උදෙන්ම හිනා වැලයි ඒකට. මමත් හරි ආසයි හොල්මන් කතන්දර අහන්න. මම කුඩා කාලේ කිරි අම්මට කරදර කළා අද වගේ මතකයි හොල්මන් කතන්දර කියන්න... කියල..?(නදී)
කටා මාමා ලස්සනයි, හොරෙකු නිවසකට ඇතුළු විය ගිනි අවිය පෙන්වා මෙසේ කීය ''ඔබේ සියලුම මුදල් මේ මේසය මත තබන්න ''ගෙහිමියා මෙසේ කීය. මම අහවල් දෙසපාලන පක්ෂේ ඇමතිවරයෙක් '' සොරා නැවත මෙසේ කීය. ''මගේ සියලුම මුදල් මේ මේසය මත තබනු '' (ස)
පත්තරේ දාන්න තරම් දෙයක් නෙමේ (අ)
පතිරණ මත්තය හොදට රස කතා ලියන්න දන්නවනේ. (අ)
රූමත් කාන්තාවක පදවාගෙන පැමිණි රථය, තවත් මිනිසෙකු පදවාගෙන පැමිණි මෝටර් රථය හා ගැටුණි .වාහන දෙකටම විශාල හානි සිදුවී තිබුනත් දෙදෙනාටම කිසිදු හානියක් සිදුවී නොතිබුණි .ගැහැණිය මිනිසා හා කතාවට වැටුණි ''අපි අදහන ආගමේ නාමයෙන් අපි බේරුනා නේද ''ඒක නම් ඇත්ත මිනිසා පැවසීය ''අපි දැන් හොඳ මිතුරන්. ඩිකියේ ඉස්තරම් වයින් බෝතලයක් තිබුණා නොබිඳි තියේ නම් වාසනාව. වයින් බෝතලය නිරුපද්‍රිතව තිබුණි. ඇය ඔහුට එය පිළිගැන් විය. බෝතලය හිස්කළ මිනිසා තවත් වයින් ඇතිදැයි විමසීය. ගැහැණිය ජයග්‍රාහී ලීලාවෙන් මෙසේ පැවසීය. වයින් නම් නැහැ. ඇල්කොහොල් සඳහා වන පරීක්ෂණය පොලිසියෙන් තව ටිකකින් කරාවි. (ස)