(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අල්ලපු ගෙදර බල්ලා රාති‍්‍ර කාලයේ නොකඩවා බුරන නිසා පාඩම් කිරීමට බාධා වෙන බැවින් පියවරක් ගන්නා ලෙස උපාධි අපේක්ෂිකාවක ග‍්‍රාම නිලධාරිවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ බල්ලාගේ බුරන ශබ්දය නොඇසෙන්නට නම් ඉයර්ෆෝන් යුගලයක් පාවිව්ච් කරන ලෙස දැන්වූ පුවතක් අලව්ව ප‍්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවේ.
ළඟදීම අවසන් වසරේ විභාගයට පෙනී සිටීමට නියමිත උපාධි අපේක්ෂිකාවගේ නිවසට යාබඳ නිවසකට අලූතින් බල්ලකු ගෙන ආවේ මෑතකදීය. දහවල් කාලයේ නිදහසේ නිවස තුළ සැරසරන බල්ලා රාති‍්‍රයේදී නිවසින් පිටත වැට මායිමට ආසන්න තැනක බැද දැමීමට නිවැසියෝ කටයුතු කළහ.
දහවල නිවී සැනසිල්ලේගේ ඇතුළත ගතකරන බල්ලා රාති‍්‍රයට කාන්සිය මකා ගැනීමට නිතර මහ හඬින් බුරන්නට වීම අසල්වාසීන්ට කරදරයක් විය. වැඩිපුරම කරදරයකට පත්වූයේ රාති‍්‍ර කාලයේ පාඩම් කරන උපාධි අපේක්ෂිකාවටය. නිවැසියන්ට මේ ගැන කීපවිටක්ම දැන්වූවත් පලක් නොවූ තැන ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිට පැමිණිලි කළේ වෙන කළ හැකි දෙයක් නැති තැනය.
ග‍්‍රාම නිලධාරි දිනක් සවස පැමිණ ගියාට පසුදින කිහිපයක් බල්ලා නිවස ඇතුළත තබා ගැනීමට නිවැසියන් පියවර ගත් අතර කාටවත් කරදරයක් වූයේද නැත. දින කිහිපයක් ඇවෑමෙන් යළිත් බල්ලා සුපුරුදු ලෙස නිවසින් පිටත බැද දමන්නට වූ අතර උගේ බිරුම් හඬ රාති‍්‍ර පුරාම ගිඟුම් දෙන්නට වූයේය. මේ බල්ලා බැද දමන ස්ථානයත් තරුණිය පාඩම් කරන නිවසත් අතර දුර ප‍්‍රමාණය මීටර් හත අටක් තරම් සමීපය.
නැවත ඇතිවූ බලූ බිරුම් කරදරය ගැන තරුණිය ග‍්‍රාම නිලධාරිට දැනුම් දුන්නේය. ඒ ගොල්ලො බල්ලට කටකලියාවක් දාන්නම් කිව්වා. ඒක බල්ලාට කරදරයක් බව පැවසූ ග‍්‍රාම නිලධාරියාගෙන් ලැබුණේ අපූරු උපදෙසකි. ‘‘ ඕව නවත්වන්න නීතිරීති නැහැ. බල්ලා බුරන එක කරදරයක් නම් ඔයා ඉයර්ෆෝන් දෙකක් කනේ ගහගෙන පාඩම් කරන්න’’ එසේ පාඩම් කරන්නේ කෙසේ දැයි කියා ග‍්‍රාම නිලධාරීවරයා තරුණියට කියාදී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති නැත්නම් නීති හදල හරි මේවා නතර කළ යුතුයි. තමන්ගේ බල්ලා අනුන්ට කරදරයක් නොවන සේ තබා ගැනීම හදන්නාගේ වගකීමක්. නිති නැත්තේ නහැ නතී තිබිය හැකියි හොයා බලන්න. ශබ්දවාහිනි, සංගීත. සතුන්ගෙන් ඇතිවන කරදරවලට නීතියෙන් පිහිට පැතිමට හැකියි.
මේවට නීතී නෑ කියන්නේ ග්‍රාම සේවක බොරුවට. මහජන පීඩාවල් ලෙස සලකා පියවරක් ගන්න කියලා ප්‍රාදේශීය ලේකම්ට පිටපත් දාලා ග්‍රාම සේවකට ලිපියක් යවන්න. ඒකට පියවර නොගත්තොත් රාජ්‍ය පරිපාලන ඇමති දක්වාම යන්න පුළුවන්.එහෙම නැත්නම් මහජන පීඩාවක් ලෙස පොලීසියේ පැමිණිල්ලක් දාන්න
මම එහෙමනම් පින් පව් බලන්නේ නැතුව බල්ලට වහ දානවා. හොඳින් කියලා තේරෙන්නේ නැත්නම් තේරෙන භාෂාවෙන් පිලිතුරු දෙන්න ඕනේ ලංකාවේ මිනිස්සුන්ට.
දැන් ඔය පිලිතුරු දෙන්නේ බල්ලටද මිනිස්සුන්ටද?
අනුන්ගෙ වත්තෙ ඉන්න බල්ලා බුරන එක නවත්තන්න ඉල්ලීමක් කරන්න පුලුවන්. නමුත් නීති කතා කරන්න බැහැ. බල්ලො බුරන්නෙ නැතුව අඩන්නද? ගෙදර දොර ජනේල හරියට සීල් කරලා හදා ගන්න. අනික බල්ලෙක් ගන්නෙ ගේ මුර කරන්නනේ. කනේ පුලුන් ගහ ගන්න පුලුවන් සද්දෙ අඩු කරගන්න. මෙතන බල්ලො මරන්න කතා කරන බෞද්දයොත් ඉන්නවා..
ධනුෂ්ක - නොතේරෙන සතෙක්ට වස දෙන්නේ මිනිසෙක් නොවන නිසා
ග‍්‍රැමොක්සෝන් දාපු මස් කට්ටක් දැම්මනම් සද්දෙ නවත්තගන්න තිබ්බා
ග්‍රාමසේවක ජරාවක් කාල බල්ලා අයිති කාරයාගේ ගෙදරින්. බල්ලට වහ දෙන්ඩ ඕන නෑ, උපාධි අපේක්ෂිකවත් ග්‍රාමසේවකට කියක් හරි දුන්න නම් හරි. (දැන් ඉතින් කරුණු කාරණා හරි හැටි දන් නැතුව කියවනවා කියන්ඩ එහෙම එපා)
මෙතන බල්ලාගේ ශබ්දයට වඩා අසල්වැසියා සමග තියෙන අමනාපයයි ප්‍රකාශවෙන්නේ. ලංකාවේ බොහෝ දෙනා අසල්වැසියා සමග අමනාපයි.
අපේ රටට හෙන ගහල තියන්නේ බහුතරයක් මිනිස්සු තව කෙනෙක් ගැන හිතන්නේ නැති හින්දයි. බල්ලා හදන්න ඕනි අහල පහල අයට කරදරයක් නොවෙන විදිහට.
අයියෝ ඕක සුළු දෙයක්නේ... මී පාෂාණම් ගාලා මස් කෑල්ලක් බල්ලට දාන්නකෝ...
සමන් ඔබ හරියට හරි. රැවුලයි කැඳයි දෙකම බේරා ගන්න බැරිය.
බල්ලව මරන්න තව බල්ලෝ සැලසුම් ඉදිරිපත් කරල තියෙනවා....
බල්ලෝ මරන්න දක්ෂයෝ ගොඩක් ඉන්නවා ඒ අතරින් ""සමන්"' නම් සුපර්..
බල්ලාට කතාකරන්න බැරි නිසා බුරන එක තමයි බල්ලාගේ ගතිය. ඉතින් ඕකට වස දෙන්න ඕනෙද අප්පා..? මිනිසාගේ පැරණිම මිතුරා, සමහරුන්ට හතුරා වෙලා. ඔය පොඩි දෙයක්වත් සමාදානයෙන් විසඳා ගන්න බැරිද අපේ මිනිසුන්ට..?
අපේ අසල්වාසියෙක් ඔය කියල තියෙන විදියට උන්දැට කඩා පනින බල්ලන්ට වස දෙන්න පුරුදු වෙලා හිටියා. බල්ලෝ කීප දෙනෙක්ටම මේක කරල තිබුණා. වස දාලා බව දැන ගත්තේ කටින් නිල් පාටින් සෙම වැටිලා තිබුණ නිසා. දරුවන් හිටපු නැති මේ මිනිහාගේ බිරිඳ දාලා ගිහින්. තනියම ගෙදරක හිටියේ. පස්සේ කාලෙක දවස් කීපයක් පේන්න හිටපු නැති නිසයි, ගෙවල් පැත්තෙන් අමුතු ගඳක් ආපු නිසයි වටේ පිටේ අය ගෙදර දොර කඩල බලන කොට මිනිහ මැරිලා නරක් වෙලා. වස බෝතලේකුත් ලඟ තිබුණා. පස්චාත් මරණ පරීක්ෂණයෙන් වස බීලා මැරිලා කියල ඔප්පු වුණා. මගේ ජීවිතේ මේ විදියට කර්ම විපාක විඳපු මිනිස්සු ගැන ඇසින් දුටු ඒවා සෑහෙන්න තියෙනවා.
"මෙතන බල්ලාගේ ශබ්දයට වඩා අසල්වැසියා සමග තියෙන අමනාපයයි ප්‍රකාශ වෙන්නේ." ධම්ම කොතනද ඔය අදහස ප්‍රකාශ වෙන්නේ කියලා කියන්න අපට බලා ගන්න. "ලංකාවේ බොහෝ දෙනා අසල්වැසියා සමග අමනාපයි." ඔන්න ඔය අදහස ඔලුවේ තියාගෙනයි ඔබ මේ පුවත කියවා තිබෙන්නේ. එතනයි වැරැද්ද...
thusha ලංකාවෙ සිටින මිනිසුන් බොහොමයක්ම කම්මලේ ඉන්න බල්ලෝ වගේ ඕනෑම සද්දයකට පුරුදුවෙලා තිබෙනවා ලොකු කියන එකාගේ පයින් පාරකට පුරුදුවෙලා තිබෙනවා. නමුත් සද්දවලට ඔරෝත්තු නොදෙන මිනිසුන් ඉන්නවා. ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය බල්ලෙකුගේ ජීවත් වීමේ අයිතියට වඩා වටිනවා.
"බමුණුආරච්චි හරි. බලු කරදරේට බල්ලට වස දීලා මැරුවා කියල හිතමුකෝ.. බල්ලා අයිතිකාරයා නිකම් ඉඳියි කියලා ඔයා හිතනවද? ඉතින් මහත්තයෝ මම කලින් කීවනේ මගේ නිදහසට බාධා කරනවානම් මමත් ඔනෙම් දෙකට ලැහැස්තී කියල. වාසනාවකට අපට ඉන්න අසල්වාසීන් එකිනෙකාට කරදර වන ආකාරයට ජීවත් වෙන්නේ නැත. අපි අතර ගනුදෙනුව තිබෙන්නේ මූනට මූණ හමු උනොත් සිනාසීම පමණය.
(මම මේ සිසුවිය නම් ඉයර්ෆෝන් දෙකක් කනේ ගහගෙන පාඩම් කරනවා. ඕක කනේ ගහගත්තම ලෝකේ පෙරළුනත් ඇහෙන්නේ නැහැ.) කවදා පාඩම් කරලද? නේද? ඉයර්ෆෝන් දෙකක් කනේ ගහගෙන බලන්න බල්ලෝ බුරන සද්දේ ඇසෙන්නේ නැද්ද කියලා.