පොලොන්නරුවට ආසන්න පිටිසර ගමක යුවතියකි. සතුනට ඉතාමත් ආදරය කළ ඇය, මගතොටේ සිටින බල්ලන්ට බළලුන්ට පවා කන්න දෙන්න කිසි විටකත් අමතක නොකළාය. තමන්ට කෑමට ඇති දේ පවා සතුනට ආහාරයට දීමෙන් ඉතාමත් සතුටු වූ ඇය, සතුනට ඇති කරුණාව නිසාම සිය නිවසේ ද සතුන් ඇති කළාය. පසුගියදා ඇගේ සැමියාගෙන් ඇයට අපූරු තෑග්ගක් ලැබිණි. ඒ ලස්සන බලු පැටවෙකි.
බලුපැටවා ආදරයෙන් රැකබලා ගන්න අතරතුර හදිසියේ රෝගාතුර විය. රාත්‍රි කාලයේ වූ නිසා සිය පියා ද සමග බලු පැටවාට බේත් රැගෙන ඒමට පශු වෛද්‍යවරයකු සොයා ගිය අතර, රෝගී බලු පැටවා පරීක්ෂා කළ වෛද්‍යවරයා ෆාමසියකින් ලබාගැනීමට බෙහෙතක් නියම කළේය.
හොඳින් රෙදිකඩක ඔතා ගත් බලුපැටියා තුරුළු කරගත් මෙම යුවතිය ෆාමසිය දෙසට පියමන් කළාය. ෆාමසිය අසල සිටි මැදි වියේ පුද්ගලයකු මෙම කාන්තාව දෙස විපරම් කර බලා සිට ඇය දෙසට හෙමින් පියමන් කළේ රාත්‍රියේ හමුවූ යුවතිය හා කතා කර හැඳුනුම්කමක් ඇතිකර ගැනීමේ අටියෙනි. එම යුවතිය ඇඟට තුරුළු කරගෙන සිටින දේ ගැන බැලූ ඔහු ඇගෙන් ඇසුවේ ඔය වඩාගෙන ඉන්න දරුවා ඔහොම ඔතාගත්තාම හුස්ම ගන්න පුළුවන් දැයි යනුවෙනි. ඇයට මද සිනාවක් පහළ විය. ඇය හෙමින් සීරුවේ ඔහුට ළං වී රෙදිකඩ ඉවත්කර තමන් ඔතාගෙන සිටින්නේ බලු පැටවකු බව පෙන් වූ විට එම පුද්ගලයා අයියෝ යනුවෙන් පවසා හෙමින් සීරුවේ එතැනින් මාරු විය.
(අරුණ එස්. කුමාර)
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
874
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බලු සෙනෙහසක්
සාමා Thursday, 01 September 2016 10:58 PM
නාකි විසේ ගෙටත් උසේ කිව්වලුනේ. (නි)
අනුරාධ Saturday, 03 September 2016 03:32 AM
ඇයගේ සත්ව කරුණාව අගය කරමි (රේ)
ධම්ම Friday, 02 September 2016 05:33 AM
බලුපැටියෙක් නොවී දරුපැටියෙක් වුණා නම් මැදිවියේ පුද්ගලයාගේ ප්‍රතිචාර කොහොම වෙයිද හිතාගන්න අමාරුයි. (බ)
ජයතු Sunday, 04 September 2016 08:28 PM
ඔය ලංකාවෙනෙ. එ්ත් සුරතල් සතුන් ගැන ඇමෙරිකාවේ තියන සෙනහස ගැන කවුරුවත් ගණන් ගන්නේ නැහැ. මොකද ඒක සාමාන්‍ය දෙයක් නිසා. සත්ව කරුණාව වැදගත් ගුණාංගයක්. (නි)