(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වසරකට පමණ පෙර මල්ලීත් බිරිදත් අක්කාගේ නිවසින් කැඳවාගෙන ගිය වයෝවෘද්ධ අම්මා රෝද පුටුවක තබා යළි අක්කාගේ නිවෙස අසල දමා ගිය පුවතකි මේ.

දරුවන් අට දෙනෙකු ලොවට දායාද කළ මවකි. සැමියාගේ වියෝවෙන් පසු මහගෙදර ජීවත්වුණේ අවිවාහක පුතු සමඟය. මේ මව නිතරම අසනීපයෙන් පෙළෙන්නට වීම නිසා වැඩිමහල් දියණියක සිය මව ඇගේ නිවෙසට කැඳවාගෙන ආයේය.
මේ අම්මා පුරා වසර හයකට වැඩි කාලයක් දියණියගේ නිවසේ කල්ගත කළේ සතුටිනි. අනෙක් දරුවන්ගේ උපකාර නොලැබුණත් අසල්වාසීන්ගේ සහාය ඇතිව තම අම්මා බලා කියා ගන්නට මේ දියණියට හැකිවූයේය.
මේ අතර වසරකට පමණ ඉහතදී බාල පුත්‍රයකු හා ඔහුගේ බිරිය ආවේ මව බලන්නටය. අම්මේ අපේ ගෙදර යමු. මම බලාගන්නම් ලේලිය තොදොල් වෙමින් කීවාය. මේ වනවිට වැඩිමහල් දියණියද තරමක අසනීපයෙන් පෙළෙමින් සිටි නිසා ඇගේ විරෝධයක් ද එල්ල වූයේ නැත.
පුතුගේත් ලේලියගේත් ඇවතුම් සැලකුම් මැද මේ අම්මා කල් ගත කළේ ටික කලක් පමණි. ඇගේ සියලු දේපළ මේ පුතුත් ලේලියත් ඔවුන්ට අත් කරගන්නට සමත්වූයේ මේ අතරය. සියල්ල අයිති කරගැනීමෙන් පසු පුතාත් ලේලියත් ක්‍රියාත්මක වූයේය. රෝද පුටුවේ සිටි අම්මා වාහනයක පටවාගෙන යළි පෙර සිටි නිවෙස කරා කැඳවාගෙන ආයේ අක්කාට මව බාර දෙන්නටය.
මේ වනවිට අක්කා නිවසේ සිටියේ නැත. ඇය ඇගේ අසනීපයට ප්‍රතිකාර ගන්නට ගිය බව අසල්වාසීන්ගෙන් දැන ගන්නට හැකිවිය. අම්මේ දැන් අක්කා එයි එතකන් මෙතැනට වෙලා ඉන්න කී පුතුත් ලේලියත් ආපසු ගියේ මව අක්කාගේ නිවසේ අගුපිලේ තනිකර දමමිනි.
පැය කිහිපයකට පසු නිවෙසට ආ ලොකු දුවට අම්මා දැක ගන්නට හැකිවිය. මල්ලීත් නෑනාත් කළ අපරාධය ගැන සැල වුණේ ඉන් අනතුරුවය. නැති බැරිකම් කෙසේ වෙතත් මේ දියණිය යළි අම්මාගේ රැකවරණය සලසන්නට කටයුතු කරන්නේ අසල්වාසීන්ගේද සහාය මතය. කෙසේ වෙතත් අම්මාගේ දේපළ අයිති කරගත් පුතුටත් ලේලියටත් විරුද්ධව ගම්පහ දිසාවේ පොලිසියකට පැමිණිල්ලක් කරවන්නට අක්කා කටයුතු කර ඇත.
2025 ඔක්තෝබර් මස 08
1708
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1428
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බාල පුතයි ලේලියි එක්වී අම්මාට අපූරුවට සලකලා