(තිහගොඩ - උපසේන ලියනගම)
පවුලේ ගැහැනු දරුවන් තිදෙනකුම ලබා සිටි ඔහු මෙවර පුතකු අපේක්ෂා කළ අතර රෝහලේ හිතවතකු ඔහුට කීවේ බිරියට පුතකු ලැබී ඇති බවය.
පස්වනක් ප‍්‍රීතියට පත් ඔහු වහාම රෝහලට ගොස් ප‍්‍රවෘත්තිය සත්‍ය බව දැන මිතුරන්ට දුරකතන ඇමතුම් දුන්නේ සතුට වැඩිකමටය.
කතාව ඇසූ යහළුවන් කීවේ අදම පාටියක් ඕනෑ බවය. මතට ලැදි ඔහු එදිනම සන්ධ්‍යාවේ මත්වතුර සාදය ආරම්භ කළේ බිරිය රෝහලේ නිසා නිදහසේ සතුට භුක්ති විඳීමටය.
මධුවිතෙන් ප‍්‍රබෝධමත්වූ යහළුවෝ විවිධ උද්‍යෝග පාඨ කියමින් සව්දිය පිරූ අතර එක් යහළුවකු ඔහුගෙන් විමසුවේ ”අලූත උපන් පුතා අම්මා වගේද තාත්තා වගේද?” කියාය.
මතින් අඩවන් නෙතින් ඔහු දෙස බැලූ මේ පියා ”මට මූණ නම් බලන්න බැරිවුණා මචං” කීවේ සියලූදෙනාම හිනස්සමින්ලූ.
අගනුවරට ආසන්න ප‍්‍රදේශයක වූ සත්‍ය සිදුවීමකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුවලා තුන් දෙනෙකුගේම පියකු වන මොහු මතට ලැදිව යහළුවෝ සමග පාර්ටි දමන එක අනුමත කරන්න බැහැ. පුතෙක් ලැබුන සතුටට බිරිඳ රෝහලේ සිටිනවිට තනියම යහළුවෝ සමගින් බොන එක මොන මත් පැන්පාටිද? ඔය යහළුවෝ කියන මාළුවෝ සමගින් මත්පැන් පාටි දමමින් දරුවෝ 8 දෙනෙකු සමගින් මගේ අම්මව පන පිටින් අපායට යවපු කෙනෙක් මගේ පියා. අදට අවරුදු 84ක් වෙලත් තාමත් හම්බුවෙන පෙන්ෂන් මුදලින් බොන එක තමයි වැඩේ. යාලුවෙක් ඉස්සෙල්ලාම අපේ මල්ලි කෙනෙක් හම්බ උන වෙලාවේ අපේ පියාට බියර් පාටියක් දුන්නාලු, එදා ඉඳලා බීමට පටන් ගත්තා කියලා තමයි අපේ අම්මා නම් අපට කීවේ. (නදී)
මගේ දරුවෝ දෙදෙනාම ලැබෙන විට මගේ මහත්තය මගේ ඉහ අද්දරටවෙලා මගේ ඔලුව අතගාමින් හිටිය, දරුවා වඩාගෙන නර්ස් ඇවිත් අපිට දරුපැටියගේ මුහුණ පෙන්වද්දී මගේ මහත්තය මටත්වඩා හයියෙන් ඉකි ගහල ඇඩුවා ඒ සතුටටද... දුකටද .. අම්මෙකුට වගේම පියෙකුටද දැනෙනා ඒ දරු සෙනේහයේ බර වැඩිකමටද ඔහු ඇඩුවා ..? ඒ සිදුවීම අද වගේ මතකයි..! (බ)
බටහිර රටවල ජීවත් වෙන උදවියට දරුවෙකු ඉපදුන සතුටට පාටි දදා ඉන්න බැහැ. අනිත් දරුවනුත් නෝනා වත් බලා ගන්න ඕනේ. (ම)
ලියෝ,මාත් මනෝවිද්‍යාව ගැන යමක් ඉගෙන ගන්න කැමති කෙනෙක්.ඔබ පැවසු කාරනා ගැන මාත් එකඟ වෙමි. (අ)
මතින් තොර රටක දරුවන් හිහේවි කෙදිනක(ම)
බටහිරට දොස්කියන අය බටහිර ගැන නොදැනයි එහෙම කියන්නේ (නි)
බිමල් සම්පූර්ණයෙන් හරි (නි)
මේ සිද්ධිය දැක්කහම මට මතක්වුණේ නංගිලා තුන් දෙනෙක් ඉන්න මට අපේ අම්මා මල්ලියෙක් ගෙනා දවස. මගේ එකම රත්තරන් මල්ලියෝ, මට තාමත් ඒ දවස මතකයි. මගේ සතුට මට දැන් මල්ලියෙක් ඉන්නවා කියලා. තාමත් ඒ සතුට එදා වගේම දැනෙනවා (නි)
ඉස්සෙල්ලම තිබුනේ ගෙදර ගිහින් දුවලට මේ සුබ පණිවිඩය කියල ඒ අයත් සමග බිරිඳ බලන්න එන්න .එවිට අම්මටයි දුවලටයි කොයිතරම් සතුටක් දැනේවිද.අනේ ඇත්තටම මේ වගේ තාත්තලත් අපෙ සමාජයේ ඉන්නවා නේද. (බ)
සේරම වැරදි බටහිරට උපමා කරන්නේ ලෝකය සමාජය පිලිබදව හරි අවබෝදයකින් ඉන්න අය නෙමෙයි කියල මට හිතෙන්නේ (බ)
මෙහෙමත් තාත්තලා? (නි)
එකම පිරිමි දරුවා වුණ නිසා අපේ අම්මා මල්ලිව හුරතල් කරලා අන්තිමටම නරක් කළා. තේරෙන වයසට ආවාට පසුවත් එයාට අවශ්‍ය විදියට අපි වැඩ නොකළොත් අක්කලාටත් මටත් නිකරුනේ පරුෂ වචනයෙන් බැනලා ගහලා තමයි නවතින්නේ. අම්මා හ්ම් කිව්වේ නැහැ. අපේ සල්ලි පවා හොරකම් කළා. දෙවැනි අම්මා වගේ ඉන්න ලොකු අක්කාගේ රත්තරන් මාලේ හොරකම් කරලා විකුණුවා. අම්මා අක්කාට බැන්නේ අහුවෙන්න මොකටද මාලේ තිබ්බේ කියලා. මල්ලිට වචනයක් කිව්වේ නැහැ. පරම්පරාව ගෙනියන්න ඉන්නේ එයාලු. පිරිමි අතක් ඉස්සුවාට ගෑනු අපි ඉවසන්න ඕනෑලු. අන්න දැන් මල්ලිගේ නෝනා ගුටි කාලාම ඇතිවෙලා ගෙදර ගිහින්. පුදුම වැඩේ අම්මාට පුතා හැදුවේ වැරදි ක්‍රමයට කියලා තවමත් තේරිලා නැහැ. බනින්නේ අර බඩදරු නෑනාට (නි)
අපේ රටේ තවමත් වැඩි කැමැත්ත පුතාලාට. කවදා හරි ලේලිගේ රැස්පොට් බලන්න වුන දවසට තමයි දුවලාගේ අගේ තේරෙන්නේ. සැමියාගෙන් බැනුම් අහගෙන හරි කොහොම හරි මව්පියන් ගැන සොයන්නේ සලකන්නේ අන්තිමට දුවලා. (බ)
නිමක් නැති සතුටට හැම දේම පටලව ගත්ත ආදරණිය පියෙක් නේද ? ඒ වගේම කම්මැලි නැති ස්වාමියෙක් (නදී)
මා දන්නා හැටියට නම් බටහිර රටවල බිරිඳට බබා ලැබෙනවිට සැමියා බිරිඳ අසළම සිටිනවා. මොකද ඒ වේදනාව සහ සතුට දෙදෙනාම බෙදා ගන්නවා. (නි)
රූපවති, ඔයාගේ අදහස් හරිම අතිශයෝක්තියෙන් යුක්තයි. ඔයා මොනවා ලිවුවත් මේක පාඨක අපිට පේන දෙයක්. බටහිර රටක දරු උපතකදී සැමියකු බවලතෙක් වගේ හඬන බව මම ඇහුවේ අදයි. (නි)
බොන්න හේතු සොයමින් සිටින බේබද්දන්ට දරුවාගේ උත්පත්තිය තවත් උත්තේජනයක් පමණි. (නි)
අමල්,මම ලිවුවේ ඔයාගේ මගේ ස්වාමියා ගැන. ඒ ඔහුට දැනුනු සතුට හෝ සෙනෙහස වියහැකියි ..! ඔබේ සිත ගලක් වූවාට මා කුමක් කරම්ද ..? (නි)
මගේ ආදරණිය බිරිඳගේ පළමු දරු ප්‍රසුතියේදී මම එයාත් එක්ක සිටියා. මගේ දරුවා බිහි කරන්න එයා විඳපු අප්‍රමාන දුක මම ඇස් දෙකෙන්ම එදා දැක්කා. මට හිතුනේ සංසාරයේ හැමදාම එයා මම වෙනුවෙන් දුක් විඳින්න ඇති කියලා. දරුවා ලැබිලා මම ආදරයෙන් එයාගේ හිස අත ගාලා ඔයාට ගොඩක් අමාරුයි නේද කියලා ඇහුවා. එතකොටත් එයා කලේ වේදනාවා හංගාගෙන නැහැ මම හොඳින් කියලා මාත් එක්ක හිනා වුනා. ඔබට දරා ගැනීමේ හැකියාවක් තිබේ නම් බිරියගේ දරු ප්‍රසුතියට සහභාගී වීමට රෝහලෙන් අවසර ඇතිනම් ඊට සහභාගී වෙන්න. ඒ බැරෑරුම් එහෙත් ආදරණිය අත්දැකීම හැමදාම හැමෝටම ලැබෙන දෙයක් නෙවෙයි. (නදී)
දරුවෙක් ඉපදුනාම සතුට දැනෙන්නේ දෙමාපියන්ට හැර වෙන කාටද? ඉතින් යාලුවෝ එක්ක , භුක්ති වින්දා කියලා තියෙන වැරැද්ද මොකක්ද? (නි)
ඕනෑවටත් වඩා යමක් අතිශයෝක්තියෙන් උලුප්පා පෙන්වන අයෙගේ සිත් තුල යම් අසහනකාරී තෙරපීමක් සැඟවී ඇති බව මෙහි ප්‍රතිචාර දක්වන සමහර කාන්තාවගේ අදහස් වලින් මොනවට දෘෂ්ශීය මාන වේ. (නදී)
බටහිර රටවල සැමියා දරු ප්‍රසූතියට එයත් එක්කම යනවා. එ්ත් බටහිර රටක සිටියත් මගේ සැමියා එයාගේ අම්මව මා ගාව තියල ගෙදර හිටියා. (නදී)