මේ දින වල කොයි කාටත් ආර්ථික අමාරුකම් පෙරට වඩා දැනේ. හදිසියකට මුදල් අත මාරුවක් කර ගන්නට වුවද ලෙහෙසි නැත.
පෙදරේරුවකු ලෙස කටයුතු කරන මේ කියන පුද්ගලයාට ද දරුවකුගේ අසනීපයකට රුපියල් දස දහසක පමණ මුදලක් අවශ්‍ය විය.
දිනපතා වැඩ කළත් හොයන සොච්චම වරුවක් ජීවත් වන්නට මදිය. ඔහු දස අතේ කල්පනා කළේය.
එකම ක්‍රමයයි ඇත්තේ පොලියා හම්බවෙලා ගිනි පොලියටවත් සල්ලි ටිකක් ඉල්ලා ගන්නවා. වෙන මොනවා කරන්නද? බිරිය කීවේ අවසන් තීරණය එය බව තහවුරු කරමිනි.
මේ කියන පුද්ගලයා පොලී මුදලාලි සොයා රත්නපුර නගරයට ගියේ ඒ අනුවය. පොලී මුදලාලිගේ ආවතේවකරු ද ඔහු සමග විය.
බොහෝ කරුණු කාරණා කී පසු කොන්දේසි හා නීති රෙගුලාසි ද පිට ඉල්ලූ ණය මුදල පෙදරේවරුවාට ලැබිණි.
පළමු මාසයේ පොලිය ලෙස රුපියල් 1000 ක් ද අඩු කළ පසු රුපියල් 9000 ක මුදලක් අතට ලැබිණි.
ඔහොම බෑ බං මම කියල කියලයි උඹට ණය ටික ඉල්ලලා දුන්නේ. පොලී මුදලාලිගේ ගෝලයාගේ භාෂාව ඔහුට තේරුම් ගියේය.
පොලී මුදලාලි හා ගෝලයා හොඳට කන බොන දෙදෙනෙකි. යමු..... තිදෙනාම රත්නපුර තැබෑරුමකට රිංගුයේ දුර දිග නොබලමිනි.
තිදෙනා දහවල් සිට රෑ වන තුරු තැබෑරුමේය.
දහවලේ සිට හිස් කළ බෝතල්, කට ගැස්ම ආදියේ බිල ආ පසු පොලියට ගත් මුදල් ටික ද බිල ගෙවීමට පමණක් සීමා විය.
පෙදරේරුවා නිවසට ගියේ වැනි වැනිය. යක්ෂයාරූඪව සිටි බිරිඳ පෙදරේරුවාට සැලකූ සැලකිල්ල ඇසී අහළ පහළ අය කනේ ඇබ ගසා ගත්තේ ඒ තරමට ශබ්ද පූජාව දරුණු වූ බැවිනි.
(ගිරිමලේ අමරදාස අංගම්මන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට කල් බදු ක්‍රමයට වාහනයක් අරන් වාරිකය ගෙවා ගන්න බැරිවුනාම ලීසිං සමාගම් වාහනය අත්පත් කර ගන්නවා වගේ දෙයක් වෙලා තියෙන්නේ. අන්තිමට වහනයත් නැහැ. ගෙවපු මුදලුත් නැතිව යක්ෂයාරූඪ වෙනවා.
සාමාන්‍යයෙන් අද මේසන් බාස් කෙනෙක්ට දවසක කුලිය රු 3000ක් විතර වෙනවා. ඒ දීලත් එක දිගට වැඩ ගන්න හොයාගන්නත් බෑ. ඉතින් රු 10000ක් ඉතුරු කර ගන්න බෑ කියන්නේ මෙයා ඔය හම්බ කරන සල්ලි බීමටම නාස්ති කරලා ඇති. අනික මේ සල්ලි ගිනි පොළියට දෙන එක නීති විරෝධී වැඩක්. හැකි නම් කියන්න මේක මහ බැංකුවට පැමිණිලි කරන්න කියලා.
දරුවාගේ අසනීපය කෙසේ වෙතත්, මෙයාගේ අසනීපයකටයි බෙහෙත් අරන් තියෙන්නේ.. ශබ්ද පුජාව නොවෙයි, වෙන මොනවාහරි දෙයකින් පූජාවක් තියන්න තිබ්බේ.