IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


බිරියගේ උප්පරවැට්ටියෙන් සැමියා මතට තිත තියලා

(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)
සෑම දිනකම අධිකව මත්පැන් පානය කර පැමිණ බැනවැදී පහරදීම ඉවසා දරා ගැනීමට බැරිම තැන සිය වයෝවෘද්ධ සැමියාට අපූරු පාඩමක් ඉගැන්වූ වයෝවෘද්ධ කාත්තාවක පිළිබඳව කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා විය.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


සිද්ධියට අදාළ යුවළගෙන් කාන්තාවගේ වයස අවුරුදු 69 කි. පියාගේ වයස අවුරුදු 73 කි. 


මෙම යුවළ දරුවන් විසින් ගෙනත් දෙනු ලබන මුදල් හා වියළි ආහාර පිහා ගනිමින් සතුටින් ජීවත්වෙමින් සිටින බවද වාර්තා වේ. එහෙත් පියා හැන්දෑවට මත්පැන් පානය කිරීමට පුරුදුව සිටී. සවස හතර පසුවනවිට වයෝවෘද්ධ පියාට මත්ද්‍රව්‍ය නොමැතිව සිටීමට නොහැකිය. දරුවන් බිරිඳට දෙන මුදල්වලින් කීයක් හරි ඉල්ලාගෙන හෝ ගමේ තියෙන සුළු වැඩක් පළක් කර උපයාගන්නා සුළු මුදලින් වයෝවෘද්ධ පියා හැන්දෑවට තොළකට තෙමාගෙන නිවසට පැමිණීම පුරුද්දක් කරගෙන තිබිණි.


ඒ පැමිණෙන සෑම අවස්ථාවකදීම බිරිඳ උයා පිහා දෙන කෑම රස මදි බව පවසා හෝ කන්න බැරි බව දන්වා දෙදෙනා අතර කලක සිටම මත ගැටුම් පැවැති බවද වාර්තා විය. මේ පිළිබඳ දැන ගත් අසල පදිංචි පිරිමි දරුවන් දෙදෙනා අවස්ථා ගණනාවකදීම පියාට අවවාද කළද එය ගණන් ගත්තේ නැත. එමනිසා කාන්තාව සැමියාට පාඩමක් උගැන්වීමට කටයුතු කලේය.


පියා සුපුරුදු පරිදි මත්ද්‍රව්‍ය පානය කිරීමට නිවසින් පිටව ගියේය. ඒත් සමඟ බිරියද එදින කුස්සියේ හැලි මුට්ටි ටික ලිප ළඟ මුණින් අතට හරවා ලක ලෑස්ති වී අසල පදිංචි පුතෙකුගේ නිවසට දිව ගොස් දියණියගේ නිවසට යන බව ලේලියට පැවසුවාය. තවද තාත්තා පැමිණ තමා සොයා බැලුවොත් නොදන්නා බවද දන්වන ලෙස ද දන්වා ඇය නිවසින් පිටත්ව ගියාය.


සවස 4.15 ට පමණ නිවසට පැමිණි පියා නිවසේ දොර වසා ඇති බවත් බිරිඳ නිවසේ නොමැති බවත් අල්ලපු ඉඩමේ පදිංචි ලේලියගෙන් දැනගත්තාය. තාත්තා හැමදාම බීගෙන ඇවිත් අම්මාට ගහනවා බනිනවා ඉවරයක් නෑ කියලා අම්මා නංගිලාගේ ගෙදර යනවා ආයේ එන්නේ නෑ කියලා ගියා. තවම පාරේ ඇති පුංචි ලේලිය පියාට පැවැසුවාය.


ලේලියගේ කීම අසා තිදරු පියා සරමත් කරේ දමාගෙන පාරේ හතර අතේ යමින් බස් නැවතුම්පොළ වෙත දිව ගියේය. බස් නැවතුම්පොළට යන අවස්ථාවේදී බිරිඳ සිටිනු වයෝවෘද්ධ තිදරු පියා දුටුවේය. ‘අනේ මැණිකේ මම ආයේ කවදාවත් බීලා ගෙදර ඇවිල්ලා රංඩු කරන්නේ නෑ. දැන් යං ගෙදර. මට තනියම ගෙදර ඉන්න බෑ. මෙන්න මං වැන්දා. මට සමාව දෙන්න මැණිකේ කියමින් බස් නැවතුම්පොළ සිටි කිහිප දෙනාද සිනහගස්වමින් බිරියගේ අතින් අල්ලාගෙන නිවසට යළි කැන්දාගෙන ආවේය. එදා සිට මේ දක්වා ගතවූ දින කිහිපය තුළ එකී පුද්ගලයා මත්ද්‍රව්‍ය පානය කිරීම සම්පූර්ණයෙන්ම අතහැර දමා ඇති බවද වාර්තා විය.

 



අදහස් (1)

බිරියගේ උප්පරවැට්ටියෙන් සැමියා මතට තිත තියලා

BANDARA Wednesday, 16 October 2019 07:30 AM

හොදට නුවන පාවිච්චි කරොත් බැරි දෙයක් නෑ

:       0       45

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 87 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 317 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site