දකුණු පළාතේ ඇඟලූම් කලාපයක පිවිසුම් දොරටුවට ආ යතුරු පැදි කරුවකු තමාට ආයතනයේ ප‍්‍රධානියා හමුවීමට අවශ්‍ය බව ආරක්‍ෂක නිලධාරියකුට කීවේ කලබලයෙනි. හමුවීමට ඇති හේතුව ඇසුවත් එය නොකී නිසා ආරක්‍ෂක නිලධාරියා ඔහුට ඉඩ දුන්නේ නැත.
”මගේ වයිෆ් මේකෙ වැඩ කරනවා. එයා මෙහේ මහපු ඇඳුම් කීපයක් හොරෙන් ගෙදර ගෙනිහිං තිබුණා. අම්ම අප්ප කළත් මේ වගේ හොර වැඩවලට මං කැමැති නෑ. මේක කියල ඇඳුම් ටික දීල යන්න ආවෙ” ඔහු කීවේ අලූත්ම ඇඳුම් කීපයක් බෑගයෙන් අදිමිනි.
” ඕක ලොක්කට කිව්වම එයාගෙ රස්සාවත් නැති වේවි. මේකෙ බරපතළකම තමුන් දන්නවද?” ආරක්‍ෂක නිලධාරියා සානුකම්පිතව කීවත් ඔහු වදකළ නිසා ඔහුට ඇතුළට යෑමට ඉඩ සැලසීය.
ඇතුළට ගිය ඔහු පැය බාගයකට පමණ පසු එළියට ආවේ සතුටෙනි. ඊටත් පැයකට පමණ පසු ඔහුගේ බිරිඳයැයි සිතිය හැකි කාන්තාව එළියට ආවේ කඳුළු පිසිමිනි.
මේ ගැන විමසූ ආරක්‍ෂක නිලධාරියාට ඇය කීවේ අමුතු කතාවකි. ”මම මේකෙම සේවකයෙක් එක්ක යාළුයි කියල මම මෙහේ එන එක නවත්තන්න එයා නොයෙක් දේ කළා. මේ පාර කරපු වැඬේ නං හරි ගියා” ඇය කීමෙන් ආරක්‍ෂක නිලධාරියාට තරු පෙනුණාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඕකේ හරි පැත්ත , වැරදි පැත්ත දන්නේ නැහැ. සමහර ගෑනු සහ මිනිස්සු පුංචි දේටත් අනවශ ලෙස සැක හිතනවා. වැරදි විදියට අර්ථ කථනය කරනවා. මට නම් දෙන්නා ගැනම කණගාටුයි. (දී)
අනියම් සම්බන්ධතා තිබේනම් .. නවත්වන්න එපා.. ! මොකද ඔබ හැර දෙවැන්නෙකුට ආදරය කිරිමට පුළුවන් නම් ඇයට ඔබේ ආදර අසාර්ථකය !(දී)
එක සැරයක් වරදේ බැදුන ගැහැණියක් නැවත හදන්න බැහැ.(නදී)
නියම වැඩක්නේ කරලා තියෙන්නේ,කොල්ල වැඩකරු (දී)
හෙට සිට ආරක්ෂක නිලදාරියත් ගෙදර.(නදී)
මොන උප්පරවැට්ටිය කලත් වැඩක් වෙන්නේ නහැ (දිල්)
තැනට සුදුසු නුවන තමයිඕකට කියන්නේ (දී)
මේකේ හොද නරක දෙකම තියෙනවා(දිල්)
හිතා ගන්න බැහැ.(නදී)
ඇයි මෙහෙම වෙන්නේ.(නදී)
මෙම පුවත වාර්තා කිරීමේදී විශාල අගතියක් මෙම කාන්තාවට සිදු වී තියෙනවා. ඇයගේ අනියම් පෙමක් තිබී ඇති බවක් සිරස්තලයේ සඳහන් වෙතත් කතාව කියවා යන විට එසේ නැති බව ඔප්පු වේ. ඇයගේ රැකියාව නැති වීමත් සමග පුවත් පතේ මෙම වැරදි සිරස්තලය නිසා ඇති වූ සිත් වේදනාවට අඩුම තරමින් වෙනත් රැකියාවක් හෝ ආධාරයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු.චන්ද්‍ර වීරසිංහ (දී)
ස්ථානෝචිත ප්‍රච්නාව.....ජය වේවා........ මිනිහට.........(අ)
මේ ගෙනාපු ඇඳුම් ආයතනයේ මසාපු ඒවාද ? ආයතනයේ ඒවානම් ඔහුට ලැබුනේ කාගෙන්ද ? ගෙදර තිබුනාද ? එසේනම් ගෙදරට ගෙනගියේ කවුරුන්ද? ප්‍රශ්න ගණනාවක් පැන නගී ? (දී)
නියම උපාය හැබැයි ඕක දිගටම හරියිද දන්නේ නැ(දී)
දැන් කාලේ අනියම් සම්භාන්ධතා බහුලව තියෙනවා සමාජයේ (දී)
නියම කොල්ලෙක් (දී)
ඔහොම ගැනු තියාගන්න හොද නැහැ (දී)
මේක මෙතැනින් නවතියිද (දිල්)
සත පහකට වැඩක් නැති දෙයක් කරලා තියෙන්න (දී)
මොනවා කලත් වැඩක් නැහැ. හැබැයි එක්ටම් ගෙයක දම්මානම් හරි (දී)
මොලේ අලේ පඨවී, අපෝ, තේජෝ, වායෝ
අවංක මිනිහෙක් (අ)
ඔහොම අය මොකටද තවත් තියන් ඉන්න (අ)
අසාර්ථක උපායක් දෙවන වටයට සුදානම් වෙන්න.(දී)
මිනි මරා ගන්නේ නැතුව මේ විදියට විසදා ගන්න එක හරි කියල මම හිතනවා. එතකොට සැකෙන් ජීවත් වෙන්න ඕනෙත් නැහෙනේ. (අ)
තව එක්කෙනෙක් හොයා ගත්තාම මොකද කරන්නේ? (දී)
මේ බොරු වැඩක් කතාව අතට අල්ල ගෙන දීක්කසදකරන්න සමාවනොදෙන්න් .........(අ)
විකාර වැඩ ඇත්තමයි, බිරිද අනියම් සම්භන්ධ කම් පවත්වන්නේ මොකාක් හෝ පවුලේ ප්‍රශ්නයක් නිසා ඔය විකාර නොවෙයි ඒවාට විසදුම් හොයන්න (දී)
මේ කාන්තාව ඇත්තටම රෙදි හොරකම් කරලානේ. (දී)
කාටද ලැජ්ජ උඩ බලාගෙන කෙල ගහන්ඩ එපා දරුවො පාරෙ බැහැලා යන්නෙ නැද්ද. කතා කරලා විසදගන්න වෙන් වෙන්න ලේසියි එකතු වෙන්න හරි අමාරුයි. කුරුලුකූඩු කඩා ඉහිරවා ගන්ඩ එපා දරු පැටව් ටික අමාරුවෙ.(නදී)
මෙතන තියෙන්නේ සැකයක් විතරයි (දී)
කතාව ඇත්ත නම් හොඳ වැඩේ. (නදී)
අන්තිමේදී මිනිහටම බඩගින්නේ ඉන්න වෙයි නේද? මේකේ තවත් පැත්තක් තියෙනවා. උස තාප්ප බැඳලා විශාල ගේට්ටු වලින් ඇතුලට ගත්තහම් භාර්යාවන්ට මොනවා වෙනවද කියල සැමියන්ට හිතෙන එක සාධාරණ කරුණක්. අඩුම තරමින් දුරක සිටවත් බලන්න පුලුවන්නම් මෙම ප්‍රශ්න විසඳෙනවා.(නදී)
මිනිහ මොළ කරයෙක්නම් බිරිද ඔහොම කරයිද (දී)
මොලේ තමයි මොලේ කොහොමද ටිකිරි මොලේ.(දී)
දෙදෙනෙකු අතර ඔය විදිහට සැකය තිබුනොත් ජීවිතය ඉදිරියට රැගෙන යන්න අමාරුයි (දී)
චන්ද්‍ර වීරසිංහ ඔබ?(නදී)
සහතික ඇත්ත මේකට කියන්නේ සැකය කියලා (දී)
අනේ ඔහොම මොකටද ? (නදී)
මෙයා හොඳ සැමියෙක්. එයාට පවු (අ)
” ඕක ලොක්කට කිව්වම එයාගෙ රස්සාවත් නැති වේවි. මේකෙ බරපතළකම තමුන් දන්නවද?” ආරක්ෂක නිලධාරියාගේ රැකියාව තාම තියෙනවද දන්නේ නැහැ.(නදී)
කොල්ලෝ මට ඔයා ගැන දුකයි (දී)
කොල්ලෝ ඔහොම්මමයි (දී)
ඥානාන්විත ක්‍රියාවක්!.....(දිල්)
මේක නිකම් තාවකාලික පැලැස්තරයක් මේකෙන් වුණේ අර අහිංසක ආරක්ෂක නිලධාරියා වරදකරුවෙක් වෙන එකයි (දිල්)
කොල්ලෝ උනාම ඔන්න ඔය වගේ මොලයක් තියෙන්න ඕනේ (දී)
ආදර්ශමත් ස්වාමි පුරුෂයෙක් (අ)
ඕනෑම ප්‍රශ්ණයක අග කාන්තාවක් ඉන්නවා (දී)
කාන්තාවගේ නුවන හැදී මිටේ කියනවනේ (දී)
නුවන් තමයි නුවන (දී)
හොදට වැඩේ කල්පනා කරලා කරලා තියනවා. නියම පිරිමියක් (අ)
මේකේ මුල්ම අදහස මගේ නමින් දාපු කෙනා.30 වෙනි අදහසත් එයාම දාලා.ඔය තරම්ම මගේ නමට කැමතිද.අමතක නොකර ඉන්නම බැරිද. (දී)
නියමය් (දී)
වැඩක් නැහැ ආරේ ගති නෑරේ ! (අ)
අනේ හොදයි (දී)
මේ විදිහට කොච්චර කල් රකින්නද?(දී)
අනියම් ඇසුර බයානකයි එත් බිරිඳකගේ හැගීම් තේරුම් අරගෙන ආදරෙන් ඉන්න බැරි උනොත් එහෙම වෙන්නව.ඕනෙම බැඳීමක පදනම අදරයයි .ඒ නිසා ඒ අයට අපහස කරන්න එපා. පීඩා කරන්නත් එපා.ඔබ ඇගෙන් ආදරය ගැන අහගන්න. (දී)
තැනට සුදුසු නුවනක් තියෙන මිනිහෙක් . මෙවැනි මිනිසුන් පාර්ලිමේන්තුවට යවන්න ඕනේ (දී)
සමන්ති අහන එකට මමත් එකගයි මෙම ඇඳුම් එම ආයතනයේ ඒවා නම් ඒවා ඔහුට ලැබුනේ කොහොමද එහෙම නම් එතටම එයාගේ නෝනා හොරෙන් රෙදි ගෙනිහින් තියෙනවා.
නියම මනුස්සයෙක්. (දී)
පිරිමින්ට පාඩමක් (දී)