(නයිනමඩම චන්දන ප්‍රනාන්දු)
තම බිරිය මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වීම නිසා සමාජ සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කරන සැමියාට බිරිය සහ දරුවන් සමඟ පෞද්ගලික ගමනක් පවා යතුරුපැදියෙන් යාම තහනම් කිරීමේ අපූරු පුවතක් වයඹ පළාතේ නගරයකින් පසුගියදා වාර්තා විය.
මෙම නිලධාරියා ප්‍රදේශයේ ජනතාව අතර ජනප්‍රිය පුද්ගලයෙකි. විශේෂයෙන් රාජකාරිය සියලු දෙනා වෙනුවෙන් එකසේ අවංකව සිදු කිරීම නිසා තම කාර්ය මණ්ඩලයේ හා ජනතාවගේ සිත් දිනාගෙන රාජකාරී කළ මෙම නිලධාරියාගේ බිරිය එක්තරා දේශපාලන පක්ෂයකින් ඡන්දයට ඉදිරිපත් වී තිබේ.
තම බිරිය ඡන්දය ඉල්ලුවත් කිසිඳු මාදිහත්වීමක් ඒ වෙනුවෙන් නොකළත් රාජකාරිය අවංකව හා අපක්ෂපාතීව කළ මෙම නිලධාරියාට ඉහළ නිලධාරියකු කියා ඇත්තේ ඡන්දය ඉල්ලන බිරිය යතුරුපැදියෙුවත් නංවා නොයන ලෙසයි.
බිරිය ඡන්දේ ඉල්ලන්න ගිහින් පෞද්ගලික ගමනුත් තහනම් වෙන්නේ කොහොම දැයි එම නිලධාරියා නීතිපොත් පෙරළමින් හොයන බව වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ලොක්කා කියලා තියෙන්නේ එයාගෙම හොඳට. මේ නිලධාරියා ක්ෂේත්‍ර නිලධාරයෙක්. බිරිඳ ඡන්දෙ ඉල්ලනකොට මෙයා බිරිඳ එක්ක ගමනක් යන කොට බිරිඳ දේශපාලනයට සම්බන්ධ යම් හෝ දෙයක් කරොත්, මේ නිලධාරියා ඡන්ද ප්‍රචාරයේ යෙදුනා කියලා විරුද්ධවාදියෙකුට චෝදනා කරන්න හැකියි. ප්‍රතිඵලය පරීක්ෂණ අවසන් වෙන තෙක් වැඩ තහනම් වීම.
එ්ක හරිනේ.., මෙයාගේ සේවය නිසා පළාතේ මිනිස්සු මෙයාට කැමති නම් බිරිඳ සමග ගමන් බිමන් යනකොට මෙයාට තිබෙන කැමැත්තේ කොටසක් බිරිඳට යනවා. එය එකතරා විදිහක කැන්වස් කෙරිල්ලක්. අර නිලධාරියා හරි. යම්කිසි විදිහකින් මෙයාගේ බිරිඳ පරාද වුණොත් බලයට එන කෙනාගේ පළිගැනීමටත් මෙය ලක්වෙනවා.
යතුරු පැදියත් රජයෙන් ලැබුණු නිසා වෙන්න ඇති ....
මාර වැඩක්නේ
දැන් බිරිඳ දිනලානම් ලොක්කාගෙන් පලිගන්න ලැහැස්තිවෙන්න එපා.. එ්ක හරි නැහැ.
ලොක්කට අමාරු ඇති ගොඩක් ඡන්දෙ ඉල්ලපු නිසා. අනික මොකක් හරි හුටපට ඇහෙම තිබ්බත් දන්නේ නැහැනේ. ලොක්කගේ පුටුවටවත් විදියි කියලා හිතුවද දන්නේ නෑනේ?