IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බිරිය ඡන්දේ ඉල්ලුවාම සැමියාට ලොක්කෙකුගෙන් තහංචියක්

(නයිනමඩම චන්දන ප්‍රනාන්දු)

තම බිරිය මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වීම නිසා සමාජ සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කරන සැමියාට බිරිය සහ දරුවන් සමඟ පෞද්ගලික ගමනක් පවා  යතුරුපැදියෙන් යාම තහනම් කිරීමේ අපූරු පුවතක් වයඹ පළාතේ නගරයකින් පසුගියදා වාර්තා විය.

මෙම නිලධාරියා ප්‍රදේශයේ ජනතාව අතර ජනප්‍රිය පුද්ගලයෙකි. විශේෂයෙන් රාජකාරිය සියලු දෙනා වෙනුවෙන් එකසේ අවංකව සිදු කිරීම නිසා තම කාර්ය මණ්ඩලයේ හා ජනතාවගේ සිත් දිනාගෙන රාජකාරී කළ මෙම නිලධාරියාගේ බිරිය  එක්තරා දේශපාලන පක්ෂයකින් ඡන්දයට ඉදිරිපත් වී තිබේ.

තම බිරිය ඡන්දය ඉල්ලුවත් කිසිඳු මාදිහත්වීමක් ඒ වෙනුවෙන් නොකළත් රාජකාරිය අවංකව හා අපක්ෂපාතීව කළ මෙම නිලධාරියාට ඉහළ නිලධාරියකු කියා ඇත්තේ ඡන්දය ඉල්ලන බිරිය යතුරුපැදියෙුවත් නංවා නොයන ලෙසයි.

බිරිය ඡන්දේ ඉල්ලන්න ගිහින් පෞද්ගලික ගමනුත් තහනම් වෙන්නේ කොහොම දැයි එම නිලධාරියා නීතිපොත් පෙරළමින් හොයන බව වාර්තා  විය.



අදහස් (6)

බිරිය ඡන්දේ ඉල්ලුවාම සැමියාට ලොක්කෙකුගෙන් තහංචියක්

vernon Thursday, 01 February 2018 10:10 AM

ඒ ලොක්කා කියලා තියෙන්නේ එයාගෙම හොඳට. මේ නිලධාරියා ක්ෂේත්‍ර නිලධාරයෙක්. බිරිඳ ඡන්දෙ ඉල්ලනකොට මෙයා බිරිඳ එක්ක ගමනක් යන කොට බිරිඳ දේශපාලනයට සම්බන්ධ යම් හෝ දෙයක් කරොත්, මේ නිලධාරියා ඡන්ද ප්‍රචාරයේ යෙදුනා කියලා විරුද්ධවාදියෙකුට චෝදනා කරන්න හැකියි. ප්‍රතිඵලය පරීක්ෂණ අවසන් වෙන තෙක් වැඩ තහනම් වීම.

:       57       131

Bamunuarachchi Sunday, 04 February 2018 08:03 AM

එ්ක හරිනේ.., මෙයාගේ සේවය නිසා පළාතේ මිනිස්සු මෙයාට කැමති නම් බිරිඳ සමග ගමන් බිමන් යනකොට මෙයාට තිබෙන කැමැත්තේ කොටසක් බිරිඳට යනවා. එය එකතරා විදිහක කැන්වස් කෙරිල්ලක්. අර නිලධාරියා හරි. යම්කිසි විදිහකින් මෙයාගේ බිරිඳ පරාද වුණොත් බලයට එන කෙනාගේ පළිගැනීමටත් මෙය ලක්වෙනවා.

:       2       127

NC Thursday, 08 February 2018 08:14 AM

යතුරු පැදියත් රජයෙන් ලැබුණු නිසා වෙන්න ඇති ....

:       0       41

nuwann sagara Friday, 09 February 2018 04:31 AM

මාර වැඩක්නේ

:       2       3

bamunuarachchi Saturday, 17 February 2018 04:00 AM

දැන් බිරිඳ දිනලානම් ලොක්කාගෙන් පලිගන්න ලැහැස්තිවෙන්න එපා.. එ්ක හරි නැහැ.

:       0       1

jana Monday, 19 February 2018 07:19 AM

ලොක්කට අමාරු ඇති ගොඩක් ඡන්දෙ ඉල්ලපු නිසා. අනික මොකක් හරි හුටපට ඇහෙම තිබ්බත් දන්නේ නැහැනේ. ලොක්කගේ පුටුවටවත් විදියි කියලා හිතුවද දන්නේ නෑනේ?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 897 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site