රියැදුරාට ගත් දුරකතන ඇමතුම තම බිරියට ගොස් ජංජාලයකට හසුවූ පුද්ගලයකු පිළිබඳව පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔහු වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයෙකි. මැදිවියේ පසුවූ ඔහු විවාහකයකු වුවද තවමත් වෙනත් කතුන්ට ඇල්ම දක්වන්නෙකි. මොහු පිළිබඳව බිරිඳට නිතර පැමිණිලි ලැබුණත් සැකකිරීමට සාධාරණ හේතුවක් සොයාගැනීමට නොහැකිව බිරිඳ සිටියාය.
දිනක් වෙළෙඳසලට පැමිණි පුද්ගලයකු පැවසුවේ ඔහුගේ නිවසට යාබද අතුරු මාර්ගයක දී ඔහුට අයත් මෝටර් රථය අනතුරකට පත්ව ඇති බවය. මෝටර් රථයේ රියැදුරාගේ නම රෝහිතය. ඔහුගේ බිරිඳගේ නම රෝහිණීය. කලබල වූ මොහු වහා රියැදුරාගේ දුරකතන අංකය සොයා ඇමතුව ද ඇමතුම සම්බන්ධවූයේ තම බිරිඳටය. අනෙක් පැත්තෙන් කාන්තා කටහඬක් ඇසුණ මොහුට මෝටර් රිය අමතක විය. හලෝ නංගි මම වැරදිලා අරන් තියෙන්නේ මගේ ඩ‍්‍රයිවර්ට කියලා ඔයාට යැයි පැවසූ විට බිරිය මොහු ගැන සොයාබැලීමට හොඳ අවස්ථාවක් යැයි සිතා ‘කමක් නෑ අයියේ’ යැයි පවසා ඇත. ‘මේ නංගි ඔයාගේ කටහඬ ලස්සනයි’ මට ඔයා මීට්වෙන්න බැරිද? යැයි ඔහු අසා ඇත.
එවිට ඇය ඇයි බැඳපු එක්නෙකා’ යැයි ඇසූවිට මොහු පැවසුවේ ‘අනේ මෙලෝ රහක් නෑ නංගී. මම ඒ ගැනිට අහුවුණා’ යනුවෙනි. එවිට යක්ෂයා අවේශ වූ ඇය අද එනවකෝ තමුසේ ගෙදර මම රහ පෙන්වන්නම් යැයි පවසා දුරකතනය විසන්ධි කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලනකොට ජයා හොඳ හොඳ කස්තිරම් අල්ලලා ඒවා වහගන්න මුළු ස්ත්‍රී සංහතියටම මෙතන ආඩපාලි කියනවා. ඔය අහුවුණේ අඹ යාලුවෙකුගේ කටින්ම (නි)
මොන තරම් දුර රටක හිඳ, දුරකතනයෙන් කතා කලවිට ,අපේ වියපත් වැඩිහිටියෝ පවා "හලෝ" කියන ගමන් හඳුනා ගන්නවා කටහඬ.බහුතරයක් දුරකතන ග්‍රාහකයන් අත් දැක ඇති.කනේ අමාරුවක් නොමැති නම් බිරිඳගේ කටහඬ හඳුනා ගන්නට බැරි වෙන එකක් නැහැ. (හේ)
එහෙනම් හොඳ කෑමක් කන්න ඇති කාලේකට අමතක නොවෙන්න.(හේ)
බිරියට දැනෙන්න කියපු වචන ටිකක්ද කොහෙද?(හේ)
මේවා ගොතන ප්‍රබන්ධ කතා මේවට කොමෙන්ට් දාල කාලේ නාස්ති කරගන්න එපා (කෞ)
මමනම් අදහස් පල කරන්නේ පලවෙන කාතාවට අදාලවයි , සමස්ත ස්ත්‍රී වරගයටම සාපරාධීව දවෙස සහගත ලෙස කෙදිනකවත් අපහාස නොකළෙමු , යහපත් ගුණවත් සිල්වත් කාන්තා රත්නයන් කරනලද යහපත් දේ ගැන මේ තිරුවෙන්ම නොයෙක් අවස්ථා වල මා විසින් ඉතාම ඉහලින් ගුණද වයා ඇත , කිසිවෙකු සමග මාගේ බද්ද වෛරයක්ද නැත (බ)
දෙයියන්ගේම පිහිටයි, අවුලක් නෑ දවස් දෙකකින් ටිකට් කපනවා කිව්වා (කෞ)
රන්ජිත් හරි කියලා හිතෙනවා. මිට පෙරත් අතිශයෝක්තියෙන් සමහර දේවල් ලියවුනා වගේ මටත් පෙනුනා .(කෞ)
මේක බිරිදගේ කටහඩ දැනගෙන බිරිදට දීපු බයිට් එකක් (බ)
අඩුම තරමේ තමන්ගේ බිරිඳගේ කටහඬවත් අඳුනගන්න බැරිවුණාද? (නි)
හැම පවුල් අවුලක්ම බිරිඳගේ පැත්තට විතරක් බර කරන එක නම් හරියන්නේ නැහැ. මොන කාන්තාවද කැමති සැමියාව රටේම ඉන්න බවලත්තු එක්ක බෙදා ගන්න. අනෙක මේ නෝනා මුල සිටම ඉවසාගෙන සිට අතටම අල්ලා ගත පසු තමයි කෝප වුනේ. . (හේ)
අනේ මෙහෙමත් පිරිමි! (නි)
නෑ චාරු, මේක මට වෙච්ච දෙයක්, මගෙ බිරිද වැඩ කලෙත් ඒ කාර්යාලෙමයි.බොරුවට ජයාටම දොස් කියන්න එපා.(කෞ)
අපි නම් මාස් පඩිකාර මහත්තයෙක් සොයාගත්තේ ඔය ව්‍යාපාරිකයන්ගේ පවුල් ජීවිත ගැන අහලා තිබුන නිසා. තුන් වේලක් කාලා අනුන්ට අතක් නොපාන තරමට මහත්තයාට සල්ලි තිබුනහම ඇති. සල්ලි වැඩි වෙනකොට නෝනලා සංඛ්‍යාවත් අනුලෝමව වැඩිවෙන බව ප්‍රස්ථාරගත කරලා පෙන්වන්න පුළුවන් තිත්ත ඇත්තක්. (නි)
සැමියා තමන්ට කෙළින්ම නොකියපු නමුත් තමන්ගේ අඩුපාඩුවක් අහම්බෙන් හරි දැනගන්න ලැබුනා කියලා හිතන්න තරම් බුද්ධියක් මේ කාන්තාවට තිබුනා නම් කොතරම් හොඳද? (නි)
දැන් ඉතින් පිටබැද්දර උන්නැහේ මේ පුරුෂ රත්නය අපුල්ල අපුල්ලා සුද්ද කරමින් ව්‍යාපාරික ගෙදර නෝනාට දෙහි කපන්නේ නැද්ද බලන්න. (නි)
ඔය වගේ වෙලාවල් වලට කටහඬවල් කාගේද කියලා හොයන්නේ කොහෙද? හිතේ තියෙන්නේ වෙන මඟුලක්නේ. (නි)
ඇත්තටම මුදලාලි පොඩි විහිළුවක් කරලා තියෙන්නේ නොනව කේන්ති ගස්සන්න. නැත්නම් කොයි මහත්තයාටද අයියෝ දවස තිසේම ඇහෙන බෙලිකටු මල්ලේ සද්දේ අඳුනගන්න බැරි (නි)
බෙලිකටු මල්ල කියන අන්වර්ථ නාමය පිටබැද්දර ජයාට නම් බොහෝ ගැළපෙනවා. ඇයි ඉතින් පැය 24 ම ස්ත්‍රී ගුණ වර්ණනා කරන හැටියට සභාවේ ඇත්තන්ගේ කන් පිනා යනවා. (නි)
පිටබැද්දර මහතාණෙනි, තමන් නින්දා සහගතව අමතන ස්ත්‍රී පරපුරේ, ඔබට ජීවිතය දුන් තැනැත්තියද එක පුරුකකි. විහිළුවෙත් අසාමාන්‍ය අවඥාවෙත් වෙනස අපි දනිමු. හැකිනම් ප්‍රතිකාරයක් ගන්න. (නි)
දැන්නෙ පේන්නෙ ලංකාවෙ අයගෙ පවුල් කොච්චර අවුල්ද කියලා. අදහස් විපරමෙන් බැලුවහම තමයි තේරෙන්නෙ. (නි)
ගුණයහපත් කළණ මිතුරෝ දුක සැප දෙකෙහිදීම ළඟ ඉන්නවා කියලා වික්‍රමගේ ප්‍රකාශයෙන් පේනවා නේද? ඔයාලත් වික්‍රම වගේ යහළුවෝ ආශ්‍රය කරන්න (නි)
පිටබැද්දරට නිතර දෙවේලේ බෙලිකටු මලු දකින්න ලැබෙන්නේ ඉතින් පුදුමයකට නම් නෙමෙයි. ඔබතුමාගේ කටේ හැටියටත්, එහෙම මධුර මනෝහර රාවයක් තමයි දවස තිස්සෙම හරියන්නේ. (නි)
මමත් ඉන්නේ ජයාගේ ස්ථාවරයේ. ගෙදර නෝනාට විහිළුවක් කරලා තියෙන්නේ. අපේ කාන්තාවන්ගේ සාමාන්‍ය දැනුම මදි (නි)
පද්මිණි, කොහොමත් ඉතින් සාමාන්‍ය දැනීමක් තියනවා නම් අපේ කාන්තාවන් සල්ලාල පිරිමින්ට අහුවෙන්නේ නැහැ. තමන්ගේ දුර්වලකම් වහගන්න ගෙදර නෝනාගේ කට සැරකම ආදියට නිදහසට හේතු ආදේශ කරන එක ලංකාවේ සමහර පිරිමින්ගේ හැටියක්නේ. සමහර පිරිමින්ට කොච්චර හොඳ නෝනලා ලැබුනත් උදුම්බරා ලැබුන පිංගුත්තර වගේ තමයි. (නි)
ඔය පිටබැද්දර ගමේ උදවියට හරි යන්නේ කොහොමත් බෙලි කටු මලු තමයි. කනට මිහිරි මී පැණි මලු ලැබෙන්නේ, අඩු ගානේ තමන්ගේ අම්මා ගැන හිතලාවත් ගරු කටයුතු බලවලතුන්ට වැදගත් විදියට අමතන මහත්තුරුන්ට විතරයි. (කෞ)
බිරිඳට කියලා හිතාගෙන ප්‍රධාන කාර්යාලයේ මැඩම්ට කෝල් කරලා වෙච්ච සන්තෑසිය මතකද ජයා? එදත් අනූනවයෙන්නේ ගැළවුණේ (නි)
අද කාලයේ සල්ලි පසු පස දුවන ගමන් අත මිටසරු ව්‍යාපාරිකයන් බැඳ ගන්න බහුතරයක් කාන්තාවන්ගේ ඉරණම මේකයි. මට දුවෙක් ඉන්නවා. ගෙදරට නාකි වුනත් බිස්නස් කාරයෙකුට නම් දෙන්නේ නැහැ. (කෞ)
ඇත්ත තමයි. පිටරටක ඉන්න මම ගෙදරට කතා කරනවිට අම්මා ගෙදර හිටියේ නැත්නම් ෆෝන් එක උස්සන්නේ අවුරුදු 85 ක් වෙන අපේ ආච්චි අම්මා. මගේ කටහඬ ඇහුන ගමන්, "ආ මේ අපේ සංජය කොලූනේ" කියලා කියනවා හරි අපුරුවට. මේ යකාට බිරිඳගේ කටහඬ අඳුනාගන්න බැහැ කියන එක මට නම් පිළිගන්න බැහැ (නි)
අනේ මන්ද මේක පුදුම ලෝකයක්ම තමා. ගෙදර ගෑනිගේ කටහඬ අඳුරන්න බැහැ කියන්නේ! (අ)
මමත් විවාහ වුනේ සාමාන්‍ය රැකියාවක් කරන පොලවේ පය ගසා ජිවත් වෙන කෙනෙක් එක්ක. ඒ දිනවල පොහොසත් තැන් අල්ලා ගත්තු මගේ ඥාති සහෝදරියන් පවුලේ පරමාදර්ශ වුනා. ලංකාවේ හොඳම ව්‍යාපාරික පවුලකට ගිය එක එයින් එක්කෙනෙක් අද මේ පුවතේ සඳහන් ප්‍රශ්නය නිසාම සැමියන්ගෙන් වෙන් වුනා . අනෙක් එක්කෙනා දරුවන් නිසා සැමියාගේ සල්ලාල කම ඉවසාගෙන දුක් විඳිනවා. මගේ මහත්තයාගේ හොඳකම දැන් තමයි කට්ටියට පේන්නේ. (බ)
මෙතන පළවෙන පුවතක් ගානේ ස්ත්‍රී සංහතියට බනින්න හිතෙන කෙනාට නම් ඉතින් මෙහි ලියන වෙනත් මහත්වරුන්ට නැති අමුතු ලෙඩක් තිබෙන බව පේනවා. පුවතේ පිරිමියාගේ ලෙඩේටත් අන්ත එකක් (නි)
ඔය කාන්තිලා සුරනිලගේ වගේම අපේ උන්දැගෙත් ලස්සනට පෙනෙන කටවල් හරියට ඇරියොත් ගල්මෝලකට වඩා සද්දයි. (බ)
ඇත්ත. මේ බිරිඳ වටින් ගොඩින් ආ කටකතා පවා ඉවසාගෙන සිටියේ කරුණු හරිහැටි දැන කටයුතු කළයුතු නිසා. වෙන කෙනෙක් නම් සැමියා ගැන දැනගත් පළවෙනි ආරංචියෙන්ම කලබල වෙනවා. එපමණ ඉවසීමකින් බුද්ධිමත්ව කටයුතු කළ බිරිය අතටම හොර වැඩ අල්ලාගත් පසු ආවේගශීලි වීම සාධාරණයි. (නි)
වැඩි හරියක් පිරිමි ඔය වගේ. (බ)
මම සෑම දිනකම හරියටම එකම වෙලාවක ලංකාවේ අපේ ගෙදරට කතා කරනවා. ඒ වෙලාවට කෝල් එක ආවහම අම්මා හලෝ කියන්නේ නැහැ . 'පුතා' කියලයි කියන්නේ. මගේ පියාගේ හිතවත් ස්වාමීන් වහන්සේ නමක් හරියටම ඒ වෙලාවට කෝල් කළාම අපේ අම්මා "පුතා " කියලා ආමන්ත්‍රණය කළාලු . එවිට උන්වහන්සේ කිව්වලු “නෝනා මාත් පුතෙක් නම් තමයි. හැබැයි දැන් කව්රුවත් මට පුතා කියලා කතාකරන්නේ නැහැ" කියලා (නි)