IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බිරිඳගේ රහස හෙළිවී සැමියා පොලිසි ගිහින්

විවාහවී වසර 4කට පසුව තම බිරිද කලින් විවාහවූ කතක් බව හෙළිවීමෙන් කම්පනයට පත් සැමියා ඇගෙන් දික්කසාද වීමට අවශ්‍ය බව පොලිසියට පැමිණිලි කිරීමේ පුවතක් මාවතගම පොලිසියෙන් ඇසේ. 


ඔහු 29 හැවිරිදි තරුණයෙකි. විදේශගත රැකියාවක නියුතුව සිටි රූමත් ලාබාල පෙනුමැති කාන්තාවක සමග  ඔහු ප්‍රේමයක් ඇතිකර ගත්තේ මුහුණපොත හරහාය. 


වසර ගණනාවක ප්‍රේමයෙන් පසුව ඇය මෙරටට පැමිණ මෙම තරුණයා සමග විවාහ වූවාය. සතුටින් කාලය ගෙවීගියේ  ප්‍රේමයේ අතුරිකිලි වැඩෙමිණි. වසර 4ක විවාහ දිරිය ගෙවී ගියේය. අහඹු ලෙස ඔහුට තම බිරිඳ කලින් විවාහව සිටි කාන්තාවක බවත් ඇයට 28 හැවිරිදි විවාහක දියණියක හා 12 හැවිරිදි පුතකු සිටින බවත් දැන ගන්නට ලැබිණි. ඈ පිළිබඳව තවදුරටත් කරුණු සොයා ගිය ඔහුට අවසානයේ අනාවරණය වූයේ ඇගේ ඇත්ත වයස අවුරුදු 42ක් බවය. 


මෙතෙක් තමා මුලාකළ බිරිඳ ගැන කලකිරීමට හා කම්පනයට පත් තරුණයා මේ සිදුවීම පිළිබඳ මාවතගම පොලිස් කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කළේ ඇගෙන් දික්කසාද වීමට අවශ්‍ය බව පවසමිනි. 


හැගීම්වලට වහල් නොවී අවබෝධයෙන් යුතුව ජීවිතය ගොඩනගා ගන්න යැයි මාවතගම පොලිසියේ කාන්තා කාර්යාංශය භාර ස්ථානාධිපති නිමාලි ඉන්දිකා දැල්කඳුර මහත්මිය තරුණයාට අවවාදයක්ද දෙනු දක්නට ලැබිණි. 


මාවතගම පොලිස් ස්ථානාධිපති සමන් ආරියදාස මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත පොලිස් කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය විසින් මේ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවනු ලබන්නීය.
(මාවතගම කාංචනමාලා බණ්ඩාර) 

 



අදහස් (0)

බිරිඳගේ රහස හෙළිවී සැමියා පොලිසි ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 891 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site