IMG-LOGO

බ්රිඳගේ පොලු පාරට තෙල්ගාවා ගන්න සැමියා අනියම් බ්රිඳ ළඟට ගිහින්

සිය විවාහක බිරිඳගෙන් පොලු පහර කා අනියම් බිරිඳ ලවා තෙල්ගාවා ගත් පුද්ගලයකු සම්බන්ඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


කෑගල්ල ප්‍රදේශයේ ගමක 44 හැවිරිදි දෙදරු පියෙක් සිටී. මොහු කෑගල්ල නගරයේ පෞද්ගලික ආයතනයක වසර 12 ක පමණ කාලයක සිට රැකියාවක් කරයි. මෙම දෙදරු පියා පෞද්ගලික ආයතනයේ සේවය කරන සැමියා හැර ගොස් සිටින එක් දරු මවක සමග වසර පහක පමණ කාලයක සිට අනියම් සම්බන්ධතාවක් ඇති කරගෙන ඇති බව ද වාර්තා වෙයි. 


මෙම අනියම් සම්බන්ධතාව පිළිබඳ විවාහක බිරිඳ දැන ගෙන ඇත්තේ මීට වසර දෙකකට පමණ ඉහතදීය. ඒ දුරකථනයේ තිබූ කෙටි පණිවිඩ කිහිපයකිනි. 


සිය සැමියා අනියම් සම්බන්ධයක් පවත්වනවා යැයි දැන ගත්ත ද බිරිඳ ඒ සම්බන්ධයෙන් සැමියාගෙන් විමසීමට ගියේ ද නැත. පසු ගිය දිනක වැඩට යනබව පවසා වෙනදාට වඩා ලක ලැහැස්ති වී ගිය සැමියා පිළිබඳ බිරිඳට සැකයක් ඇති විය. 


පසුව ඇය දරුවන් දෙදෙනාත් රැගෙන දහවල් කෑගල්ල නගරයේ සිය සැමියා සේවය කරන පෞද්ගලික ආයතනයට ගොස් සැමියා පිළිබඳව විමසීමක් ද කළාය. එහිදී ආයතනයේ සේවය කරන සේවකයකු කාන්තාවට පවසා ඇත්තේ සැමියා එදින වැඩට පැමිණියේ නැති බවත් පෙර දින වැඩ ඇරී නිවසට යන අවස්ථාවේ දී පසුදා නොඑන බව පවසා ගිය බවත්ය.


පසුව කාන්තාව දරුවන් දෙදෙනා සමග නිවසට පැමිණ ඇති බව ද වාර්තා වෙයි. සැමියාද වෙනදා පැමිණෙන වේලාවට නිවසට පැමිණි‍යේය. ඔහු ඇඳුම් ගලවා නා ගැනීමට නිවෙස පිටුපස තිබූ වතුර ටැංකියට ගිය වෙලාවේ දි බිරිඳ දුරකථනය පරීක්ෂා කළාය.
එහිදි ඇයට දැකගත හැකි වි ඇත්තේ අනියම් බිරිඳ සමග මහනුවර වැව අසලදී කරට උඩින් අත දමාගෙන හා හෝටලයකදී අනියම් කාන්තාව යම් කෑමක් සිය සැමියාට කවන අයුරු ගත් සෙල්පි ඡායාරූප කිහිපයකි.


පසුව කාන්තාව සිය සැමියා නාගෙන ගෙට පැමිණීමෙන් පසුව අද ඔයා වැඩට ගියේ නැද්ද? මම ගියා වැඩ කරන තැනට ඔයා සිටියේ නැහැ කොහේද අද හදීසියේම ගියේ යැයි ඇසුවාය. පසුව දෙදරු පියා පැටලි පැටලි බොරු ගොතනවිට කාන්තාව තරමක් ආවේගශීලි වූවාය. දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් වූ අවස්ථාවේ දෙදරු පියා බිරිඳට අතින් පහර එල්ල කර ඇතැයි වාර්තා වෙයි. 


පසුව දරුවන් දෙදෙනාගේ ද හඬා වැළපීම මධ්‍යයේ  බිරිඳ කුස්සියේ තිබු පොල්ලකින් සිය සැමියාගේ පිට හරහා පහර කිහිපයක් එල්ල කළාය. පසුව දෙදරු පියා සාමාන්‍ය ඇඳුමෙන් සැරසී බසයෙන් අනියම් කාන්තාවගේ නිවසට රාත්‍රියේ ගොස් පොලු පහර වැදී ගෙඩි ගැසුණු තැන්වලට තෙල් ගල්වාගත් බවද වාර්තා වෙයි. 
-කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න



අදහස් (2)

බ්රිඳගේ පොලු පාරට තෙල්ගාවා ගන්න සැමියා අනියම් බ්රිඳ ළඟට ගිහින්

sampath Saturday, 19 September 2020 02:41 PM

මේ මනුස්සයා ගෙදරට සලකනවා නම් ආයේ මොන එහෙකටද පොලුවලින් ගහන්නේ..? මොකක්හරි අඩුවක් නිසා වෙන සම්බන්ධයක් ඇති. බටහිර රටවල නම් මරාගන්නේ නැහැ. එකට කාලා බීලා, කතාකරලා සුහදව ජීවත් වෙනවා.

:       9       46

Sampath Thursday, 24 September 2020 02:05 PM

සම්පත්, මමත් සම්පත් , ඔයාගේ බිරිඳ මේ වගේ වැඩක් කළොත් ඔයාට කොහොමද දැනෙන්නේ? දැන් බටහිර පන්නෙට පුරුදු වෙන්න කියලද ලාංකිකයින්ට කියන්න හදන්නේ? මේ ප්‍රශ්නය ඔයාට ඇතිවෙන දවස වැඩි ඈතක නෙවෙයි. මොකද ඔය කියන බටහිර පන්නයේ අය තමයි අද ලංකාවේ 99%ක් ඉන්නේ. ඉතින් කොහෙද සමාජය, දරුවෝ හදන්නේ? ඔයාට දරුවෝ හෙම ඇතිනේ. දරුවන්ට පොඩ්ඩක් කියලා දෙන්නකෝ මේ ක්‍රමය. එයාලා ලොකු වුණාමත් ඒක අනුගමනය කරන්න කියන්න. ඔන්න සම්පත්ගේ මොලේ....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 51 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1600 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1715 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site