IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


බොරු රන්මාලයක් පැළඳි ගුරුවරියට රන්මාල කඩන්නාගෙන් දෝස්මුරයක්

රන් මාලයක් වෙනුවට බොරු මාලයක් පළඳා තමා රැවටූ බව දැනගත් රන් මාල සොරකු කෝපයට පත්ව තමාට අසභ්‍ය වචනයෙන් බැණ වැදුනැයි ගුරු මහත්මියක තිහගොඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇත. පසුගියදා හක්මන, දෙනගම වැව අසලදී පා ගමනින් ගිය මෙම ගුරු මහත්මියගේ ගෙල පැළඳි මාලය කඩා ගෙන ගොස් ඇත්තේ යතුරුපැදියකින් පැමිණි තරුණයෙකි. මොහොතකට පසුව එම යතුරුපැදියෙන්ම පැමිණි ඔහු මාලය ඇය වෙතට විසිකොට එය රත්තරන් එකක් නොව, ඉමිටේෂන් එකකැයි පවසමින් ඇයට අසභ්‍ය වචනවලින් බැණ වැදුණු බවත්, ඒ වන විට තමන් අසල විශාල පිරිසක් සිටි හෙයින් තමා ඉමහත් ලජ්ජාවට පත්වූ බවත් පැමිණිල්ලේ සඳහන් වෙනවාලූ.



අදහස් (0)

බොරු රන්මාලයක් පැළඳි ගුරුවරියට රන්මාල කඩන්නාගෙන් දෝස්මුරයක්

කරෝලිස් Wednesday, 30 May 2012 02:02 PM

පව් අනේ එයා...

:       0       0

සුදු නංගා Thursday, 31 May 2012 01:24 AM

කෝ මේ අලිබබා..... මේක හරියන්නෑ.. දැන් එන්න එන්නම දෙයියෝ සාක්කිම තමා..:(

:       0       0

රංජිත් Wednesday, 30 May 2012 09:15 AM

නැවතත් ඒ වගේම නිව්ස් 1 ක්

:       0       0

ලංකා දියණිය Thursday, 31 May 2012 04:03 AM

ලංකාපුත්‍ර හක්මන පැත්තෙන් ජීවිතේටම ඇති වෙන්න හොද කෑමක් කාලා තියෙන හැඩයි

:       0       0

ලක්ෂාන් Thursday, 31 May 2012 05:22 AM

මගේ යාළුවෙකුටත් එහෙම වුණා

:       0       0

ලක්ෂාන් Thursday, 31 May 2012 04:42 AM

මගේ යාඵවෙකුටත් ඔහොම වුණා ..

:       0       0

‍‍කෝර‍ලේ මහත්තයා Wednesday, 30 May 2012 10:31 AM

හ‍නේ..අම්මාපල්ල........ම‍‍යේ අතට අහුවුනානම්..

:       0       0

ජොලි බෝයි Wednesday, 30 May 2012 03:35 PM

හක්මන පැත්තේ හින්ද හොඳයි..

:       0       0

මන්ජුල Thursday, 31 May 2012 08:16 AM

පව් අසරණ හොරා. එදා දවසෙම බඩගින්නේ ඉන්න ඇත්තේ..

:       0       0

දුලීප් Wednesday, 30 May 2012 10:53 AM

පරණ කතාවක් නේද?

:       0       0

ලංකා පුත්‍ර Wednesday, 30 May 2012 04:16 PM

හක්මන පැත්තේ ඉන්නේ කපටි ගෑනු. අපේ ඔපිස් එකෙත් ඉන්නවා ඒහෙම ඒක්කෙනෙක්

:       0       0

දයාsaudi Wednesday, 30 May 2012 11:05 AM

ඕක සිද්ද වෙන අවස්ථාවේ විශාල පිරිසක් හිටියා නම් කොන්ද පණ තියෙන එකෙක් හිටියේ නැද්ද ඒ අතරේ

:       0       0

ලාල් පෙරේරා Wednesday, 30 May 2012 11:14 AM

මාල හොරාට හොඳ වැඩේ ....

:       0       0

සක්කරවට්ටම් Thursday, 31 May 2012 09:37 AM

ඒකත් තව දෝස්මුරයක්ද කොහෙද...

:       0       0

අලිබබා Wednesday, 30 May 2012 04:11 PM

ඔන්න එක පිරිමි ලමුන්දෙදෙනෙක් බසයක් එනතුරු බලාසිටින විට මේ අය දුටුවා ඈත එක් මනුෂ්‍යයෙක් කකුලක් අද්දමින් එනවා. එවිට මේ දෙදෙනා කතාවෙලා එක්කෙනෙක් අනේකාට කියනවා අර මනුෂ්‍යයාගේ දනිස්සේ අමාරුවකට තමයි ඒ කකුල අද්දමින් එන්නේ කියා. එවිට අනික් මිතුරා පවසනවා නෑ , ඒ මනුෂ්‍යයාගේ විලු‍ඹලග වලලුකර උලුක්වීමක් වෙලා ඇති ඒකතමයි එහෙම කකුල අද්දමින් එන්නේ කියල. එවිට එම මනුෂ්‍යයා මෙම මිතුරන් දෙදෙනාව පසුකරමින් යනවිට එක් අයෙක් අසනවා, ඔයාගේ දණහිසේ අමාරුවක් නේද? කියලා ඒ මනුෂයයා මොන දණහිසේද? යනුවෙන් විමසන විටම අනෙක් මිතුරා පවසනවා ඒකනේ මම කිවුවේ එයාගේ කකුලේ විලු‍‍ඹලග තමයි අමාරුව තියෙන්නේ මෙසේ පවසනාවත් සමගම අර මනුෂ්‍යයා මෙසේ පිළිතුරු දුන්නාලු. මොන විලුඔද ඕයි? මගේ සෙරෙප්පුව කැඩිලා.බලනවා කකුලබිම තියන්නැතිව බොහොම අමාරුවෙන් මම යන්නේ කුකලේ මඩවදින හින්දා. අර සෙරෙප්පු මහන මනුස්සයා ලගට තමුසෙල එනවා මට ලෙඩ දෙන්න. කියමින් කේන්තියෙන් ගියාලු.

:       0       0

සල්ස් Wednesday, 30 May 2012 05:03 PM

මේ වගේ කතාවක් අපි මීට ඉස්සර ඇහුවා..

:       0       0

සජී Wednesday, 30 May 2012 11:32 AM

අනේ අපොයි මේ වගේ රටක් කවද හැදෙයිද මන්ද ..

:       0       0

රුවන් Wednesday, 30 May 2012 11:48 AM

ඉතින් මේ හොරාව අල්ලල පොලීසියට භාර දෙන්න ...

:       0       0

ෆෝරෝ Wednesday, 30 May 2012 05:22 PM

අනේ අනේ. දෙයියන්ට දැන් සාක්කි ඇති වෙලාද?

:       0       0

dompe malli Wednesday, 30 May 2012 12:13 PM

පෙට්ට්‍රල් වියදම දැන්ද දැනෙන්නේ.....

:       0       0

මංජුල Wednesday, 30 May 2012 05:41 PM

ලියන්න දේවල් ඇත්තෙම නැද්ද මන්දා

:       0       0

අමිල Wednesday, 30 May 2012 11:52 AM

මොන මෝඩයොද මේ? ඇයි හොරාව අල්ල ගන්න බැරිවුණේ?

:       0       0

අහිංසකයෙක් Wednesday, 30 May 2012 12:19 PM

හොරුන්ට මෙච්චර හයියක් ති‍යෙන්නෙ නීතිය හරියටම ක්‍රියාත්මක වන නිසා වෙන්නැති. අද නීතියට වෙලා තියෙන දේ.

:       0       0

ජගත් Wednesday, 30 May 2012 06:12 PM

ලෝ .. ලෝ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1665 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 564 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 652 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site