කොළඹ සුපිරි වෙළෙඳසලකට ඇතුළු වූ තරුණ කාන්තාවක නවතම විලාසිතාවලින් සැරසී සිටියාය. ඇය පැමිණියේ අවුරුදු හතරක් පමණ වයසැති සිය පුතු සමඟය. වෙළෙඳසලේ පසෙක අසුරා තිබූ කූඩයක් ගත් ඇය තමාට අවශ්‍ය භාණ්ඩ එයට දමද්දී වෙළෙඳසලේ රාජකාරියේ නියුතුව සිටි කාන්තා ආරක්‍ෂක නිලධාරිනියක් පැමිණෙන සෑම පාරිභෝගිකයෙකු ගැනම විමසිල්ලෙන් සිටියාය. අධි ශීතකරණය අසලට ගමන් කළද දරුවා එහි ඇතුළත පෙන්වා සිය මවට මෙනවාදෝ කියනු දක්නට ලැබුණි. පසුව කාන්තාව අධි ශීතරණයෙන් හිම කිරමක් ගෙන දරුවාට දුන්නාය. දරුවාද එය රැගෙන කොළය ඉවත් කර රසවිඳින්නට විය. අවශ්‍ය භාණ්ඩ කූඩයට දැමීමෙන් අනතුරුව කාන්තාව සිය දරුවා සමඟ කවුන්ටරයට පැමිණ මුදල් ගෙව්වාය. ආරක්‍ෂක නිලධාරිනිය මුදල් කවුන්ට්රයේ සිටි තරුණිය අසලට ගොස්, ”අර බබා අයිස් ක්රීම් එකක් කෑවා. ඒකට බිල දැම්මාදැයි කනට කර ඇසුවාය. ඒ ගැන කිව්වේ නැහැයි” පැවසූ තරුණිය ”මැඩම් පොඩි එක්කෙනා මුකුත් කෑවාදැයි” කාන්තාවගෙන් විමසුවාය. ”නැහැ මුකුත් කෑවේ නම් නැහැ” පැවසූ කාන්තාව ”පුතා මොනවා හරි කෑවාදැයි” දරුවාගෙන් ප‍්‍රශ්න කළාය. එවිට දරුවා, ”ඇයි අම්මී කීවේ අයිස් කී‍්‍රම් කාලා ”ඩස්ට් බින්” එකට කොළේ දාන්න කියලා” යැයි මවට කීවේය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම ලොකු වුණත් පොඩි වුණත්, හොරකම හොරකමම තමයි. (නි)
පොඩි අය එක්ක හොර බොරු බැහැ කියන්නේ ඒකනේ. (නි)
අයියෝ සල්ලි පුතේ
ඔහොම දේවල් අපිටත් වෙනවා. ගණන් ගන්න එපා. (නි)
පොඩිපුතාට බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා ලාංකිකයෙක් වෙන්න. ලොකු වෙන කොට හරියයි. (ස)
ඔබලාගේ පත්තරය ඉතාම හොඳයි. මමත් හැකි හැමවෙලාවෙම කියවනවා (ස)
මෙහෙමත් මනුස්සයෝ (ස)
ළමයි ඉක්මනට ඉගෙන ගන්නවා.අම්මට කවදාහරි ඔය දේ අත්විදින්න වේවි (ස)
පොඩි කාලෙදිම ලන්මයාට බොරු උගන්නනවා
නියමයි
කට්ටියම ෂාමිගේ සුපර් මාර්කට් එකට යන්න. (නි)
අයියෝ සල්ලි
බොහොම ලස්සනයි ආදර්ශය නම්. (නි)
හොඳ පාඩම මේ අම්මට පුතාලව අරගෙන කඩවල් ගානේ යනවට...ඊලඟ වතාවේ පුතා ගෙදර තියලා යන්න හොඳේ (ස)
සුපර් මාකට් වල තියෙන ඕනෑම ආහාරයක් ඇතුළේදී අනුභව කළාට මිළක් ගෙවන්න ඕනෑ නැහැ. (නි)
හොරකම ලොකු වුනත් පොඩි වුනත් හොඳ නෑ. ඒක දරුවන්ට පොඩිකාලේ ඉඳලම කියලා දෙන්න ඕන. ආදර්ශයෙනුත් පෙන්නන්න ඕන. නැත්තම් දරුවන් ලොකු හොරු වුනත් කරබාගෙන ඉන්න වෙනවා (ස)
අනේ බේබි හොරකම් කරන්න හොඳ නෑ (ස)
මොන වෙළඳ සැලේද මෙහෙම තියෙන්නේ (ස)
මේ වගේ අවස්ථාවක ගණුදෙනුකරුවන් අනෙත් අය ඉදිරියේ අපහසුතාවකට පත්නොවන පරිදි ඒ සම්බන්ධව කටයුතු කරන්න එම ආයතන නිලධරින් පරිස්සම් විය යුතුයි. (අ)
මරේ මරු හොදේ (ස)
අනේ මෙහෙමත් අමිමලා............... (ස)
රටේම ඉන්න කට්ටිය හොරා කද්දී, මේ පොඩි අයිස් ක්රීම් එකක් හොරෙන් කෑවහම මොකද වෙන්නේ? (නි)
පුතේ ...! අම්මා වගේ හැදෙන්න එපා හොඳේ ....! (ස)
ඔන්න දැක්කා නේද බොරු කියන්න එපා කියන්නේ ඕකනේ (දී)
මේක අමතක වීමක්. මේ අම්මට ගරහන්න එපා .(ස)
අම්මලා ළමයින්ට උගන්වන්න ඔන දේවල් ළමයි අම්මලාට උගන්වනවා........(ස)
හොරකම හොරකමම තමයි. (නි)
සාගරී සහ වසන්තගේ නම් අදහස් නියමෙටම ගැළපෙනවා. (නි)
ඒක මහ ලොකු දෙයක් ද (ස)
ඔහොම දෙමවුපියන් නිසා අද දරුවන් කීදෙනෙක් අමාරුවෙද? එයාලගේ ඡායාරූප ප්‍රසිද්ධ කළා නම් ලැජ්ජාවට ආයිත් එහෙම දේවල් කරන එකක් නැහැ. (නි)