IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බොරු කොණ්ඩය වැටිලා මඟුලත් සුන්

(අලව්ව ජයන්ත කුමාර දිසානායක)

තට්ටය වැසී යන ලෙස හිස පැළඳි බොරු කොණ්ඩය ගැලවී මනාලියගේ පියාගේ දෙපතුල ඉදිරිපිට වැටීමෙන් බෑණා වීමට සිටි පුද්ගලයාගේ සැබෑ ස්වරූපය මනාලිය සහ ඇයගේ මව්පිය නෑදෑ පිරිස ඉදිරියේ හෙළිදරව් වූ පුවතක් මාඔය අසබඩ ගම්මානයකින් වාර්තා වේ.

සිද්ධිය මෙසේය.

කපුවකු මාර්ගයෙන් ගෙන ආ යෝජනාවකට අනුව රජරටින් පැමිණි මනාලයාගේ මව්පිය දෙදෙනා ඇතුළු නෑදෑ පිරිස දස දෙනෙකි.

මනාලියගේ පාර්ශ්වයේ මව, පියා සහ නෑදෑ හිතවත්හු නිවෙසට පැමිණි මනාලයා ඇතුළු පිරිස සාදරයෙන් පිළිගෙන ඔවුන්ගේ වතගොත විමසීමෙන් පසු කැවිලි පෙවිලිවලින් මෙන්ම බත බුලතින් ද සංග්‍රහ කළහ.

මනාලයා සමඟ පැමිණි පිරිස ද මනාලියගේ වතගොත සොයා බලා ආගිය තොරතුරු කතා කිරීමෙන් පසු මඟුල තීන්දු කර ගනිමුයි කියා, දෙපිරිස අතර ගිවිසගෙන පිටත්ව යාමට පෙර මනාලියගේ පාර්ශ්වයේ සහ මනාලයාගේ පාර්ශ්වයේ පිරිස සම්ප්‍රදායට ගරු කරමින් ආචාර සමාචාරයේ යෙදෙන්නට විය.

මනාලයා ද තම පිරිස අනුව යමින් මනාලියගේ පියාට බිමට නැමී දෙදන නමා නමස්කාර කර යළි නැගී සිටිනවිට ඔහු හිස පැළඳ සිටි බොරු කොණ්ඩය හිසෙන් ගැලවී මනාලියගේ පියාගේ දෙපතුල ඉදිරිපිට වැටිණි. සියල්ලෝම එම සිදුවීමෙන් මවිතයට පත්වූ අතර ලජ්ජාවටත් අපහසුවටත් පත්ව සිටි මනාලයා දෙස බැලූ මනාලියගේ පියා අහුලාගත් බොරු කොණ්ඩය මනාලයා අතට දෙමින් පැවසුවේ “අනේ පුතේ ආයේ නම් මේ පැත්ත පළාතේ නාවට කමක් නෑ.. ආයේ මනාලියක් බලන්න යනකොට ඔය බොරු කොණ්ඬේ හිරට ඔලුවේ ගැටගහගෙන යන්න” ලෙස උපදෙසක් ද දෙමිනි.

එතෙක් නිවසේ රැඳී සිටි මනාලයා ඇතුළු පිරිස පැමිණි රථයෙන් පිටත්ව ගියේ පවනට බඳු වේගයෙනි.
“මේවා කාටත් හොඳ පාඩම්, ඔන්න ඕකයි බොරුවට වැඩි ආයුෂ නැහැයි කියන්නේ” යි පැවැසුවේ එතෙක් එම සිදුවීමෙන් අපහසුවටත්, කෝපයටත් පත්ව සිටි දියණිය, බිරිඳ සහ නෑදෑ හිතවතුන් තවදුරටත් අස්වසාලමිනි.

 



අදහස් (0)

බොරු කොණ්ඩය වැටිලා මඟුලත් සුන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 897 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site