(දූනගහ - බටේපොළ විජේසිරි)
වයෝවෘද්ධ මවකව මහජන ආධාර මත ලැබුණු රුපියල් 1,500ක මුදල යතුරුපැදියකින් ආ තරුණයකු විසින් වංචනික ලෙස රැගෙන යනු ලැබීමේ පුවතක් දිවුලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

මාසයේ මහජන ආධාර ලබා ගැනීමට දිවුලපිටිය තැපැල් කාර්යාලයට පැමිණ මෙම අත්තම්මා නියමිත මුදල ද ලබාගෙන මහ පාරට පැමිණියේ පා ගමනින්ම නිවෙසට යාමටය.
ඇය තමාට ලැබුණු මුදලින් නිවසේ ලෙඩ ඇඳේ සිටින සැමියාට කිරි පැකට්ටුවක්, මිනිබිරියට පබළු මාලයක් ආදිය ගෙන යාමට සිතුවාය.
එහෙම කළොත් ලොකු මුදලක් යාවි යැයි ඇයට සිතුණි.
ඒ සමගම යතුරුපැදියක් ඇය අසල නැවතුණේය. එහි සිටියේ තම ලොකු දුවගේ බාල කොලුවාට සමාන ගැටයෙකි.
“ආ.... නැන්දේ, ගෙදර යනවද?” ඔහු විමසීය.
“ඔව් පුතේ.... මම පින් පඩිය ගන්න ආවා. නාලක පුතා නම් ගෙදර”
“නාලකය ගෙදරද?”
“නැන්දෙ මම නැන්දව ගෙදරට ගිහින් ඇරලන්නම්. නැන්ද අතේ සල්ලි තියනව නම් මට එක්දාස් පන්සීයක් දෙන්න. මම ගෙදර ගිය ගමන්ම දෙන්නම්”.
ඇය කොලුවාට රුපියල් එක්දහස් පන්සීය දුන්නාය. කොලුවා එය රැගෙන යතුරුපැදියෙන් ඉගළී ගියේය.
අත්තම්මා පාරට වී බලා සිටියේ නාලක පුතාගේ මිතුරා ආපසු එන තුරුය.
ඔහු ආවේ නැත.
අත්තම්මාට ඇඬුම් ආවාය. ඇය හඬනවා දුටු ත්‍රිරෝද රියැදුරකු සිද්ධිය අසා කම්පාවට පත්ව ඇය නිවසට ඇරලුවාය.
අත්තම්මා මේ සිද්ධියෙන් තවමත් කම්පාවට පත්වී සිටින්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ තරුණ ජවයක් රටට මොකටද? මේ මනුස්සයාට රුපියල් 100ක් 200ක් දිනාගන්න පුළුවන් තරුණයෙක් මේ සමාජයට නිර්මාණය කරගන්න බැරි තරමට පිරිහිලා ලංකාවේ මහජන අාධාර ලබන්න අන්ත දිලිඳු අහිංසක ජනතාව අනිවාර්යයෙන්ම මේ සල්ලිවලින් කුඩු ගහන්න යන්න ඇති. ආයේ දෙකක් නැහැ.