IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බෝම්බ පුවත් මැවූ ‘ගමේ රොයිටර්’ කූඩුවේ

ත්‍රස්ත ප්‍රහාරයත් සමග රට තුළ ඇති වූ තත්ත්වය පිළිබඳව උණුසුම් පුවත් සපයන්නට ගිය කටකථා පතුරවන්නෙකු මුහුණ දුන් සිදුවීමක් නිකවැරටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

නිකවැරටිය නගරයට ආසන්න පෙදෙසක වෙසෙන අයෙකු මෙදින නිකවැරටිය නගරයට පැමිණියේ යම් අවශ්‍යතාවකටය. ඔහු තම අවශ්‍යතාව ඉටුකරගෙන අසල දුරකථන සේවා සැපයුම් ස්ථානයකට ගොඩ වූයේ තම ජංගම දුරකතනයට රීලෝඞ් එකක් දමා ගැනීම සඳහාය.


එම ව්‍යාපාරික ස්ථානයේ ඒ අවස්ථාවේ හිමිකරු නොසිටි අතර එක් සේවිකාවක් පැමිණ සිටියාය. රී ලෝඞ් එක ද දමාගත් ඔහු වෙළෙඳ සේවිකාව සමග කථාවට වැටුණේය. හෙතෙම තමා ගමේදී මෙන් විවිධ රොයිටර් පුවත් මවන්නට විය. ඔහුගේ මාතෘකාව වූයේ රටේ පවතින ත්‍රස්තවාදී ක්‍රියා පිළිබඳවය. ඒ පිළිබඳව හොඳින්ම දන්නා අයෙකු ලෙස ඔහු කට මැත දොඩවන්නට වූයේය. වෙළෙඳ සේවිකාව ද අන්දමන්දව බලා සිටියේ මොහු කියන දේවල් සත්‍ය විය හැකි බව සිතමිනි.


මෙම අවස්ථාවේ තවත් කාන්තාවක ව්‍යාපාරික ස්ථානයට ගොඩ වැදුනේ රීලෝඞ් එකක් දමා ගැනීමටය. මෙම පුද්ගලයාගේ කථාවට කන්දීගෙන සිටි කාන්තාව ද ඔහු සමග කතාවට වැටුනාය. ඒ සැනින් උණුසුම් පුවත් මවමින් සිටි පුද්ගලයාගේ පුවත් මැවීම ද ඉහළ ගියේය. නිකවැරටිය නගරයේ බෝම්බයක් පිපිරවීමට නියමිත බව ද අවසානයේ පැවසුවාය.


කලබලයට පත් කාන්තාව එළියට පැමිණ රහසේම පොලිසියට මේ බව දැනුම් දුන්නාය. යළි ආපසු පැමිණ නැවත එම පුද්ගලයා සමග කථාවට වැටුණේ පොලිසිය පැමිණෙන තුරු මොහු රඳවා ගැනීම සඳහාය. සුළු වෙලාවක් ඇතුළත පොලිසිය එම ස්ථානයට පැමිණෙනවාත් සමගම මෙම පුද්ගලයා පැන යන්නට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.


පොලිස් අත්අඩංගුවට පත් වූ පුවත් මවන්නා අධිකරණය මගින් දින 14ක් බන්ධනාගාර ගත කෙරුණේ නොසිතූ අයුරිනි. දින 14ක් බන්ධනාගාරයේ සිට ඇප ලබා ගමට ගිය ද මෙම පුද්ගලයාට ගමට මුහුණ දීමට නොහැකිව නිවසටම වී සිටියේලු.



අදහස් (0)

බෝම්බ පුවත් මැවූ ‘ගමේ රොයිටර්’ කූඩුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site