IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


බීමතින් පොළඟකු අල්ලද්දී දෂ්ට කරලා

යහළුවන් කීපදෙනකු සමග කසිප්පු බී වෙරි මරගාතේ යනවිට අතරමගදී හමුවූ පොළඟකු පුරුක් ඇද පෙන්වන බව පවසා අතින් අල්ලා ගත් ද්‍රවිඩ පුද්ගලයකු එම පොළඟා විසින් දෂ්ට කොට මිය ගිය පුවතක් දෙහි ඕවිට සපුමල්කන්ද වත්තෙන් අසන්නට ලැබුණි.

සිද්ධිය සැකවින් මෙසේය. එම වත්තේ කිරි කැපීම දළු කැඞීම මෙන්ම අනෙකුත් කුලී වැඩ කරමින් සිටින බහුතරයක් පිරිස ද්‍රවිඩ ජාතිකයෝය. මෙම පිරිස වැඩිදෙනා දිනපතා හවසට කෙසේ හෝ ළඳු කැලෑ අඩි පාරවල් පැන ගොස් හොර සුරා පොළකින් හොඳ හැටි පදම්වීමට පුරුදු වී සිටිති.

එදිනද ඉහත කී පුද්ගලයා වැඩ අවසන් වී යහළුවන් කීපදෙනකු සමග හොර සුරා පොළකින් පදමට දෙකක් දමාගෙන ආපසු නිවෙස බලා එන්නට පිටත් විය. බිම් කළුවරද වැටී තිබුණු එම අවස්ථාවේ පාරේ ලඳු කැලෑවකින් හිටි හැටියේ මතුවූ දැවැන්ත පොළඟකු පාර හරහා යන්නට විය.

සුරා මතින් සිටි එම පුද්ගලයා යහළුවන්ගේ කීම නොතකා එකවර පැන පුරුක් ඇද පෙන්වන බව පවසා දැවැන්ත පොළඟා අල්ලාගෙන ඉහළට ඔසවා ඇත. මරු විකලෙන් සිටි පොළඟා එකවරම එම පුද්ගලයාගේ මුහුණ සපා කා ඇත.

යහළුවන් පිරිස විසින් එම පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ගෙන ගොස් ඇති අතර වෛද්‍යවරු ඔහු එවලේම ගිලන් රථයකින් අවිස්සාවේල්ල රෝහලෙන් කොළඹ ජාතික රෝහලට යවා ඇත. කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලැබූ ඔහු දින කීපයකට පසු මිය ගියේය.



අදහස් (0)

බීමතින් පොළඟකු අල්ලද්දී දෂ්ට කරලා

සමන් Friday, 21 February 2014 12:57 PM

හොඳ පාඩම බීල සිංහයෝ වෙන අයට .පව් අහිංසක සර්පයා. උට මොනවා උනාද කියල මට දුක මේ කසිප්පු කාරයව දෂ්ට කරලා. (අ)

:       0       0

අහිංසක Thursday, 20 February 2014 12:59 PM

හොර සුරා පොළකින් සප්පායම් වෙලා හිටපු නිසා පොලඟට මොන වෙලාද දන්නේ නැහැ. පව් අහිංසක සතා. සිංහයා බඩේ දාගත්තම පොරවල් වෙන යන හැමෝටම මේවා හොද පාඩම් . (අ)

:       0       0

අශෝක Thursday, 20 February 2014 02:40 PM

මේක පාඩමකට අරගෙන අනිත් යාලුවෝ ටිකත් මතට තිත තිබ්බොත් දරුපවුල සමග ඉදිරිය සතුටින් ගතකරන්න පුළුවන් වෙයි.(දිල්)

:       0       0

අනුපම Thursday, 20 February 2014 03:00 PM

ඔහොම පුරුක් අදින්න ගිය තව කෙනකු ගෙ මුහුණ තුවාල වෙලා නන්දිකඩාල් කලපුවෙ මැරිල හිටියා. අනිත් අයටත් කියන්නෙ පාඩුවෙ ඉන්න අයට කරදර කරල වැඩ වරද්ද ගන්න එපා කියල‍.(දී)

:       0       0

දම්මික Saturday, 22 February 2014 11:57 PM

ඇති ඔයින් ගියා (දී)

:       0       0

දිසානායක Saturday, 22 February 2014 11:57 PM

එතකොට පහනද දොස්තර .අහෝ ප්‍රීති ප්‍රීති .... (දී)

:       0       0

චන්දි Friday, 21 February 2014 09:45 PM

හිනාවෙන්න දෙයක් පලවෙලා අහා ප්‍රීතියි ප්‍රීතියි..!! ලක්ෂ්මන් ජයවර්දන සමග පහන් මල්ලිගේ අදහස් දෙකට ගොඩක් හිනා උනා ඔය දෙන්නටම ස්තුතියි...!! පොලගෙක් අල්ලන්න තරම්ම වෙරි වෙලා තිබුනද මන්දා ....? (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Saturday, 22 February 2014 12:32 AM

මේකනේ ,බීපු ගමන් අමුතු වීරයෝ වෙන්න හදවනේ අපේ අය.අඩුම ගානේ කෙලින් ඉන්න බැරි උනත් වීර වැඩ කරන්න හදනවා අනිත් අයට පේන්න.කෑවට පස්සේ කට්ටියටම වෙරි හිදෙන්න ඇතිනේ.(අ)

:       0       0

ආරියසේන Thursday, 20 February 2014 09:45 PM

වෙරි මතට පොළඟ ගරඳිය වගේ පෙන්න ඇති. (අ)

:       0       0

ශානි Sunday, 23 February 2014 11:06 AM

අරක්කු බොනවා මදිවට සත්තුන්ටත් හිරි හැර කරනවා .ඔහොම නොවුනන තමා පුදුමේ (දී)

:       0       0

දිසානායක Sunday, 23 February 2014 11:08 AM

මොකද කියන්නේ නැවත එකත් වෙලා දෂ්ඨ කරමුද පහන් කොල්ලෝ (දී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Thursday, 20 February 2014 10:10 PM

පොළගත් ඒ වෙලාවේ අනෙක් කසිප්පු පොලෙන් දෙකක් දා ගෙන පාර මාරු වෙන වෙලාවලු.පොළගිත් එක්ක පොඩි වලියක් දා ගෙනලු පොළඟා ඇවිත් තිබුනේ.(අ)

:       0       0

පහන් Friday, 21 February 2014 07:21 AM

දෂ්ට කරපු සර්පයා අදුනනවද කියල දොස්තර මහත්තය ඇහුවලු .මෙයාගේ යාළුවා කිව්වලු අදුනනවානම් දෂ්ට කරනවද මහත්තයෝ කියල .(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1242 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1205 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 441 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site