යහළුවන් කීපදෙනකු සමග කසිප්පු බී වෙරි මරගාතේ යනවිට අතරමගදී හමුවූ පොළඟකු පුරුක් ඇද පෙන්වන බව පවසා අතින් අල්ලා ගත් ද්‍රවිඩ පුද්ගලයකු එම පොළඟා විසින් දෂ්ට කොට මිය ගිය පුවතක් දෙහි ඕවිට සපුමල්කන්ද වත්තෙන් අසන්නට ලැබුණි.
සිද්ධිය සැකවින් මෙසේය. එම වත්තේ කිරි කැපීම දළු කැඞීම මෙන්ම අනෙකුත් කුලී වැඩ කරමින් සිටින බහුතරයක් පිරිස ද්‍රවිඩ ජාතිකයෝය. මෙම පිරිස වැඩිදෙනා දිනපතා හවසට කෙසේ හෝ ළඳු කැලෑ අඩි පාරවල් පැන ගොස් හොර සුරා පොළකින් හොඳ හැටි පදම්වීමට පුරුදු වී සිටිති.
එදිනද ඉහත කී පුද්ගලයා වැඩ අවසන් වී යහළුවන් කීපදෙනකු සමග හොර සුරා පොළකින් පදමට දෙකක් දමාගෙන ආපසු නිවෙස බලා එන්නට පිටත් විය. බිම් කළුවරද වැටී තිබුණු එම අවස්ථාවේ පාරේ ලඳු කැලෑවකින් හිටි හැටියේ මතුවූ දැවැන්ත පොළඟකු පාර හරහා යන්නට විය.
සුරා මතින් සිටි එම පුද්ගලයා යහළුවන්ගේ කීම නොතකා එකවර පැන පුරුක් ඇද පෙන්වන බව පවසා දැවැන්ත පොළඟා අල්ලාගෙන ඉහළට ඔසවා ඇත. මරු විකලෙන් සිටි පොළඟා එකවරම එම පුද්ගලයාගේ මුහුණ සපා කා ඇත.
යහළුවන් පිරිස විසින් එම පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ගෙන ගොස් ඇති අතර වෛද්‍යවරු ඔහු එවලේම ගිලන් රථයකින් අවිස්සාවේල්ල රෝහලෙන් කොළඹ ජාතික රෝහලට යවා ඇත. කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලැබූ ඔහු දින කීපයකට පසු මිය ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පාඩම බීල සිංහයෝ වෙන අයට .පව් අහිංසක සර්පයා. උට මොනවා උනාද කියල මට දුක මේ කසිප්පු කාරයව දෂ්ට කරලා. (අ)
හොර සුරා පොළකින් සප්පායම් වෙලා හිටපු නිසා පොලඟට මොන වෙලාද දන්නේ නැහැ. පව් අහිංසක සතා. සිංහයා බඩේ දාගත්තම පොරවල් වෙන යන හැමෝටම මේවා හොද පාඩම් . (අ)
මේක පාඩමකට අරගෙන අනිත් යාලුවෝ ටිකත් මතට තිත තිබ්බොත් දරුපවුල සමග ඉදිරිය සතුටින් ගතකරන්න පුළුවන් වෙයි.(දිල්)
ඔහොම පුරුක් අදින්න ගිය තව කෙනකු ගෙ මුහුණ තුවාල වෙලා නන්දිකඩාල් කලපුවෙ මැරිල හිටියා. අනිත් අයටත් කියන්නෙ පාඩුවෙ ඉන්න අයට කරදර කරල වැඩ වරද්ද ගන්න එපා කියල.(දී)
ඇති ඔයින් ගියා (දී)
එතකොට පහනද දොස්තර .අහෝ ප්‍රීති ප්‍රීති .... (දී)
හිනාවෙන්න දෙයක් පලවෙලා අහා ප්‍රීතියි ප්‍රීතියි..!! ලක්ෂ්මන් ජයවර්දන සමග පහන් මල්ලිගේ අදහස් දෙකට ගොඩක් හිනා උනා ඔය දෙන්නටම ස්තුතියි...!! පොලගෙක් අල්ලන්න තරම්ම වෙරි වෙලා තිබුනද මන්දා ....? (දී)
මේකනේ ,බීපු ගමන් අමුතු වීරයෝ වෙන්න හදවනේ අපේ අය.අඩුම ගානේ කෙලින් ඉන්න බැරි උනත් වීර වැඩ කරන්න හදනවා අනිත් අයට පේන්න.කෑවට පස්සේ කට්ටියටම වෙරි හිදෙන්න ඇතිනේ.(අ)
වෙරි මතට පොළඟ ගරඳිය වගේ පෙන්න ඇති. (අ)
අරක්කු බොනවා මදිවට සත්තුන්ටත් හිරි හැර කරනවා .ඔහොම නොවුනන තමා පුදුමේ (දී)
මොකද කියන්නේ නැවත එකත් වෙලා දෂ්ඨ කරමුද පහන් කොල්ලෝ (දී)
පොළගත් ඒ වෙලාවේ අනෙක් කසිප්පු පොලෙන් දෙකක් දා ගෙන පාර මාරු වෙන වෙලාවලු.පොළගිත් එක්ක පොඩි වලියක් දා ගෙනලු පොළඟා ඇවිත් තිබුනේ.(අ)
දෂ්ට කරපු සර්පයා අදුනනවද කියල දොස්තර මහත්තය ඇහුවලු .මෙයාගේ යාළුවා කිව්වලු අදුනනවානම් දෂ්ට කරනවද මහත්තයෝ කියල .(අ)