මංගල්‍ය උත්සවවලදී පෝරුවේ චාරිත‍්‍ර ඉටුකිරීම කලක් තිස්සේ කරගෙන ගිය ඔහු මත් වතුරට ලැදි බව ප‍්‍රදේශවාසීන් දැන සිටියත් දුර බැහැර අය දන්නේ නැත.
කඩවසම් පෙනුමත්, සුපිරි ඇඳුම් කට්ටලයත් මුඛරි කතාවත් නිසා ජනප‍්‍රිය වූ ඔහුට මඟුල් පෝරුවක අෂ්ඨක කීමට ඇරියුමක් ලැබුණේ ගමට තරමක් දුර සබරගමුව පළාතේ උප නගරයක් අසල නිවෙසකිනි.
උදේම මඟුල් ගෙදර ගියත් පෝරුවේ නැකත එන තුරුම ඔහු පෙනෙන්නට නොවීය. මොහොතකින් ඥාතියකු ඔහු කැඳවාගෙන ආවේය. එහෙත් ඒ වන විට ඔහු සිටියේ බමන ගතිනි.
පෝරුවේ චාරිත‍්‍ර වාරිත‍්‍ර ඉටු කළත් එහිදී කළ ගායනා විලාසය අමුතු විය. වැඩිපුරම කියැවුණේ මහා ප‍්‍රාණ අකුරුය. ඇතැම් වචන පුනරුච්චාරණය විය. මනාලියගේ පියාට යකා වැහිණි.
ඔහුගේ ගනුදෙනු පියවා වහාම ආපහු යවන්නැයි පියා කීවේ කෝපයෙනි. ”තවත් මේ වගේ බේබද්දන් මේවට ගාව ගන්න එපා” යැයි ඔහු කීවේය. ”මේ වගේ හිඟන මඟුල් ගෙවල්වල මාත් එන්නේ නැහැ”යි ඔහුත් කීවාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් චන්දි අක්කේ, නව තාක්ෂණික දැනුම, දියුණුව මේ හැම දෙයක්ම තිබිලත් මිනිස්සු අසහනයෙන් පිරිලා. හොඳ ගතිගුණ ඈත්වෙමින් තිබෙන්නේ. ඒ කෙනත් බඩ වියත රැකගන්න ඕනෑම හොර වැඩක් කරන තත්වයට පත් වෙලා. (නි)
සමදරා ගේ ප්‍රතිචාර ගණන බැලුවම ඉන්න සිතේ හැගීම් පෙනෙනවා. (නි)
පියුමක රොන් බොති කළු බඹරු.. මලමත නොරදති සුදු දෙබරු.... (අනේ මටත් පැටලුනා නේද.. බීම... බීම... තමයි මේ සියල්ලටම මුල) (නි)
මෙවැනි දේවල් විශ්වාස කරන්න එපා. තමන්ගේ ආගම පමණක් විශ්වාස කරන්න.(නදී)
ආ ඒක ලව් ගින්නක්..පොඩ්ඩක් දැල් උනා..ඇවිලුනා...(නදී)
දැන් කව්ද අනේ මෙන්ඩිස් බොන්නේ? (නදී)
මට රණ්ඩු වෙන්න ඕනේ නැහැ .නමුත් දිසලට චන්දිලට රුපට ඉන්දුට සරත්ට නිලුට වන්නිට මම ලියන්න ඉඩ දෙන්නේ නැහැ .මෙතන ඒකදිකාරයට මගෙන් ගැලවුමක් නැහැ. දැන් මට ඕන විදිහට මෙතන ලියන්න අනිත් අයට පුළුවන්. මම ලගදීම අපේ ගෙදර ලොකු පාටියක් ගන්නවා මේක සමරන්න. දැනට මම දිනලා ඉවරයි සමදර නම මගේ .හදා ගත්තේ උප්පරවැට්ටි යොදලා.(නදී)
ලස්සන උනාට මෙලෝ රහක් නැහැ කියල තමයි හැමෝම කියල අයින් උනේ (අ)
ඒ උනාට අපේ අම්මයි තාත්තයි කැතයි ..මට එක වෙලාවකට පුදුමයි මේ මමද කියල පැණි බේරෙන හිනහව (අ)
හහා හැඩයි රූපේ ..බෝ..නික්කි වාගේ සෝ..බනා..- ඔයා තමයි මට ගැලපෙන එක්කෙනා...( අල්මාරියේ දාල යතුරු දාල තියන්නයි මට වෙන්නේ. මොකද බෝ..නික්කි නේ!) (අ)
මෙන්ඩිස්, දැන් පිරිත් ගෙවල් වලටත් හාමුදුරුවෝ වඩින් නැතුව කැසට් රාජයා ව ඩම්මනවා කියලා ලඟදි පත්තරෙන් දැක්කා. ඉතින් ඔයා කියන එක වෙන්න අවුරුදු දහයක් යන එකක් නෑ...(නදී)
හැබැයි දැන් නාගරික තරුණයින් නම් අරක්කු සිගරට් බොනවා අඩුයි. ඒ වෙනුවට ඔවුන් තාක්ෂණික මෙවලම් අයිපොඩ්,අයිපෑඩ්,ස්මාර්ට් ෆෝන් වගේ දේවල් සමඟ තමයි වැඩිපුර කාලය ගෙවන්නේ. සමහර කම්කරුවන් දවසම මහන්සිවෙලා හම්බකරන මුදලෙන් බාගයකට වඩා බොන්න සහ නරක පුරුදුවලට යොදවනවා.ඇත්තටම අපරාදයක්. නොබීම ඉන්න බැරිනම් ඉඳල හිටලා බොන්න පුළුවන් තත්වයට මනස දියුණු කරගන්න බලන්න ඕනා. සමාජ විද්‍යාඥයින්ට ලොකු වගකීමක් තියෙනවා මිනිසුන් නරක පුරුදු වලින් බේරාගැනීමට. (නදී)
අද වැඩ වැඩි උනා අපේ ලොකු අම්ම ලොකු ළමයෙක් උනා (නදී)
චන්දි අක්කේ, අද ලෝකය ගොඩක් විෂමයි. හැබැයි අපි අපේ රටේ අතීතයට ගිහින් බැලුවොත් පේනවා, සුද්දා දාපු නීති සහ ඉන්දියාවේ බමුණු නීති දැන් අපේ සදාචාරය සංස්කෘතිය කියලා අපි අරගෙන තියෙනවා. ඉස්සර අපේ රටේ මිනිස්සු කොච්චර පුළුල් විදියට සාධාරණව සිතන්න පුරුදු වෙච්ච ජාතියක්ද කියලා රොබට් නොක්ස්ගේ එදා හෙළදිව කෘතියේ තියෙනවා. සතුටෙන් පවුල් ජීවිත ගෙවලා. ඉන්න බැහැ කියලා හිතුනාම රණ්ඩු වෙවී මිනී මරාගන්නේ නැතුව මහ ගෙදරට හරි වෙන කෙනෙක් ලඟට හරි ගිහින් තියෙනවා. පාරිශුද්ධත්වය කියලා සිතලා තියෙන්නේ දැන් පිළිවෙලට නෙවෙයි. තමන් සමග එකට ජීවත් වෙන කෙනාට විශවාසවන්තව හිඳීමයි. මේක ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම සමානව තිබිලා තියෙනවා. අපි ඉන්දියාවේ බමුණු ක්‍රමයට ගැහැණුන්ගේ පමණක් පිරිසුදු බව සොයනවා. ගැහැණු පිරිමි අකමැති අයත් සමගත් ජීවත් වෙනවා ලෝකෙට පේන්න. ඉන්නම බැරි වුණාම මිනී මරනවා හොර සම්බන්ධකම් පවත්වනවා. අසහනය වැඩි කමට පොඩි ළමයි අපහරණය කරනවා. අපට මේ සංස්කෘතිය හදලා දුන්න සුද්දන් දැන් අපේ අතීත ක්‍රමය අනුගමනය කරනවා. මේ මට හිතුණු අදහසක් පමණයි.....(නදී)
දිසා අයියේ, රූපා අක්කේ,නිලූ ඔයාලා අද පේන්න නෑනේ. චන්දි අක්කේ මොනවද ඔයා හිතන්න ගොඩක් දේවල් තියෙනවා කීවේ? පදමේ අයියේ, ආගම් වලටත් ලොකු වගකීමක් තියෙනවා නේද?(නදී)
ඉහත සමදරා 2013-11-29 05:51:38; නිලාන්, මම කලිනුත් කියලා ඇති, ඔය සමදරා කියලා අදහස් දාන්නේ මම නොවේ යන අදහසේ සමදර වශයෙන් වෙනස් විය යුතුයි (නදී)
සමදරෝ, ඔයාගේ මොලේ ටිකක් හෝදගන්න විෂබීජ නාශකයක් දාලා, ඒක හොඳටම නරක් වෙලා, ඔඩු දුවලා වගේ...!!! (ස)
අතාරින්න නම් එපා. පෙන්නන්න හොද සෙල්ලමක් (නි)
ඉහත සමදරා 2013-12-02 00:59:48 සහ සමදරා 2013-12-02 09:34:51 අදහස් මගේ නොවෙයි. (ස)
මගේ අම්මේ ලොකු අප්පොච්චි ගේ මුනේ තියෙන හිනාව...චෝගම් එකෙන් බෙන්ස් එකක් ලැබුන වගේ...ගෑස් තමයි ගණන්. (ස)
කොතන බැලුවත් බොරුව වංචාව, රැවටිල්ල, කෙටවිල්ල ඉවරයක් නැහැ? (අ)
අර ගුණසිරි කොලුවා මේ පැත්තේ ආවාද?(නදී)
මම මේ අදහසක් දාන්නේ පළමු වතාවට .නමුත් සති කීපක සිට මෙය කියවනවා.මෙය ලස්සන වන්නේ විවිධ මත තියෙන අයගේ ගුණාත්මක අදහස් අනුවයි.මට පේන ආකාරයට ඒ වගේ අ
විජේසුන්දර, අපේ චරිත්‍රවලට ගරු කරන්න (අ)
මටත් ෆේස් බුක් එකක් හදා දෙන්න (අ)
විජේසුන්දර ඔයා පරිස්සමින් (අ)
උගත්, ගෞරවණීය, හිත හොඳ කෙනෙක් හොයා ගන්න ඕනෑ විවාහයක් වගේ සුභ අවස්ථාවකට.මෙහෙම කෙනෙකුගෙන් ආශිර්වාදයක් බලාපොරොත්තු වෙන්න බැහැ. අනිත් එක අෂ්ටක කියන එක හැමෝටම කරන්න පුලුවන් දෙයකුත් නෙමෙයි. අදාළ අක්ෂර හොඳින් නිවැරදිව කියවුණේ නැත්නම් සුභ ඵල ලැබෙන්නෙත් නහැ. (නි)
බීමතින් අෂ්ටක කිව්වා වගේ මාත් කොමෙන්ටු ලිව්වට දෙහි කපනවද? (නදී)
බොරු කියන්න එපා සමදරා, ඔයාමයි මේවා ලියල පස්සේදී මම නොවෙයි කියල ලියන්නෙත්, ඔයා කියන්නේ ඇත්තනම්,මේ ඔයා මෙතන නටපු නැටිල්ලට දෙවියෝ දීපු දඩුවමක්, අනුන්ට කපන වලේ තමන් වැටෙන බව දන්නේ නැද්ද...?ඔයාට නම් හොඳම වැඩේ සමදරා, (ස)
අනේ පද්මේ, අද පරම්පරාව තාක්ෂණික මෙවලම් එක්ක දගලන දැගලිල්ල දැක්කම අරක්‌කු ටිකක් බොන එක හොඳයි කියල හිතෙනවා මට නම් (ස)
ඇත්තද ඔය අෂ්ටක කියකොට සමහර මනමාලියන්ට කලන්තේ හැදෙනවා කියන්නේ..? ඉතින් ඒ වගේ කේස් එකකින් ගොඩ දාන්න නම් ටිකක් දාලම තමා යන්න වෙන්නේ.. (නදී)
ඉන්දු නංගි අපි ඉන්නවා කරුවල අදුන ගා ගෙන ඉන්නේ පේනවා හොරයි ....නැටුන් තෙල් ටිකක් සප්පායන් වෙන්න තිබ්බනම් හොඳ කියල හිතෙනවා ජැකට් 2ක් ඇදලත් සීතල ඉවසන්න බැහැ (ස)
ඉන්දු නංගි බ්‍රහස්පතින්දා දවසම වැඩ නිසා ගොඩවෙන්න බැරි වුනා. මං හිතන්නේ ගොඩක් දේවල් තියෙනවා කියපු ඒවායින් එකක් ගජබා කියලා තියෙනවා, අද ලෝකේ වෙන දේවල් දිහා බැලුවම එහෙම නොවුනොත් තමා පුදුමේ......? (නදී)
සමරවිට මංගල්‍ය හොඳට කෙරනවා බලා ඉන්න බැරි නෑයෙක් හොඳට බොන්න දෙන්න ඇති. පදම වැඩිවෙන්න දෙන්න ඇති.(නදී)
මගේ ගින්නට සමානයි අයියෝ ,එපා වෙනවා අයියෝ (නදී)
මම යනවා යන්න දුස්ටර් සමාජයට සලාම් සල්ලම් මම මානසිකව අඩපන වෙලා දැන් හොදටම වරුණ පුතේ (නදී)
මගුල් පෝරු,අෂ්ටක නැතුව බැඳපු අපි දෙන්නා 23 වසරක් යහපත් පවුලක් වශයෙන් ඉන්නවා. අවබෝධය අෂ්ටක වලට වඩා හොඳ බව කියමි (නි)
ඉන්දු ලන්ඩන් ඔබගේ අදහස් විෂමයි. ඔයා ලන්ඩන් වලම ඉන්න හොඳේ. (නදී)
ඉහත සමදරා නමින් දා ඇති සමහර අදහස් මගේ අදහස් නොවේ. (නි)
ඉන්දු ලන්ඩන් ඔබේ 15:52:59 නැවත තීක්ෂනව කියවුවෙමි. ඔබ හරි. ඔබව පහත් කර ලියු අදහස ඉල්ලා අස්කර ගනිමි. හොඳට ඉගෙනුම අවසන්කර ලංකාවට එන්න (නදී)
අස්ටක කියල පෝරුවේ 3 පාරක් නැගල මටනම් සෙතක් නැහැ විජේසුන්දර මම යන තැනක මුසලකම ගහනවා (නදී)
පෙත්තෝ නගිමු (නදී)
මගේ කරුමේ (නදී)
කවදාවත් ඕනවට වඩා ලස්සන වෙලා ඉපදෙන්න හොඳ නැහැ (නදී)
ලබන ආත්මෙත් මා ගැනියෙක් වෙලා ඉපදුනාට කමක් නැහැ හැබැයි මෙච්චර ලස්සන වෙන්න එපා දෙයියනේ (නදී)
ලස්සනම ලස්සනයි මම ඒත් තනිකඩය මම හේතුව මොකද කිම පෙර කළ පවය ඒ බව (නදී)
හිතන්න ගොඩක් දේවල් තියෙනවා., කොහොම වුනත් මේ වගේ දේකට බිමත්ව සහභාගි වීම අනුමත කරන්න බැහැ.(නදී)
බුදුන්, දහම්, සඟුන් සිහිකර මංගල පෝරුවල අෂ්ටක කියන අය අද රටේ අඩුයි. මුලු රටම මතට යටයි. (ස)
ස්තුතියි සමදරා අක්කේ.. (නදී)
මම දන්නා මේ වගේ කෙනෙක් අපේ ගමෙත් ඉන්නවා.මුලදී මනුස්සය මේ කාර්යය හරියටම කළා. කට්ටිය සතුටු වෙලා පුද පඩුරු වැඩි වැඩියෙන් දුන්නා. ඒවා වැඩි වෙන කොට දැන් එයත් බිල නැති වෙලාවක් හොයා ගන්නවත් බැ වගේම දැන් එයාට කවුරුත් එන්න කියන්නෙත් නෑ. (ස)
නැවත මගේ අදහසකට 10.45.45 අදහසක් දමා ඇත. මෙය මගේ නෙමෙයි.(නදී)
නැවත මගේ අදහසකට 10.45.45 අදහසක් දමා ඇත. මෙය මගේ නෙමයි. (ස)
බීමත්කම බීමත්කම... (නි)
ඔයා හරි දයා. (ස)
මේකත් දැන් චැට් රූම් එකක් වගේ. කට්ටිය 'චැට්' කරන එක නවත්වලා අදාල අදහස් විතරක් එවන්න (නි)
දෙහි කපන්නේ නැතුව ඔලුවෙයි කකුල් වලයි ගෑවා නම් වෙරි බහිනවලු. (නදී).
පරිස්සමට දිසා මාමේ, මහපාරේ තාලය මතක්වෙයි (නි)
කව්ද බොලේ බිමත් කම අනුමත කරන බලදාරියා...(නදී)
බීමත්කම තමයි අද කාලේ හැම කරදරයකටම වගේ මුල (නි)
මගේ නමින් ලියන අනෙක් කෙනා වෙත, ඔබ අලුතින් හොද අදහස් ලියන්නට පටන් ගෙන තිබීම ගැන සතුටු වෙමි (නි)
අපේ අප්පච්චි නම් ඒ කලේ අතින් වියදම් කරගෙන ගිහින් හරි, හරියටම ඔය රාජකාරිය දක්ෂ විදියට කළා කියලා අම්මා කියනවා (නි)
හොඳයි නේ. තුන් පාරක් හිත හදා ගනින් නංගියේ. ලද දෙයින් සතුටු වෙයන්. හිත හරියාවි. (නදී)
සමදරා, වැරදි තීරුවේනේ මංගල දැන්වීම දාලා තියෙන්නේ. (නි)
විජේසුන්දර, ඔබේ පවුල් ජීවිතය තව තවත් සතුටින් ''පිරේවා'' යනු චන්දිගේ එකම පැතුමයි. කෙනෙකුගේ සතුටේදී සතුටු වෙන්නත්, දුකේදී දුක් වෙන්නත් අපිට පුළුවන් විය යුතුයි. (නදී)
මම කවදාවත් මඟුල් පෝරුවක නැගල නැහැ (නදී)
අපේ තව්තිසාවෙ ඕනැවටත් වඩා අමෘතය තියෙනවා. අපි අමෘතෙ බීල සින්දුත් කියනවා අශ්ඨකත් කියනවා. ඒත් මෙහෙම විකාර වැඩනම් කරන්නෙ නැහැ.(නදී)
ඒක නම් ඇත්ත චන්දි අක්කේ. ඒත් ඔය වගේ වැදගත් කටයුත්තක් කරන්න ඉන්න කෙනෙක් ඒ වගේ වැඩක් කරන එක හොඳ නැහැ. අඩු ගණනේ වැඩේ අවසන් වෙනකම්වත් ඉන්න තිබුණා නේද? (නි)
තව ටික කාලයක් යනකොට මිනිස්සු අෂ්ටක කියන්න මනුස්සයෙක් ගන්නවා වෙනුවට අෂ්ටක රෙකෝඩ් කරලා අදාල අවස්ථාවේ වාදනය කරන්න පටන් ගනීවි. බොරු නම් තව අවුරුදු දහයකින් විතර බලන්න. (ස)
පීටර් අයියේ, මේකෙත් මොනවා හරි ලියන්න. (ස)
17.58.52 මේ බලන්න හොර සමදරා.මම ලියන ලියන ඒවා මගේ නෙමෙයි කියො මගේ තැන ගන්න හදනවා (නි)
නගිමුද අනේ? (ස)
මනාලයාගේ පරණ අාදරය අැවිලිලා බොන්න දෙන්න ඇති (නි)
නිලාන්, මම කලිනුත් කියලා ඇති, ඔය සමදරා කියලා අදහස් දාන්නේ මම නොවේ. (නි)
මෙන්ඩිස් කියල අරක්කු ජාතියකුත් තිබුනා ඒ කාලේ... (ස)
අෂ්ටක නියම විදියට කියනකොට අහගෙන ඉන්න ලස්සනයි (නි)
ජයමංගල ගාථා කියනකොට මම හිමිහිට මාරු වෙනවා. අහගෙන ඉන්න බැහැ දුකයි (නි)
ඉන්දු නගෝ.., ලෝකය විෂම තමයි.., නමුත් ආදරය තියෙන තැන සැබෑ මිහිරියි.., අද ලෝකේ සොයා ගන්න නැත්තෙත් ඒ ආදරේම තමයි නංගි.., හැම තැනම වංචාව, බොරුව, අසාදාරනය, රජවෙලා, මේ අෂ්ටක කියන්න ආපු කෙනත්, එහෙම කෙනෙක් නේද නංගි....?(දිල්)
නියම සීන් එක ..(අ)
පැංචි - ඒ කාලේ නෙවෙයි දැනුත් තියනවා. පරණ මෙන්ඩිස් අරක්කු හැබැයි කොම්පැනියේ අයිතිකාරයා අලුත්. (ස)
අද හැමදේටම ඉස්සර කරගන්නේ 'බීම' (නි)