දුම්රියට ගොඩ වූ හොඳින් හැඳ පැළඳ සිටි පොත් වෙළෙන්දෙකි. හෙතෙම තමා විකිණීමට ගෙනා පොත පිළිබඳව මෙසේ විස්තර කළේය. ”තරුණ මහලූ කාටත් වටිනා කියන පොතක් මම අරන් ඇවිල්ලා තියෙනවා. යම් දෙයක් සිදු වන්නේ ඇයි? එයට විද්‍යාත්මක හේතුව මේ පොතේ සඳහන් වෙනවා. තව පොත් ටිකයි තියෙන්නේ” ඔහු පැවසීය. ”තණකොළ මල් සුවඳ නොවෙන්නෙ හේතුව, මුහුදුබඩ ප‍්‍රදේශවල යකඩ ඉක්මනින් මළ බැඳීමට හේතුව” විද්‍යාත්මකව පහදා දුන් ඔහු ”කෙනෙකු මැරුණාම ඉහ අද්දරින් පොල්තෙල් පහනක් තියනවා කාටද හේතුව කියන්න පුළුවන්”යැයි ප‍්‍රශ්නයක් ඇසුවේ දුම්රියේ සිටි මගීන් ගෙනි. කිසිවෙකුත් පිළිතුරු නුදුන් නිසා ඔහුම එයට හේතුව පැහැදිලි කළ අතර බීමත් මගියෙක් ද එය සාවධානව අසාගෙන සිට පොත් මුදලාලි අමතමින් ”මහත්තයා මටත් පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා. ඔය පොතේ ඒකට හේතුව තියෙනවාද දන්නේ නැහැයි කීය. ”හොඳයි ලොකු උන්නැහේ, කියන්න බලන්න ඔයාගේ ප‍්‍රශ්නේ පොතේ නැති වුණත් මම දන්න දෙයක් නම් උත්තර දෙන්නම්. හැබැයි කුණුහරුප ප‍්‍රශ්න නැතිව හොඳේ.” පොත් වෙළෙන්දා පැවසීය. ”මහත්තයා මේකයි ප‍්‍රශ්නේ සමහර අයගේ වාත ගඳ ගහන්නත්, තවත් සමහරකුගේ ගඳ නොගහන්නත් හේතුව මොකක්ද?” බීමත් මගියා විමසීය. කෝපයට පත් පොත් වෙළෙන්ඳා ”බහුබූත ප‍්‍රශ්න අහන්නෙ නැතිව යනවා යන්නැ”යි කියමින් එතැනින් පිටවිය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
බීමත් මගියාගෙන් පොත් වෙළෙන්දාට අපූරු ප‍්‍රශ්නයක්