වයඹ පළාතේ පදිංචි තරුණයකුට රජරට පළාතෙන් තරුණියක් සරණපාවා දීමට කලක සිට අදහස් කරගෙන සිටි තරුණයාගේ මවුපියෝ මංගල යෝජනාවක් සතිඅන්ත පුවත්පතක පළ කළහ. මේ තරුණයා පරිගණක ක්‍ෂේත‍්‍රයේ රැකියාවක නිරත වූ අයෙකු වූ හෙයින් ඔහු සහකාරිය කර ගැනීමට බලාපොරොත්තු වූයේ ගුරු වෘත්තියේ නියුතු කාන්තාවකි. පුවත්පතක පළකරන ලද දැන්වීමේ ඒ පිළිබඳව සඳහන් කොට තිබිණි.
එම දැන්වීම අනුව ලිපි ගණනාවක්ම තරුණ මනාලයා වෙත ලැබිණි. ඒ අනුව සුදුසු සහකාරිය තෝරා ගෙන රජරට ප‍්‍රදේශය වෙත මනාලියගේ නිවස සොයා පිරිසක් ගියහ. මනාලයාද මේ ගමනට එක්වූයේ මහත් සතුටකිනි. එදින මනාලියගේ නිවසේ දහවල් ආහාරය ආගන්තුක පිරිස වෙනුවෙන් සූදානම් කොට තිබිණි. පවුල් පසුබිමද හොඳින් ගැලපෙන හෙයින් මංගල්‍යය ඉක්මනින්ම කළ යුතු තැනට පළමු දිනයේම කතාකර ගත් පිරිස දහවල් ආහාර ගැනීමට සූදානම් වූහ. මනාලියගේ පියා සංග‍්‍රහ කටයුතු සියල්ල සූදානම් කොට ඔහුද පිඟානකට කෑම බෙදා ගෙන මනාලයාගේ පිරිස සමග ආහාර ගනිමින් සිටියේය. හිටි හැටියේම ඔහුගේ පිඟානෙන් මස් කෑල්ලක් බිමට වැටුණි.
වැටුන විගසම එය අහුලා යළි පිඟාන මත තබාගත්තේය. තරුණ මනාලයා මේ දෙස හොඳින් බලා සිටියේය. ඒ සිද්ධිය නිසා ඔහුට ඒ මනාලිය එපා විය. පසුව මේ මගුල නොකෙරෙන බව තරුණ මනාලයා මනාලියගේ පාර්ශවයේ අයට දුරකතන ඇමතුමක් මගින් දන්වා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලි මස් කෑල්ල බීෆ්ද පෝර්ක් ද කුකුල්ද ? (බ)
මනමාල මහත්මයා ඉක්මන් වුණා වැඩිද මන්දා. මනමාලිය හොඳ නම්, ර බඩ ඉගුරු හේනට ගිය මල්ලිට වුණ දේ වේවි ඔන්න. (නි)
මෝඩ මනාලයෙක්. මනාලිය මෙහෙම දෙයක් කළා නම් තව එපාවීම සාධාරණයි කියන්න තිබුනා. වයසක මිනිස්සු ගමේ පුරුද්දට මෙහෙම දේවල් කරනවා. මනාලියට ඔහුට වඩා හොඳ කෙනෙක් හම්බවෙයි (නි)
මනමාලි නෙවේනේ පියානේ මස්කැල්ල අහුලා ගත්තේ , පරිගණක කාරයන්ට බොහෝ විට සාමාන්‍ය දිවියේ ප්‍රායෝගික දැනුම නැත . (ස)
කවුද දන්නේ බල්ලෙක්ට දන්නා පිඟාන පැත්තකින් තියාගත්තද , නැත්තම් එ්ක පෑගෙන නිසා විසිකරන්න පිඟානේ අයිනෙන් තියා ගත්තද කියල. (ස)
මගුලක් කියන්නේ මනාලිය හෝ මනාලයා විතරක් නොවේ. එය පවුල් දෙකක සම්බන්දයක්. පවුල් දෙක එකම තත්වයේ වීම විවාහයේ සාර්ථකත්වයට හේතුවක්. බොහෝවිට අසාර්ථක විවාහවලට හේතුව අඹු සැමි ප්‍රශ්නවලට වඩා පවුල් අතර ප්‍රශ්න ඇතිවීම . දෙදෙනා වෙනමම ජිවත් වෙන්න යනවා නම් බලපෑම අඩුයි. (ස)
මන මාලිගේ පියා යහපත් ඉතුරු කරන පුද්ගලෙයක් කියලා හිතෙනවා. (ර)
මනමාලියගේ පියා මස් කෑල්ල කෑව කියල මෙතන කියල නැහැනේ, මෙතන කවුරුත් මහා වැදගත් විදියට කොමෙන්ට් කලාට හැම කෙනෙක්ම කරන්නේ මේ අසරණ පියා කරපු දේමයි, කකා ඉන්න එකෙන් යමක් බිමට වැටුනොත් එක එතනින් අයින් කරන එක තමයි මුලින්ම කරන්නේ, අද නම් ඒ දේට එක එක උපකරණ තියෙනවා, නැතිනම් ටිෂු එකකින් හරි අල්ලලා පැත්තකින් තියෙනවා, ඒ දේට තමයි මහා වැදගත් කියන උදවිය සයිඩ් ප්ලේට් එකක් භාවිත කරන්නේ, නමුත් ලංකාවේ කිසිම ගෙයක (අතලොස්සක් හැර) සයිඩ් ප්ලේට් භාවිත වෙන්නේ නෑ. ඒ වෙනුවට තමන් භාවිත කරන පිගානේ පැත්තකින් තියන්නේ, කටේ දල හපපු රොඩ්ඩ පිගානේ තියාගන්න පුළුවන් නම් බිමට වැටිච්ච මස් කෑල්ල තියගත්තම තියෙන වරද මොකද්ද.? (ර)
මමත් ළඟදී ඔහොම ගමනක් යන්නයි ඉන්නේ . කරුණාකරලා කවුරු හරි කියනවද ඔය වගේ අකරතැබ්බයක් උනොත් මොකද කරන්නේ කියලා. (ර)
දැන් තමයි අපේ මිනිස්සු පොෂ් වෙලා තියෙන්නේ. ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ ලේන්නු කාපු පලතුරුත්, දත් වැදුණු හරිය අයින් කරලා කනවා. බිමට වැටුනොත් පිහිදල කනවා. (අපිරිසිදු තැනකට නොවේනම්) අපිට ඉහෙන් බහින ලෙඩක් හැදුනේ නැහැ. යම් තරමකට විසබීජ වලට නිරාවරණය වීමෙන් ප්‍රතිශක්තිය දියුණු වෙනවා. දැන් ළමයින්ට පොඩ්ඩක් බිමට වැටුණු දෙයක් වත් අම්මල කන්න දෙන්නේ නැහැ. ටීවී එකේ පෙන්නනෙත් විදුලි සෝපානයේ ගියොත් බොත්තම් එබුවට පස්සේ අත සෝදාගන්න ඩෙටොල් පාව්ච්චි කරන්න. ඉතින් නිතරම ලෙඩ ඇයි ප්‍රතිශක්තිය වැඩි දියුණු වෙලා නැහැනේ.....(බ)
බන්දුල කෑම කනවිට හැන්ද ගෑරුප්පුව බිම වැටුණත් එය ආපසු ගන්න එපා ලියල කෑම මේස අටිකට් හෙවත් කෑමමේස නීති රීති වල තිබෙනවා (අ)
ටිකිරි එහෙම වුණොත් ප්‍රස්නයක් නිසා ගමන නොගිහින් ඉන්න. (අ)
මනමාලයා සමහරවිට පිරිසිදුකම ගැන ඉහළින්ම අගයන කෙනෙක් වෙන්න ඇති.අපි හොඳින් දන්නා කෙනෙක් හිටියා.සබන් කෑල්ලක් බිම වැටුනත්,අහුලාගන්නේ නැහැ.පිරිසිදුකම ගැන අසාමාන්‍ය ගතිපැවතුම් තිබුනේ.කණගාටුවට කරුණ නම් මිය යන තුරුම විවාහයක් කියලා දෙයක් කරගන්නට බැරිවුනා. (බ)
බියන්ගේ පුරුද්දනම් මනාවට පැහැදිලි වුණා (බ)
මේ තීරණයට හේතු උනේ බිම වැටිච්ච මස් කෑල්ල නැවත පිඟානට දා ගැනීම පමණක් නම් ඒක යෝජිත මනමාලිගේ වාසනාව. මේකද මේ වගේ මෝඩ මිනිහෙක් බැඳලා මොනවා වෙයිද කියලා කව්ද දන්නේ ? (ර)
මනමාලිගේ පියා මස් කෑල්ල කෑවේ නැහැ නේ. සමහරවිට එය පසුව විසිකර දැමීමට අදහස් කරා විය හැකිය. කෙසේ වෙතත් මනාලිය එවැනි මනලයකුගෙන් නිදහස් වුණ එක හොඳ බවයි මගේ අදහස, (අ)
ඒක එහෙම වෙච්ච එක හොඳයි .. නැත්නම් මේ මනමාලයාගේ හැටියට මනමාලිට වෙන්නේ ළමයි ටිකත් එක්ක ගෙදර එන්නයි .හැබැයි ඉතින් පලවෙනි දවසෙම මාමණ්ඩි කරලා තියෙන්නේ පොඩ්ඩක් හිරිකිත වැඩක් (බ)
ගෙයක් තුල බිම වැටුන දෙයක් තත්පර 3ක් ඇතුලත අහුලාගෙන කෑම සෞඛයට අහිතකර නොමැති බව බටහිර රටවල බොහෝ අය කියනවා .(බ)
මනමාලි හොඳනම් මගුල කරගන්න තිබුනේ, ඕව ලොකු වැරදි නෙමේනේ, (බ)
මනාලියගේ පවුලේ සබැ තත්වය ඉස්මතු විය .මනමාලය උගත් අයෙකි (බ)
වැඩේනම් ටිකක් පිළිකුල් තමයි , හැබැයි එකෙන්ම මනමාලි අමතක කරන්න තරම් බරපතලම නැහැ නේද ? වික්‍රම මොකද කියන්නේ දානවද ඉල්ලුම්පත්‍රයක් ? (බ)
ජයවීරට තමයි හොඳම අදහස පහල උනේ. අපතේ යාම වලක්වා ගත ඒ පියා නිවැරදියි. බිම වැටුනේ ගේ ඇතුලේ නේ. එක අහුලලා කෑවට වරදක් නැහැ. මමත් හිතන විදිහට. (ර)
මේවා මොනවද, අපේ අක්කා බලන්න ආ එක මනමාලයෙකුගේ අම්මා කෙනෙක් මනමාලිගේ කාමරේටත් රිංගලා පරික්ෂා කළේ! ඔන්න ඉස්සරහට යෝජනා වලින් බඳින්න ඉන්න උදවිය කාගෙන් බේරුනත් නැන්දම්මාගේ උකුසු ඇසින් නම් බේරෙන්න බැරි බව මතක තියාගන්න (නි)
නිපුන් වයසක මිනිස්සු ගමේ පුරුද්දට මෙහෙම දේවල් කරනවා. කියන කියමනට මම එකඟ වෙනවා. (රේ)
හොඳ වෙලාවට මනාලිය බේරුනා.කව්ද දන්නේ පස්සේ වීසි කරන්න අයිනෙන් තිය ගත්තද කියල.එහෙම නැත්නම් කැවම මොකද මරුන සතාට සාධාරණය ඉෂ්ට වෙනවනේ. (බ)