IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


බීම වීදුරුවට ගෝරි වී මඟුල් ගෙට පොලිසියත් ඇවිත්

බීම වීදුරුවක් සම්බන්ධයෙන් හටගත් බහින්බස්වීමක් මහා ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග යාම හේතුවෙන් විවාහ මංගල උත්සවයක ඇතිවූ කලබලයක් සංසිඳුවීමට පොලිසිය පවා ගෙන්වීමට සිදුවීමේ පුවතක් කුරුණෑගලින් වාර්තාවේ.

 කුරුණෑගල නගරයේ දෙපිරිසක් අතර පැවැති මෙම විවාහ මංගල්‍යය ප‍්‍රදේශයේ හෝටලයක පැවැත්විණි. එයට සහභාගිවූ  දෙපිරිසේ දෙදෙනකු අතර බීම වීදුරුවක් සම්බන්ධයෙන්  ආරවුල  ඇතිවී තිබේ.

 අවසානයේදී එම ආරවුල මහා ගැටුමක් බවට පරිවර්තනය වී මනාලයාගේ සහ මනාලියගේ පාර්ශවයේ දෙපිරිස හෝටලය තුළත් හෝටලයට පිවිසෙන මාර්ගයේත්  එකිනෙකා ගුටිබැට හුවමාරු කරගත්හ.

මෙම කලබලයෙන් කම්පනයට පත් මනාලිය සහ ඇගේ මවට ක්ලාන්තය සෑදීමෙන් ඔවුන්ට ප‍්‍රතිකාර ලබාදීමට පවා සිදුවිය. අවසානයේදී ගැටුම සමථයකට පත්කරවීමට 119 හදිසි අංකයට කතාකොට පොලිසිය ගෙන්වීමට හෝටල්  බලධාරීන්ට සිදුවිය.



අදහස් (0)

බීම වීදුරුවට ගෝරි වී මඟුල් ගෙට පොලිසියත් ඇවිත්

හේමන්ත Wednesday, 17 July 2013 10:28 AM

අපායේ මගුල් ගෙවල්වලවත් මේ වගේ ගෝරි නැහැ. චී..චී හරිම කැතයි. (නි)

:       0       0

වරුණ Wednesday, 17 July 2013 02:32 PM

එහෙනම් ගිම්හාන ඔයාගේ නුවණක්කාර අදහස් දාන්නකෝ... (ස)

:       0       0

චන්දි Wednesday, 17 July 2013 11:08 AM

බිම වීදුරුවකට...? අය්යෝ සංසාරේ හැටි.(නදී)

:       0       0

ගිමිහාන Wednesday, 17 July 2013 11:15 AM

වරුණ ඔයත් ඒ පැත්තේ හිටියද? මේ පිළිබඳව ඔබ දරන අදහස් මොනවද? ගොඩක්ම තියෙන්නේ තේරුමක් නැති පණ්ඩිත අදහස් (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 18 July 2013 02:04 PM

මගුල් ගෙවල් වල ඹ්වා වෙනවා තමයි. මෙයාලා හොදට බීලා ගුටිකාලා යනවා. පොලීසිය ආවා නම් හොදට බීලා හොදට කාලා පාර්සලයකුත් බැදගෙන අවවාදයකුත් දීලා යන්න ඇති. රූපවති අක්කා ඔතන හිටියා නම් රෝස් කරපු කුකුලෙක්ම කන්න තිබුනා ගුටි බැට යන අතරතුර. මේක විවාහ වෙන අයගේ පළවැනි පාඩම. කොන්ඩේ කපන්න ගියාම බාබර් කොන්ඩෙත් ගන්නවා, සල්ලිත් ගන්නවා. මෙතන හෝටල් අයිතිකාරයට සල්ලිත් ලැබෙනවා කෑමත් ඉතුරුයි (නි)

:       0       0

දර්ශන් Wednesday, 17 July 2013 12:06 PM

හැම ලොකු ගෝරියකටම මුල සුළ ප්‍රශ්නයක්. ඡන්ද දිනක මගේ අසල්වැසියෙක් ඔහුගේ බිරිදගේ කොන්ඩෙන් ඇද ගහනවා. හේතුව ඡන්ද කොළය බිරිද නැති කරගෙනලු. මා ඔවුන් දැනුවත් කලා හැදුනුම් පත අරන් ගොස් ඡන්දය දමන්න (නි)

:       0       0

සමීර් වී ... Wednesday, 17 July 2013 04:27 PM

මංගල උත්සව වලට සහභාගි වන අය හොදට කාල බීලා විනෝද වෙනවා. මෙයාලා හොදට බීල ගුටිකාලා යනවා. පොලීසිය ආව නම් හොදට බීල හොදට කාල පර්සලයකුත් බැදගෙන අවවාදයකුත් දීල යන්න ඇති. රෑපවති අක්කා ඔතන හිටියා නම් රෝස් කරපු කුකුලෙක්ම කන්න තිබුනා ගුටි බැට යන අතර තුර මේක විවාහ වෙන අයගේ පළවැනි පාඩම. කොන්ඩේ කපන්න ගියාම බාබර් කොන්ඩෙත් ගන්නවා, සල්ලිත් ගන්නවා මෙතන හෝටල් අයිති කාරයට සල්ලිත් ලැබෙනවා කෑමත් ඉතුරුයි.(නදී)

:       0       0

ශාන සෞදි Wednesday, 17 July 2013 12:18 PM

ඕක තමා බල්ලොත් එක්ක බැහැ කියන්නේ . මගුලක් ගන්නකොට දෙපැත්තේම අය ගැන හොදින් හොයලා බලන්න කියන්නේ මේ නිසා. බීම වීදුරුවට මෙහෙම වුනානම් වෙන දෙයකට ප්‍රශ්නයක් වුනානම් මිනියක් වුනත් මරන්න තිබුනා. දැන් ඉතින් පාරේ බැහැලා යන්න බැරි එක විතරයි වුනේ (නි)

:       0       0

සමන් Wednesday, 17 July 2013 12:27 PM

ආරවුල බීම වීදුරුවකට නම් වෙන්න බැහැ, මත් පැන් වීදුරුවකට වෙන්න ඕනෑ මට හිතෙන විදියට (නි)

:       0       0

එල් ගුණරත්න Saturday, 20 July 2013 11:41 PM

මගුල කෙසේවෙතත් අවමගුලක් සිදුනොවී මෙය අවසන් විමගැන සැමට සැහිමට පත් වුණ එක ලොකුදෙයක් (අ)

:       0       0

බංඩා Wednesday, 17 July 2013 05:13 PM

මගුලට ආරාදනා කරන කොට තෝරලා බේරලා සුදුසු පුද්ගලයෝ විතරක් ගත්තා නම් හරි.(නදී)

:       0       0

සංජීව Wednesday, 17 July 2013 12:56 PM

මතට තිත... (නි)

:       0       0

හේරත් Saturday, 20 July 2013 05:25 AM

"මනාලිය සහ ඇගේ මවට ක්ලාන්තය " මනාලයා තව බීම වීදුරු කීයක් බිව්වද? මගුලෙන් පස්සේ කටයුතු කොහොමද? බිම වලට ඉක්සුපාක මිශ්‍ර කරලා දීල මගේ යාලුවෙකුගේ ගෙදර මගුලකදී ගහගන්න ගිය යාලුවෙක් මම කාර් එකට දා ගත්තා. මේ යකා මගේ කාර් එකේ සීට් හපලා කැවා හැටි මතක් උනා. සෝමේ අය්යට මතකද සිද්දිය.(නදී)

:       0       0

ගුනේපල appuhami Thursday, 18 July 2013 03:31 AM

අපේ රටේ මින්ස්කම නැති වෙගනේ යනවා. නීතියක් රීතියක් සාධාරණයක් නැති රටක මිනිස්සු බල්ලෝ බලල්ලු වගේ හැසිරෙනවා. මේවට පාලකයෝ කෙලින්ම වග කියන්න ඕනේ. තව තව දේවල් ඉස්සරහට බලාගන්න පුළුවන්.(නදී)

:       0       0

සිද්ධික් Thursday, 18 July 2013 04:49 AM

ගමේ ඉන්න අය කවදා ගිය හොටෙල්ද? එයා මේ පෙරේත කමට සිසිල් බීම එකකටත් ගහගෙන, මුන්ගේ ගමේ කඩවල සිසිල් බීම නැද්ද අප්පා?(නදී)

:       0       0

වරුණ Wednesday, 17 July 2013 01:21 PM

හම්බන්තොට පැත්තේ වගේ කුරුණෑගලත් මදාවියෝ බිහිවීගෙන එනවා වගේ? (නි)

:       0       0

රන්දි Wednesday, 17 July 2013 06:32 PM

අපේ පළාතේ කුරුණෑගල මේ වගේ දේවල් වෙනවා සාමාන්‍යයෙන් අඩුයි. ඒත් දැන් ලංකාව හැමතැනම එකයි. අර පහුගිය කාලේ නිල් ,කහ ,රතු , කොළ , දම් කිය කියා එක එක වැහි ඇදහැලුනේ. මට හිතෙනවා පිට රට ජීවීන්ගේ ක්‍රියාවකටවත් මිනිසුන්ගේ හෝර්මෝන වෙනස් වෙලාද කියලා. (නි)

:       0       0

ෂිරන්ත Wednesday, 17 July 2013 10:01 AM

පුදුම මගුලක් තමයි. (ස)

:       0       0

ෂෙරිෆ් Thursday, 18 July 2013 11:47 PM

නියමයිනේ මඟුල් ගේ. මොකුත් කියන්නත් බැහැ රුපවති අක්කලාගේ නෑදෑයෝ හින්දා.(නදී)

:       0       0

චතූ Wednesday, 17 July 2013 01:46 PM

‍මොන දෙයක්ද මේ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 655 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 541 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 444 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site