බීම වීදුරුවක් සම්බන්ධයෙන් හටගත් බහින්බස්වීමක් මහා ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග යාම හේතුවෙන් විවාහ මංගල උත්සවයක ඇතිවූ කලබලයක් සංසිඳුවීමට පොලිසිය පවා ගෙන්වීමට සිදුවීමේ පුවතක් කුරුණෑගලින් වාර්තාවේ.
කුරුණෑගල නගරයේ දෙපිරිසක් අතර පැවැති මෙම විවාහ මංගල්‍යය ප‍්‍රදේශයේ හෝටලයක පැවැත්විණි. එයට සහභාගිවූ දෙපිරිසේ දෙදෙනකු අතර බීම වීදුරුවක් සම්බන්ධයෙන් ආරවුල ඇතිවී තිබේ.
අවසානයේදී එම ආරවුල මහා ගැටුමක් බවට පරිවර්තනය වී මනාලයාගේ සහ මනාලියගේ පාර්ශවයේ දෙපිරිස හෝටලය තුළත් හෝටලයට පිවිසෙන මාර්ගයේත් එකිනෙකා ගුටිබැට හුවමාරු කරගත්හ.
මෙම කලබලයෙන් කම්පනයට පත් මනාලිය සහ ඇගේ මවට ක්ලාන්තය සෑදීමෙන් ඔවුන්ට ප‍්‍රතිකාර ලබාදීමට පවා සිදුවිය. අවසානයේදී ගැටුම සමථයකට පත්කරවීමට 119 හදිසි අංකයට කතාකොට පොලිසිය ගෙන්වීමට හෝටල් බලධාරීන්ට සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපායේ මගුල් ගෙවල්වලවත් මේ වගේ ගෝරි නැහැ. චී..චී හරිම කැතයි. (නි)
එහෙනම් ගිම්හාන ඔයාගේ නුවණක්කාර අදහස් දාන්නකෝ... (ස)
බිම වීදුරුවකට...? අය්යෝ සංසාරේ හැටි.(නදී)
වරුණ ඔයත් ඒ පැත්තේ හිටියද? මේ පිළිබඳව ඔබ දරන අදහස් මොනවද? ගොඩක්ම තියෙන්නේ තේරුමක් නැති පණ්ඩිත අදහස් (නි)
මගුල් ගෙවල් වල ඹ්වා වෙනවා තමයි. මෙයාලා හොදට බීලා ගුටිකාලා යනවා. පොලීසිය ආවා නම් හොදට බීලා හොදට කාලා පාර්සලයකුත් බැදගෙන අවවාදයකුත් දීලා යන්න ඇති. රූපවති අක්කා ඔතන හිටියා නම් රෝස් කරපු කුකුලෙක්ම කන්න තිබුනා ගුටි බැට යන අතරතුර. මේක විවාහ වෙන අයගේ පළවැනි පාඩම. කොන්ඩේ කපන්න ගියාම බාබර් කොන්ඩෙත් ගන්නවා, සල්ලිත් ගන්නවා. මෙතන හෝටල් අයිතිකාරයට සල්ලිත් ලැබෙනවා කෑමත් ඉතුරුයි (නි)
හැම ලොකු ගෝරියකටම මුල සුළ ප්‍රශ්නයක්. ඡන්ද දිනක මගේ අසල්වැසියෙක් ඔහුගේ බිරිදගේ කොන්ඩෙන් ඇද ගහනවා. හේතුව ඡන්ද කොළය බිරිද නැති කරගෙනලු. මා ඔවුන් දැනුවත් කලා හැදුනුම් පත අරන් ගොස් ඡන්දය දමන්න (නි)
මංගල උත්සව වලට සහභාගි වන අය හොදට කාල බීලා විනෝද වෙනවා. මෙයාලා හොදට බීල ගුටිකාලා යනවා. පොලීසිය ආව නම් හොදට බීල හොදට කාල පර්සලයකුත් බැදගෙන අවවාදයකුත් දීල යන්න ඇති. රෑපවති අක්කා ඔතන හිටියා නම් රෝස් කරපු කුකුලෙක්ම කන්න තිබුනා ගුටි බැට යන අතර තුර මේක විවාහ වෙන අයගේ පළවැනි පාඩම. කොන්ඩේ කපන්න ගියාම බාබර් කොන්ඩෙත් ගන්නවා, සල්ලිත් ගන්නවා මෙතන හෝටල් අයිති කාරයට සල්ලිත් ලැබෙනවා කෑමත් ඉතුරුයි.(නදී)
ඕක තමා බල්ලොත් එක්ක බැහැ කියන්නේ . මගුලක් ගන්නකොට දෙපැත්තේම අය ගැන හොදින් හොයලා බලන්න කියන්නේ මේ නිසා. බීම වීදුරුවට මෙහෙම වුනානම් වෙන දෙයකට ප්‍රශ්නයක් වුනානම් මිනියක් වුනත් මරන්න තිබුනා. දැන් ඉතින් පාරේ බැහැලා යන්න බැරි එක විතරයි වුනේ (නි)
ආරවුල බීම වීදුරුවකට නම් වෙන්න බැහැ, මත් පැන් වීදුරුවකට වෙන්න ඕනෑ මට හිතෙන විදියට (නි)
මගුල කෙසේවෙතත් අවමගුලක් සිදුනොවී මෙය අවසන් විමගැන සැමට සැහිමට පත් වුණ එක ලොකුදෙයක් (අ)
මගුලට ආරාදනා කරන කොට තෝරලා බේරලා සුදුසු පුද්ගලයෝ විතරක් ගත්තා නම් හරි.(නදී)
මතට තිත... (නි)
"මනාලිය සහ ඇගේ මවට ක්ලාන්තය " මනාලයා තව බීම වීදුරු කීයක් බිව්වද? මගුලෙන් පස්සේ කටයුතු කොහොමද? බිම වලට ඉක්සුපාක මිශ්‍ර කරලා දීල මගේ යාලුවෙකුගේ ගෙදර මගුලකදී ගහගන්න ගිය යාලුවෙක් මම කාර් එකට දා ගත්තා. මේ යකා මගේ කාර් එකේ සීට් හපලා කැවා හැටි මතක් උනා. සෝමේ අය්යට මතකද සිද්දිය.(නදී)
අපේ රටේ මින්ස්කම නැති වෙගනේ යනවා. නීතියක් රීතියක් සාධාරණයක් නැති රටක මිනිස්සු බල්ලෝ බලල්ලු වගේ හැසිරෙනවා. මේවට පාලකයෝ කෙලින්ම වග කියන්න ඕනේ. තව තව දේවල් ඉස්සරහට බලාගන්න පුළුවන්.(නදී)
ගමේ ඉන්න අය කවදා ගිය හොටෙල්ද? එයා මේ පෙරේත කමට සිසිල් බීම එකකටත් ගහගෙන, මුන්ගේ ගමේ කඩවල සිසිල් බීම නැද්ද අප්පා?(නදී)
හම්බන්තොට පැත්තේ වගේ කුරුණෑගලත් මදාවියෝ බිහිවීගෙන එනවා වගේ? (නි)
අපේ පළාතේ කුරුණෑගල මේ වගේ දේවල් වෙනවා සාමාන්‍යයෙන් අඩුයි. ඒත් දැන් ලංකාව හැමතැනම එකයි. අර පහුගිය කාලේ නිල් ,කහ ,රතු , කොළ , දම් කිය කියා එක එක වැහි ඇදහැලුනේ. මට හිතෙනවා පිට රට ජීවීන්ගේ ක්‍රියාවකටවත් මිනිසුන්ගේ හෝර්මෝන වෙනස් වෙලාද කියලා. (නි)
පුදුම මගුලක් තමයි. (ස)
නියමයිනේ මඟුල් ගේ. මොකුත් කියන්නත් බැහැ රුපවති අක්කලාගේ නෑදෑයෝ හින්දා.(නදී)
මොන දෙයක්ද මේ?(නදී)