IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


බාබර්ගෙන් කොණ්ඩෙ කපාගන්න බිරියත් ගෙන්න ගන්න වෙලා

ඔහු දක්‍ෂ කරණවෑමියෙකි. ඔහු සතු එකම දුර්වලතාව නම් ඉක්මණින් කේන්ති යාමය. කෙසේ වුවද ඔහුගේ මේ ක්‍ෂණික කේන්තිය මෙතෙක් ඔහුට හෝ වෙනත් කෙනකුට හානිදායක වී නැත. ඊට හේතුව ඔහුගේ බිරිය දී ඇති උපදෙසක් අකුරටම පිළිපැදීමට පුරුදුව සිටීම නිසාය.
ඔහුගේ සැලූන් එක පිහිටා ඇත්තේ නිවෙසට මීටර් පනහක් පමණ දුරිනි. බිරිය ඔහුට පවසා ඇත්තේ වැඩකරනවිට කේන්තියක් එන බව දැනුනොත් වහාම අතේ ඇති ආයුධ අතහැර නිරායුධ වී සැලූන් දොරින් එළියට පැන ගෙදර එන ලෙසය. එවිට බිරිය ආදරෙන් කරුණාවෙන් කතා කර තේ කෝප්පයක් පිළිගන්වා කේන්තිය පලවා හරින්නීය. ඊට පසු ඔහු සුපුරුදු පරිදි බාබර් සාප්පුවට ගොස් වැඩ අරඹයි.
පසුගිය දිනෙක මැදිවියට කිට්ටු කෙට්ටු සිරුරක් ඇති අයෙක් පැමිණ සැලූන් දොරට තට්ටු කළේ, කොණ්ඬේ කපාගන්න පුළුවන්ද? අසමිනි.
මේ අවස්ථාව සවස හයට ආසන්නව තිබිණි. කරණවෑමියා සිටියේ වැඩ ඇරී ගෙදර යාමට බඩු අස්පස් කරමිනි. ‘‘එන්න’’ යි ඔහු අමුත්තාට කීවේය.
කොණ්ඬේ කපන්න සැරසුණා පමණි, අමුත්තා පුටුවේ වාඩි වී ‘‘පොඞ්ඩක් ඉන්ඩකො අයියෙ පැෂන් එකක් සිලෙක්ට් කර ගන්න’’ කියා බාබර් සාප්පුවේ ප‍්‍රදර්ශනයට එල්ලා ඇති මෝස්තර මුහුණු දෙස බලා මේ වගේ කපන්න කීවේය.
‘‘හොඳයි’’ කියා තොල් මතුරා කතුර අතට ගත්තා පමණි.
‘‘අයියේ අර කෙරවලේ ස්ටයිල් එකත් හොඳයි නේද?’’ යි ඇසීය.
‘‘හ්ම්’’ ඔහු හිස වැනුවේය. දැන් කොණ්ඬේ කපමින් සිටී. ‘‘අයියේ අඩුකරන්න එපා හොඳේ. සයිට් ලෙවල් මදි වගේ’’ ඔහු කණ්ණාඩිය දෙස බලමින් කියයි.
ඉවසා සිටි බාබර්ට රතු ඉර පනින්න ඔන්න මෙන්නය. සිත සනසාගන වැඬේ කරන්නම බැරිය. කොණ්ඬේ පැත්තක්ද දැන් කපා අවසානය. සේවාලාභියා තවත් මොනවද කීවේය.
‘‘කපාගන්නවා  ඕයි තමුසෙගෙ බම්බු ඔළුව  ඕනෑ විදිහට මෙන්න බඩු’’ කියා කතුර, දැලිපිහිය මැෂිම මේසය මත දමා සැලූන් දොරින් පැන ගෙදර ගියේය.
බාගෙට කැපූ කොණ්ඩය සහිතව එළියට ඒමට නොහැකි සේවාලාභියා බාබර්ගේ බිරිය පැමිණි පසු කන්නලව් කර ‘‘අනේ වැඬේ ඉවර කරන්න කියන්නකෝ.’’ කීවාලූ. පසුව කේන්තිය නිවාගන පැමිණි බාබර් වැඬේ ඉවර කරන තුරුම ඔහු කට ඇරියේ නැතිලූ. මේ රජරට දෙසින් වාර්තා වූ පුවතකි.



අදහස් (0)

බාබර්ගෙන් කොණ්ඩෙ කපාගන්න බිරියත් ගෙන්න ගන්න වෙලා

සකු Thursday, 28 March 2013 09:53 AM

අනවශ්‍ය විදිහට කේන්ති ගන්න එපා (දී)

:       0       0

හේවාවිතාරන Friday, 29 March 2013 03:22 AM

හොද වෙලාවට ලෝකේ දැලිපිහි තහනම් කළේ.(නදී)

:       0       0

නිමාලි Wednesday, 27 March 2013 09:13 PM

ඔන්න වෙච්ච දෙයක් (දී)

:       0       0

සෑම් Wednesday, 27 March 2013 10:39 PM

මට එහෙම බැන්නා නම් බාබර්ගෙ කොණ්ඩෙ කපලයි එන්නෙ මම. (නි)

:       0       0

සුදා Thursday, 28 March 2013 06:44 PM

මෙය සිංහලයාගේ තවත් එක් මෝඩ ලක්ෂණයකි. (නි)

:       0       0

ලලිත්-එල්.එස් Friday, 29 March 2013 08:22 AM

දැන්නම් ඔය සැලුන් එක නැතිව ඇති. තිබුනත් කව්රුත් යන එකක් නැහැ.(නදී)

:       0       0

ගාමිණි Wednesday, 27 March 2013 04:03 PM

මොකද පොඩි ළමයින්ට වගේ (දී)

:       0       0

කමල් Wednesday, 27 March 2013 10:48 AM

සේවා ලාභින්ට යහපත් ලෙස සැලකීමත් දියුණුවේ එක් ලක්ෂණයක්. ලාංකිකයින් මේ ගැනත් උනන්දු විය යුතුයි.(නදී)

:       0       0

යොහාන් Wednesday, 27 March 2013 11:00 AM

මොකක්ද අනේ ඔය සැලුන් එකේ නම? (නි)

:       0       0

වන්නි Wednesday, 27 March 2013 11:30 AM

තමන්ගේ කොන්ඩේ තමන්ටම කපා ගන්න බැහැනේ (දී)

:       0       0

සරත් Wednesday, 27 March 2013 11:48 AM

බිරිඳත් මහත්තයා වගේම වුණානම් (ස)

:       0       0

ලංකා Wednesday, 27 March 2013 12:57 PM

සැලුන් එකේ නම තමයි වරහන් තුළ තියෙන්නේ.(නදී)

:       0       0

නන්දලාල් Wednesday, 27 March 2013 05:55 PM

ඇය අති දුර්ලභ ඝණයේ බිරියකි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1134 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1142 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 431 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site