ඇය එතරම් ගම්බද දිළිඳු තරුණියක වූවාය. මවුපියන් සමග හුදෙකලා ජීවිතයක් ගෙවු ඇයට කිසිදු ආදර සබඳතාවක් නොතිබිණි.
මවුපියෝ ඇයට සුදුසු සහකරුවකු සොයා වෙහෙසුණහ. අවසානයේදී ඇයට විවාහ යෝජනාවක් ගෙනාවේ කපු මහතකුගේ
මාර්ගයෙනි. ඉතාමත් තැන්පත්, විනීත, සංවරශීලී තරුණයකු වූ ඔහුට අකමැති වන්නට මෙම තරුණියට කිසි හේතුවක් තිබුණේ නැත. ඉතා විනීත ගතිපැවතුම් පෙන්නුම් කළ මෙම තරුණයා ඇය වැනි අහිංසක තරුණියක් විවාහ කරගන්නට කැමැති බව පැවැසීය. තරුණියගේ තොරතුරු අසා දැනගත් සැණින් මවුපියන් සමග සාකච්ඡා කොට ඇය දැකගන්නට පැමිණෙන්නට ඔහුට තිබුණේ පුදුමාකාර හදිස්සියකි.
ඇය දකින්නටත් පෙර පටන් ඇයට පුදුමාකාර කැමැත්තක් දැක්වූ ඔහු වහාම නිවාඩු ලබාගෙන ඇය දැක ගන්නට පැමිණියේය. එහෙත් සියල්ල වෙනස් වූයේ එතැන් පටන්ය. තරුණියගේ දුරකථන අංකයට නාඳුනන පුද්ගලයන්ගෙන් ඇමතුම් ගලා එන්නට පටන්ගත්තේ එතැන් පටන්ය. සියලු දෙනාම ඇයට විවාහ යෝජනා ඉදිරිපත් කරන්නට වූහ. මේ පිළිබඳව ඉතා සූක්ෂමව විමසා බැලූ තරුණියට දැන ගත හැකිවූයේ මෙය එම තරුණයාගේ වැඩක් බවයි. පුවත්පත්වල හා කපු මහතුන් ලවා විවාහ කර ගැනීමට යැයි පවසා අහිංසක තරුණියන් රවටා අවසානයේදී තම මිතුරු කල්ලිය අතර එම තරුණියන්ගේ දුරකතන අංක බෙදා දී පහත් සතුටක් ලබාගන්නා අයකු බව පසුව හෙළි විය.
(වැල්ලව ශිවා බණ්ඩාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැගණියේ පරෙස්සමින් මෙවන් වංචා කාරයන් අද හැමතැනම (බ)
එතකොට දැන් ඉස්සෙල්ලම මනමාලි බලන්න එනකොට වැඩිහිටි කවුරුවත් ඇවිල්ලා නැද්ද ? එහෙම නැතිව තනියම ආවා නම් එතැනින්ම සැකයක් ඇති වෙනවානේ මොලය තිබෙන කෙනෙකුට නම්. (බ)
ඔය වගේ අය පිරිමි ජාතියටම කැළලක්. අනිවාර්යයෙන්ම නිසි දඬුවම් දියයුතුයි (නි)
හැදී මිටකම දුරයි කියනා ගැහැණු මොලේ.... රව්ටන්නටත් බැරිඋනි මහා උගත් මොලේ. (ර)
ඔය පහත් වැඩ කරන සතා පොලීසිය ට අල්ලලා දෙන්න. අහිංසක මිනිසුන්ට වදදෙනවට. (බ)