අගනුවර වැඩපලකදී සිය දියණිය හා මිතුරුවී ඇගේ තනි කැමැත්තට විවාහ රිජිස්ටාර් පොතේ අත්සන තබා නිවසට පැමිණි බෑනා නැන්දම්මා විසින් ආදරයෙන් පිළිගත්තද පසුව ඔහුගේ ‘සංගීත පිස්සුව’ නොරිස්සූ ඇය පොලිසියට යාමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ සබරගමුව පළාතෙනි.
පොලිසියේ පැමිණිලි අංශයට ආ ඇය කී කතාවට සවන්දුන් එතැන සේවය කළ පොලිස් නිලධාරීයා අන්දමන්ද විය.
“ඌ සංගීත පිස්සෙක් සර්. තේ එක දුන්නම පීරිසි තට්ටුවට කෝප්පෙන් ගහ ගහ තාලෙ අල්ලනවා. කෑම එක දුන්නම පිඟානට තට්ටු කර කර උරුහම් බානවා. එළවළු එක්ක කෑම එක මේසෙට ඇරියම හැඳිවලින් තට්ටු දමා සින්දු කෑලි කියනවා. බැරිම තැන මේව නවත්වන්න කිව්වම මගේ ඇඟට කඩා පනිනවා. පසුගිය ටිකේම ජෝඩුව මාත් එක්ක වලි. එක්කො ඌ යවන්න නැත්තං මං යනවා” ඈ කීවේ කෝපයෙනි.
පොලිස් ස්ථානාධිපතිගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් දෙදෙනකු මේ නිවසට පරීක්ෂණ සඳහා ගියත් ඒ වනවිට ජෝඩුවම අගනුවරට ගොස්ය.
(තිහගොඩ උපසේන ලියනගම)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නැන්දම්මාට පැසුණු බුද්ධියක් ඇත්නම් සිතයි බැඳපු අලුත ජීවිතේම එකම සැණකෙළියක් කියලා (නි)
සංගීතයට අකමැති යක්ෂයින් හෝ එම ගතිපැවතුම් ඇති උදවියයි. (නි)
ඕකනේ කියන්නේ නැන්දම්මලා එක්ක බැහැ කියලා. ඒගොල්ලන්ට ඉතින් බෑනා කෑවත් වැරදියි, ඇන්ඳත් වැරදියි. අඩුම තරමේ සින්දුවත් කිවුවත් වැරදියි. අනේ අම්මෝ බෑනෝ, දිවි බේරාගෙන ගිය එකමයි කාරිය (නි)
සංගීතය කියන්නේ අතන මෙතන තට්ටු දාන එක නොවෙයි. මේ වගේ පිස්සෝ නිසා අපට උරුම වටිනා දේවල් අහිමිව යනවා (නි)
සමහරු අතේ ඇඟිලි වලින් මේසෙට තට්ටු කරනවා. එ්ක කාර්යාල වල මහා හිසරදයක් (නි)
දැන් බහුතරයක් ඉන්නෙ සංගීත පිස්සො මානසික රෝගීන් අප්පුඩියක් ඕනේ.සද්දයක් ඕනේ. කිය කිය මරහඬදෙන හැටි අහල නැද්ද (අ)
තට්ටුම දාලා පිඟන් කෝප්ප ටික කඩලා දායි කියලා බයක් තිතිලා ද දන්නේ නැහැ. (ර)
මේසයකට තට්ටුවක් දාන්න පුළුවන් එකෙක් හරි කාර්යාලයක ඉන්න එක වාසනාවක්! (නි)
ඉස්සර විශ්ව විද්‍යාලේ අපිත් එක්ක හිටපු යාලුවෙක් සින්දු පටන්ගන්නේ වැසිකිළියට ගිහින්. එක දවසක් අපි හිටිය නිවස අයිති මහත්මයා ඇවිත් කියනවා අර ළමයට බඩේ අමාරුවක්ද දන්නේ නැහැ, කෙඳිරි ගාන සද්දයක් එනවා කියලා (නි)
ඔහොම වෙලාවට තමයි කියන්නේ කසාදයක් බැන්දම නැන්දම්මවත් නොමිලේ ලැබෙනවා කියල (බ)