අගනුවර වැඩපලකදී සිය දියණිය හා මිතුරුවී ඇගේ තනි කැමැත්තට විවාහ රිජිස්ටාර් පොතේ අත්සන තබා නිවසට පැමිණි බෑනා නැන්දම්මා විසින් ආදරයෙන් පිළිගත්තද පසුව ඔහුගේ ‘සංගීත පිස්සුව’ නොරිස්සූ ඇය පොලිසියට යාමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ සබරගමුව පළාතෙනි.
පොලිසියේ පැමිණිලි අංශයට ආ ඇය කී කතාවට සවන්දුන් එතැන සේවය කළ පොලිස් නිලධාරීයා අන්දමන්ද විය.
“ඌ සංගීත පිස්සෙක් සර්. තේ එක දුන්නම පීරිසි තට්ටුවට කෝප්පෙන් ගහ ගහ තාලෙ අල්ලනවා. කෑම එක දුන්නම පිඟානට තට්ටු කර කර උරුහම් බානවා. එළවළු එක්ක කෑම එක මේසෙට ඇරියම හැඳිවලින් තට්ටු දමා සින්දු කෑලි කියනවා. බැරිම තැන මේව නවත්වන්න කිව්වම මගේ ඇඟට කඩා පනිනවා. පසුගිය ටිකේම ජෝඩුව මාත් එක්ක වලි. එක්කො ඌ යවන්න නැත්තං මං යනවා” ඈ කීවේ කෝපයෙනි.
පොලිස් ස්ථානාධිපතිගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් දෙදෙනකු මේ නිවසට පරීක්ෂණ සඳහා ගියත් ඒ වනවිට ජෝඩුවම අගනුවරට ගොස්ය.
(තිහගොඩ උපසේන ලියනගම)
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
874
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බෑනාගේ මේස හැඳි සංගීතයට නැන්දම්මාගේ මොළේ කචල්වෙලා
කමණි Monday, 11 July 2016 07:17 AM
මේ නැන්දම්මාට පැසුණු බුද්ධියක් ඇත්නම් සිතයි බැඳපු අලුත ජීවිතේම එකම සැණකෙළියක් කියලා (නි)
අබය Monday, 11 July 2016 12:15 AM
සංගීතයට අකමැති යක්ෂයින් හෝ එම ගතිපැවතුම් ඇති උදවියයි. (නි)
පිටබැද්දර ජයා Monday, 11 July 2016 12:45 PM
ඕකනේ කියන්නේ නැන්දම්මලා එක්ක බැහැ කියලා. ඒගොල්ලන්ට ඉතින් බෑනා කෑවත් වැරදියි, ඇන්ඳත් වැරදියි. අඩුම තරමේ සින්දුවත් කිවුවත් වැරදියි. අනේ අම්මෝ බෑනෝ, දිවි බේරාගෙන ගිය එකමයි කාරිය (නි)
ලක්ෂ්මන් Monday, 11 July 2016 03:35 AM
සංගීතය කියන්නේ අතන මෙතන තට්ටු දාන එක නොවෙයි. මේ වගේ පිස්සෝ නිසා අපට උරුම වටිනා දේවල් අහිමිව යනවා (නි)
පිටිගල Monday, 11 July 2016 04:06 AM
සමහරු අතේ ඇඟිලි වලින් මේසෙට තට්ටු කරනවා. එ්ක කාර්යාල වල මහා හිසරදයක් (නි)
ධම්මි Monday, 11 July 2016 02:46 PM
දැන් බහුතරයක් ඉන්නෙ සංගීත පිස්සො මානසික රෝගීන් අප්පුඩියක් ඕනේ.සද්දයක් ඕනේ. කිය කිය මරහඬදෙන හැටි අහල නැද්ද (අ)
නිශාඩ් ෆ්‍රීනා Friday, 15 July 2016 10:45 AM
තට්ටුම දාලා පිඟන් කෝප්ප ටික කඩලා දායි කියලා බයක් තිතිලා ද දන්නේ නැහැ. (ර)
ගුණවතී Monday, 11 July 2016 05:38 AM
මේසයකට තට්ටුවක් දාන්න පුළුවන් එකෙක් හරි කාර්යාලයක ඉන්න එක වාසනාවක්! (නි)
උදය Wednesday, 13 July 2016 02:06 AM
ඉස්සර විශ්ව විද්‍යාලේ අපිත් එක්ක හිටපු යාලුවෙක් සින්දු පටන්ගන්නේ වැසිකිළියට ගිහින්. එක දවසක් අපි හිටිය නිවස අයිති මහත්මයා ඇවිත් කියනවා අර ළමයට බඩේ අමාරුවක්ද දන්නේ නැහැ, කෙඳිරි ගාන සද්දයක් එනවා කියලා (නි)
ගුණවර්ධන Tuesday, 12 July 2016 11:51 AM
ඔහොම වෙලාවට තමයි කියන්නේ කසාදයක් බැන්දම නැන්දම්මවත් නොමිලේ ලැබෙනවා කියල (බ)