සබරගමුව පළාතේ පදිංචි ඔහු ඉතාම අවංකව හා කාර්යක්ෂමව සේවය කොට විශ‍්‍රාම ලද මාණ්ඩලික නිලධාරියෙකි. පසුගියදා නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ගියේ රුපියල් දෙදහස් පනහක් ගෙන ව්‍යාපාරික ආයතනයක පැරණි ණයක් ගෙවීමටය.
බැංකු කුවිතාන්සිය හා ගිණුම් පොත දුන්විට බැංකු නිලධාරිනිය අදාළ මුදල පොත ඇතුළේ දමා ඔහුට දුන්නාය. එය රැුගෙන ව්‍යාපාරික ස්ථානයට ගිය ඔහුට තරු පෙනුණේ පොත තුළ රුපියල් විසි දහස් පන්සීයයක් තිබූ හෙයිනි.
ආපහු බැංකුවට ගිය ඔහු නිලධාරිනියට කීවේ ගෙවා ඇති මුදල වැරදි බවය. ”දැන් කිව්වට වැඩක් නෑ අංකල්. හොඳට ගැනල බලල ගෙනියන්න තිබුණෙ. දැන් කොහොමද මං ඕක විශ්වාස කරන්නෙ” ඇය කීවේ තරමක් සැරෙනි.
”නෑ මිස් මම ඉල්ලපු රුපියල් දෙදාස් පනහ වෙනුවට මට විසිදාස් පන්සීයක් ගෙවලා. අගට බිංදුවක් වැඩිවෙලා. පන්සීයෙ කොළ හතරට පන්දාහෙ කොළ හතරක් දාලා” කීවේ සිනාසෙමිනි. ”අනේ සමාවෙන්න.” කී ඇය ගනුදෙනුව හරියට කළේ ලජ්ජාවෙන් ඇඹරෙමින්ලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපවති නෝනා දැන් ඇතිනේ පිට රට වල හිටිය.. නරකද නහින දෙහින කාලේවත් මව් රටට වෙලා පිනක් දහමක් කරගෙන හිටියොත්... (බ)
බුදු අම්මෝ ලංකාවට එන්නත් බයයිනේ. බලන්නකෝ ඉන්න අයගේ සැර (නි)
කොහොම වුණත් අන්කල් කෙනෙක් නිසා මෙදා පඩිය බේරගත්තා. පින් දුන්නා නම් හරි.නැත්නම් ඉතින් අතින් තමා ගෙවන්න වෙන්නේ.රාජකාරිය දේවකාරියක් ලෙස නිමකර විශ්‍රාම ගොස් සිටින එම මහත්මාගේ නියම මහත්මා ගුණයට මගේද භක්ති ප්‍රණාමය! (නි)
අපේ සිත පින් කරන්න කැමති නම්. ලංකාවටම එන්න කියලා නියමයක් නැහැ සුබාෂ් මහත්තයා. අපිට ඕනේ තරම් පින් අතේ වැඩ කරගත හැකියි. තමන්ට හැකියාවක් ඇතිනම්. (ර)
කොහොමත් ඔය බැංකු වල ඉන්න නොනලගේ හරිම ලොකු සීන්. මටත් පාට් එකක් දැම්මා මම ඒ කට ගානක් කපා ගත්තා බැංකුවෙන්. (ර)
රූපවති , දැන් කවුද සැර? ඔයා ඉන්න රටේ අය සැර නැද්ද ඉතින්? (නි)
ලංකාවේ රාජ්‍ය බැංකුවක ලොකු නෝනා කෙනෙක් මගේ රුපියල් දහ දාහක් වැඩියෙන් අරගෙන ලැබුනේ නැහැමයි කියලා මාත් එක්ක රණ්ඩුවෙලා කොහොමහරි කටින් ගහලා දිනුවා. මම ගෙදරින් එනකොට නෝනාගෙන් ඉල්ලලා ගැනලා ගෙනාවේ. ඒත් බැංකුවට සල්ලි දුන්නහම අඩුවෙලා. මොනවා කරන්නද? (නි)
අපේ රුපවති නෝනට කේන්ති ගියාද මන්ද? මම කිව්වේ අපි අපේ රටේ ඉන්නවනම් වැඩිපුර පින් කර ගන්න පුළුවන් කියල... ඒක බොරුවක් නෙමෙයිනේ, දැන් ඔය කුරුණෑගල පැත්ත ගත්තොත් කැලේ වුනාට හරිම නිස්කලංකයිනේ ..එ්කයි මම අදහස් කළේ (බ)
පසුගිය කාලයේ මෙතන පුවත් මැව්වේ පිවිතුරු යහපාල වුණත් දැන් එතන රූපවතීට හිමි වී ඇති බව පෙනේ. (නි)
අපරාදේ ඒ මනුස්සයා සල්ලි දුන්නේ (නි)
ඒ කාන්තාවට පොළව පළාගෙන යන්න හිතෙන්න ඇති (නි)
පව් අනේ! කාගේ අතිනුත් වැරදි වෙනවා. අහිංසකාවියක් වෙන්න ඇති. (නි)
රාජ්‍ය බැංකු ශාකා බොහොමයක සේවක මහත්ම මහත්මීන් හිතන් ඉන්නේ ..එ්ක එයාලගේ රාජ්‍ය කියල...,එයාලගේ අතින් සල්ලි දෙනව කියල හිතන් ඉන්නේ මිනිසුන්ගේ බාහිර පෙනුමට තමා සැල කීම කරන්නේ...මීටවඩා පෞද්ගලික බැංකුවල සේවය උසස් මට්ටමක පවතිනවා.. කොහොම උනත් අන්කල් කෙනෙක් නිසා මෙදා පඩිය බේරගත්ත පින් දුන්නනම් හරි....නැත්නම් ඉතින් අතින් තමා ගෙවන්න වෙන්නේ...රාජකාරිය දේව කාරියක් ලෙස නිමකර ..විශ්‍රාම ගොස් සිටින එම මහත්මාගේ නියම මහත්මා ගුණයට ...මගේද භක්ති ප්‍රණාමය..(බ)
සල්ලි නොදී හිටියා නම් තමයි නියම වැඩේ වෙන්නේ (නි)
විශේෂයෙන් රාජ්‍ය බැංකු වලින් වැඩක් කරගන්න ගියාම ඒවායේ ඉන්න නෝනලා කතා කරන්නේ අපි එයාලගේ ගෙදරින් සල්ලි ඉල්ලන්න ගියා වගේ. (සමහර මහත්තුරුත් එහෙමයි) දේශපාලකයන්ට විරිත්ත විරිත්තා ඉන්න එක නවත්තලා තමන් කවුද කියලා හඳුනාගෙන වැඩ කරන්න. (නි)
ජෙහාන් බලාගෙන, ප්‍රෙෂර් නඟීවි (නි)
බැංකුවේ නෝනා ඉක්මන් වෙලා වැඩි. (ර)
අපෝ ගොඩක් බැංකුවල තත්වය ගැන කියලා වැඩක් නෑ. එයාල හිතන්නේ අපි එයාලග කරදරකාරයෝ කියලයි. (ර)
කා අතිනුත් වැරදි වෙනවා ඒවා ඉවසීමෙන් විසදා ගන්න ඕන. (ර)
කාලෙකට කලින් පෞද්ගලික් බැංකුවකින් මටත් සල්ලි වැඩිපුර ආවා. වෙන දවසක මම ගියාම මැනේජර් කතාකරලා ඒක අඩුකරා. පස්සේ දවසක් මට සයිස් එකක් දැම්මා මම බැන්නා. (ර)
ගනුදෙනුකරුවාට තිබුනේ කළමනාකරුට පැමිණිලි කරන්න. (ර)
බැංකු නෝනලා, මහත්වරු (සමහරු) ගැන නම් කියලම වැඩක් නැහැ. (නි)
අපේ රුපවති නෝනට වෙලා නැද්ද මේ වගේ වැඩක්? මොකද මේකේ මොකක් දැම්මත් අපේ රුපවති නෝනටත් ඒ වගේම වැඩක් වෙලා තියෙනවා. (ර)
මම දන්න කීප දෙනෙක්ට ඔය විදිහට උනා. වානිජ අංශවල වැඩ කරන, ප්‍රේමවන්තයා ගැන හිත හිත වැඩ කරලා. (ර)
හැබැයි ඉතින් මේ මහත්මයාගෙ එකවුන්ට් එකෙන් ඇත්තටම 20500ක් අඩුවෙලාද දන්නෙ නැහැ. පරීක්ෂා කරලා බලන්න වටිනවා. නැත්තම් වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩාගෙන වැටුනා වගේ වෙයි. (නි)
අවංක කෙනෙකු නිසා ඒ මහතා තමාට වැඩියෙන් ලැබුණු මුදල ආපසු ගෙනවිත් දුන්නාට, එහෙම නොකළා නම් හවසට ඒ නෝනා හොටු පෙරාගෙන බැලන්ස් කරන හැටි බලන්න තිබුනා. (නි)
අනිවාර්යෙන්ම ඕක රජයේ බැංකුවක්. (අ)
අන්කල්ගේ අවංක කම නිසා ඔතනින් බේරුනා. නැතිනම් මිස්ට තිබුනේ තමන්ගේ අතින් දාල හවසට ගණන් පියවන්න. (අ)
මේ විදියට ගනු දෙණු කරුවන්ගේ ඇඟට ගොඩවෙන්නේ රාජ්‍ය බැංකු වල. පුද්ගලික බැංකුවල කාර්ය මණ්ඩලය මෙහෙම හැසිරුනොත් ඒ අය අමාරුවේ. සුහදශිලි පාරිභෝගික සේවාව ගැන මුල ඉඳලාම ඒ අයව දැනුවත් වෙනවා. (ර)
රුපවතිද දන්නේ නැහැ මෙතන මේ සේවිකාව. නේද සුභාෂ්? (ර)
රූපවති අක්කා ඉස්සර අවුරුද්දට ගමේ ආවම, අපිට බුලත් වල ඔතලා සල්ලි දෙනවා. ඔන්න මලෙ අක්කගෙන් පොඩි තෑග්ගක් කියලා, දෙන්නෙම විස්සෙ කොලයක්. (ර)
අනේ මන්ද ලංකාවේ මිනිස්සුන්ගේ ක්‍රියා කලාප කවදා දියුණුවෙයිද කියලා. මම ඊයේ ගියා පීසා එක්ස්ප්‍රස් එකට, ඇනවුම් කරලා සැහෙන වෙලා ගියා අපේ ඇනවුම ලැබෙන්න. කන්න බලනකොට සැහෙන නිවිලා. නමුත් අලුත් එකක් ගෙන්න කිව්වොත් තවත් වෙලා යන නිසා අපි එ්කම කනවා කියල හිතුව අමාරුවෙන්. බිල ගෙවන්න ගියහම කළමනාකරු ඇහුව කොහොමද පීසා එක ගැන සතුටුද කියල. මම අඩුපාඩුව පෙන්නලා දුන්නම බොහොම බගැපත්ව සමාව ඉල්ලලා මුදල් අයකරන්නෙත් නැතුව ඊළඟ සැරේටත් නොමිලේ පීසා ගන්න කුපනයක් දුන්න. තව කතාවක් කියන්නම් බැංකුවක් ගැන. (බ)
මගේ ගිණුම තියෙන්නේ ආර්බීඑස් කියන බැංකුවේ. කාලෙකට උඩදී මගේ ගිණුමට ඩොලර් 5,200 නොදන්නා කෙනෙකු විසින් තැන්පත් කරලා තිබුනා. අනිවාර්යෙන්ම ඒවා මගේ සල්ලි නොවන බව මම දන්නවා. මම බැංකුවට ගිහින් ඒ බව දැනුම් දුන්න. එයාල එ්කට බොහොම පැහැදිලා මට ලස්සන මල් කලඹකුත් දීල නොයෙක් විදිහට ස්තුති කළා. තව මට අඩු පොලියට ගෙයක් ගන්න ණයකුත් දුන්නා. අපේ රටේ බැංකු වල ඉන්න ඔය සමහර උඩඟු නෝනලාත් ඒ වගේ හැසිරෙන්න ඉගෙන ගන්නවානම් කොච්චර ලස්සනද! (බ)
ජෙහාන් සොයුර ..මට මතකයි පාරේ අපේ ගේ ළඟ තිබුණු අඹ ගහේ ගෙඩි පිරිලා ..කොල්ලෝ හැමදාම ඕකට ගල් ගැහුවා ..? (අ)
ඒ කියන්නේ ජයනාත් රූපාව හදුනනවා කියන එක නේද.? (ර)
බැංකුවකට ගිහින් සල්ලි ගන්න තියෙන්න එපැයි...?ජයනාත්ට මම රුපියල් විස්සේ කොලේ ඔතලා දුන්නේ මම යාලු වෙලා හිටිය කොල්ලට ඔයා පියම් වැඩේ කරපු නිසයි. හා..හා.. කමක් නැහැ රු. 20 කොළේ අවුරුදු තෑග්ග කියලා බේරෙමු. (ර)
ඔය රාජ්‍යබැංකු වල බහුතරයක් ඉන්නේ මෑත කාලයේ දේශපාලන පත්වීම් ලැබිලා පස්සා දොරෙන් රිංගපු නෝනලා. බහුතරයකට අත්‍යාවශ්‍ය රැකියා කුසලතා මොනවත් නැහැ. ඒවා තියා සමාජ සිරිත් විරිත් ඇවතුම් පැවතුම් දන්නෙත් නැහැ . කවුන්ටරයේ සිට උදේ කෑම කමින් සල්ලි ගනිනවා. කිවිසුමක් යනවිට අතින් කට නහය වහ ගන්න දන්නේ නැති කෙනෙක් මට දකුණු පළාතේ බැංකු ශාඛාවකදී හමු වුණා (බ)
වැරදි සිදුවීම වරදක් නොවේ නිවැරදි කර නොගැනීම වරදකි (බ)