IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


බදු මුදල් ඉල්ලද්දී රඹුටන් ගෙඩි 20 ක් දෙන්න හදලා

දකුණු පළාතේ උප නගරයක් ආශ‍්‍රිත කඩපොළකි. මෙවර රඹුටන් පලදාව ඉහළ මට්ටමක වූ හෙයින් ගෙවතු හිමියකු රඹුටන් ගෝනියක් රැුගෙන මේ වෙළෙඳපොළට ආවේ අලෙවිය සඳහාය.

ප‍්‍රාදේශීය සභාවේ බලයලත් අයබදුකරුවකු ඔහුගේ රඹුටන් ගෝනිය දෙස බලා රුපියල් විස්සක බදු කොළයක් කඩා ඔහුට දී මොහොතකට පසුව ආවේ මුදල් ගෙනයාමටය.

ඒ වන විටත් රඹුටන්, අලෙවි නොවූ නිසා ‘‘සල්ලි නං නෑ පුතා’’ කීවත් බදුකරු කීවේ වෙළෙන්දා රඹුටන් ගෙඩි විස්සක් පමණ අතට ගෙන ‘‘එපා නම් මේකවත් තියා ගන්න ඔයාටත් ලාබයි’’ කීමෙන් බදුකරුට තරු පෙනිණි.

මේ පිළිබඳව දෙදෙනා අතර මහත් ගැටුමක් ඇතිවේගෙන එන බව දුටු අසල සිටි තරුණයින් කීපදෙනකු රඹුටන් ගෙඩි කීපයක් මිලයට ගෙන බද්ද ගෙවීමට ඔහුට උදව් කළාලූ.



අදහස් (0)

බදු මුදල් ඉල්ලද්දී රඹුටන් ගෙඩි 20 ක් දෙන්න හදලා

විරාජ් ඒකනායක Friday, 11 July 2014 06:55 AM

වෙළෙන්දන්ගෙන් බදු අයකරන්නේ බොහෝවිට රජයේ නිලධාරීන් නෙමෙයි, වාර්ෂිකව දේශපාලනය මත පොළවල් ඇතුළු වෙළඳ සංකීර්ණ බදුගන්න මැරයින් (නි)

:       0       0

පිටිගල Friday, 11 July 2014 07:36 AM

මේ ආශ්චර්යවත් රටේ කෙරෙන දේවල් වල හැටියට ඕකත් මහා දෙයක්ද?(දිල්)

:       0       0

ගොඩය Friday, 11 July 2014 11:51 AM

ඔන්න ඔයවගේ අය තමයි ප්‍රාදේශීය සභාවල ඉන්නේ. (ස)

:       0       0

රණ්බණ්ඩා Saturday, 12 July 2014 06:21 AM

රජයේ නිළධාරීන් මහා එපා කරපු අය ටිකක්. හිතක් පපුවක් නෑ .(අ)

:       0       0

දිමුතු Sunday, 13 July 2014 10:16 AM

රඹුටන් ගෝනියට රු 500 ක් බද්දක් ගහන්ඩ එපායැ (නදී)

:       0       0

සමන්ති Friday, 11 July 2014 02:54 PM

බදුකරුට ඕන සල්ලි ඉක්මනින් එකතු කරන්න .බොහෝවිට දේශපාලන ගැත්තන්ට බුද්දියක් නැහැ. සමහර වැසිකිලි වලට දාන හෙන්චයියලාට වැසිකිලියේ වතුර තිබේදැයි දන්නේ නැහැ .දිනක් කොළඹ සිට බදුලු යන පාරේ නගරයක බස් නැවතුමේ වැසිකිලියේ වතුර නැතිබව කීවාම එක නගරාධිපතිගේ වැඩ වලට අයත් එකක් කියා කීව. (අ)

:       0       0

රවී ගාල්ල Tuesday, 15 July 2014 07:13 AM

මවුකිරි ටිකටත් බද්දක් ගහයිද මන්දා ඉදිරියේදී? (නි)

:       0       0

දයා අලහාකෝන් Friday, 11 July 2014 05:13 AM

අනේ අපේ රටකට ගිය කළ (නදී)

:       0       0

කරුණාපාල Friday, 11 July 2014 05:22 AM

කොහොමත් මේ රජයේ නිලදාරීන් එලියට බහින්නේ කාලෙකට සැරයක්නේ ඒ නිසා මේවා එගොල්ලන්ට තේරෙනවා අඩුයි. (නදී)

:       0       0

පද්මසිරි Friday, 11 July 2014 05:53 AM

දැන් බදු නොගහන දෙයක් තිබුනොත්ි තමයි පුදුම වෙන්න ඕන. මේක සාමාන්‍ය දෙයක්. (නදී)

:       0       0

පහන් Sunday, 13 July 2014 02:52 PM

මහත්තයෝ එල්ලෙන සියල්ල රඹුටන් නොවේ කියල කියන්න තිබුනේ (නදී)

:       0       0

එමානුවෙල් Monday, 14 July 2014 11:31 AM

ඒකත් ඉතින් නරකම නැහැ (නි)

:       0       0

චින්තක Monday, 14 July 2014 11:31 AM

මිලියන ගණන් බදු වංචා කරන මහා පරිමාණයේ මුදලාලිලා ඉන්න රටේ රඹුටන් වෙළෙන්දාට සද්දේ දැමූ ඔහුට අපි අනුකම්පා කරමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1258 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1215 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 443 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site