IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


බෝතල්වල අඩියේ තිබූ කසිප්පු එකතුකර බී උසාවි බිමේ යකා නටලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
බළපිටිය අධිකරණ භූමියේ ප්‍රජා සේවයේ යෙදී සිටියදී උසාවි භූමියේ හිස්කරන ලද කසිප්පු බෝතල්වල අඩියේ තිබූ කසිප්පු බිංදු එකතු කර පානය කර බීමත්ව අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී යළි අත්අඩංගුවට පත් සැකකරුවකුට බළපිටිය මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනෙවිය රුපියල් පන්දහසක දඩයක් නියම කළාය.


මෙසේ දඬුවම් නියම වූයේ බටපොල බලබැද්දේ කසුන් කල්‍යාණරත්න නමැත්තකුටය.


ප්‍රසිද්ධ ස්ථානයක බීමතින් අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී මීටියාගොඩ පොලිසිය විසින් මේ සැකකරු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරු වරද පිළිගැනීම නිසා ඔහුට දඩ මුදලක් ගෙවීමට නියම වීමෙන් පසු එම දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වූ නිසා සැකකරුට බළපිටිය අධිකරණ භූමියේ ප්‍රජා සේවයේ යෙදීමට නියෝග කර ඇත. 


අධිකරණභූමියේ ප්‍රජා සේවයේ යෙදී සිටියදී තිබූ නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත්කොට ඇති මත්පැන් රැගෙන ආ බෝතල් අඩියේ තිබූ මත්පැන් බිංදු එකතුකොට ඒවා පානය කළ සැකකරු බීමතින් අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇත.


බළපිටිය අධිකරණ පොලිස් ඒකකයේ සේවය කරමින් සිටි අම්බලන්ගොඩ පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක කරුණාතිලක, බෙන්තොට පොලිසියේ පොලිස් කොස්තාපල් තුෂාර සමරසිංහ (34100) යන නිලධාරීන් විසින් මේ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

 



අදහස් (0)

බෝතල්වල අඩියේ තිබූ කසිප්පු එකතුකර බී උසාවි බිමේ යකා නටලා

ගුණවර්ධන Saturday, 18 June 2016 02:26 PM

ඔය මොනවා කිව්වත් ටිකක් ගත්තහම නියමයි. දන්නෝ දනිති! (නි)

:       0       0

සිරි Thursday, 16 June 2016 02:08 AM

බලු වලිගය හත් අවුරුද්දක් උණ බම්බුවේ දාලා තිබුණත් ඇදේ නොඇරේ.... (නි)

:       0       0

සමන්ති Wednesday, 15 June 2016 01:11 AM

කවුරුත් නොදන්නවාට ගොඩක් බාර්වල හිස් බෝතල් වල අඩියේ ඉතිරිවන දේ පුනීලයක් මඟින් තව බෝතලයකට පිරෙන සේ පහළට හරවා තබනවා. පසුව එම බෝතලය විකුණනවා. සමහ‍ර බාර්වල මුලින් සල්ලි ගන්නේ බෝතල, විදුරු, පිඟන් වලට තැන්පතුවක් ලෙසිනි. අවසානයේදී තැන්පතුව බාර් එකට දී අවසිහියෙන් යනවා (නි)

:       0       0

සඳුන් Friday, 17 June 2016 10:08 AM

ආයේ බොන්න යනකොට සමන්තිවත් එක්ක තමයි යන්න ඕන. මම තැම්පතුව ඉල්ලන්න ගියොත් මාව තැම්පත් කරන්න එයි. (බ)

:       0       0

පිටිගල Tuesday, 14 June 2016 03:45 AM

ගිනි තියන්න ගෙනියන සමහර හොරබඩු නැවතත් බජාර් එකේ විකිණෙන රටක ඕක සුළු දෙයක් (නි)

:       0       0

සඳුන් Wednesday, 15 June 2016 05:05 AM

සමන්ති දන්නා දේවල්. බාර්වල තැන්පතුවක් ගන්නේ කොහෙද? (නි)

:       0       0

සමන්ති Thursday, 16 June 2016 02:04 PM

සඳුන්, බාර් වල තැන්පතුවක් කියලා ගන්නේ නැහැ. ඉල්ලුම් කරනවිට සේවකයා ලබාදෙන විදුරු, පිඟන් ආදියට මුදල් දමා තමයි ඇණවුමේ සල්ලි ගන්නේ. මේවා කැඩුනොත් බාර් එකට පාඩුවෙන නිසයි ගන්නේ. දන්නා අය පමණක් යද්දී තැන්පතුව (ඉතුරු) ඉල්ලා ගන්නවා (නි)

:       0       0

අරවින්ද Tuesday, 14 June 2016 04:14 AM

අනේ පවු! නැතිකම නිසානේ මෙහෙම බොන්න ඇත්තේ (නි)

:       0       0

නුවන් Monday, 13 June 2016 06:36 AM

ඕක සාමාන්‍ය දෙයක්. ප්‍රජා සේවයට යන්නේ වැඩිපුර කසිප්පුවලට අහුවුණ අය. ප්‍රජා සේවයේ කරන්න වෙන්නෙත් කසිප්පු විනාශ කරන එක තමයි. ඉතින් පුළුවන් තරම් බඩට දාගෙන තමයි විනාශ කරන්නේ. ලංකාවේ සාමාන්‍ය දෙයක් (බ)

:       0       0

සෑම් Monday, 13 June 2016 06:42 AM

මට පේන්නේ මෙයා "මුඩියක් පෑගුනත්" වෙරිවෙන අහිංසක බේබද්දෙක් (බ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 14 June 2016 05:51 AM

සතෙන් සතේ එකතු කරලා එකතු කරලා බැංකුවේ දැම්මා වගේ මෙයත් පොඩි උත්සාහයක් ගන්න ඇති මූඩිය මූඩිය එකතු කරලා බාර් එකක් දාන්න. වැඩේ ලේසි නැති නිසා එකතු කරපු ටික බොන්න ඇති. කරුමේ කියන්නේ එ්කත් වැඩිවුණානේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1661 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1405 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site