IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


බිත්තර වී මල්ල විකුණා බූරුපොළට රිංගලා

(වියලුව වාර්තාකරු)
කුඹුරේ වැපිරීම සඳහා අඳ අයිතිකරු විසින් ලබාදුන් බිත්තර වී මල්ලක් උකසට තබා බූරු පොළකට රිංගා හිස් අතින් නිවසට පැමිණි අඳ ගොවියකු පිළිබඳ පුවතක් වාර්තාවිය.


 සිද්ධිය මෙසේය.


 බූරුවා ගැසීම නිසා තමුන්ට තිබූ ඉඩකඩම් සියල්ල එකිනෙකාට සින්නවීම නිසා ඔහු, ඔහුගේම කුඹුරු අඳ ක්‍රමයට ඉල්ලාගෙන වගා කළ ගොවි මහතෙකි.


පසුගිය දිනෙක කුඹුරේ අඳ අයිතිකරු වෙත ගිය හෙතෙම කුඹුරු වැපිරීම සඳහා බිත්තර වී මල්ලක් ඉල්ලාසිටියේ යායේ අනෙක් කුඹුරු සියල්ලේ වැපිරීම් කටයුතු මේ වන විටත් ආරම්භව ඇතැයි පවසමිනි.


අඳ හිමියාද නිවසේ ගබඩාකර තිබූ බිත්තර වී මල්ලක් ඔහු අත තැබුවේ මෙවර කන්නය සාර්ථක වේවායි හිතින් ප්‍රාර්ථනයක් ද කරමිනි.


 බිත්තර වී මල්ල කරේ තබාගෙන එද්දී ඔහුගේ හිතට නැගුණේ අපූරු අදහසකි.


ගමේ සිල්ලර බඩු කඬේකට ගොඩවූ හෙතෙම වී මල්ල කඬේට විකුණා රුපියල් දහසක මුදලක් සාක්කුවේ දමාගත්තේ අසල්වැසි ගමේ ඉලව් ගෙදරක පැවැත්වෙන බූරු පොළට රිංගා මුදලක් දිනාගතහොත් එක බිත්තර වී මල්ලට බිත්තර වී මලු දහයක් පහළොවක් වුවද ගතහැකි යැයි සිහින මවමිනි.


 රුපියල් දහසත් සාක්කුවේ දමාගත් හෙතෙම මිටින්හල කුරුල්ලෙකු සේ අසල්වැසි ගමේ ඉලව්   ගෙදරට ගොඩවූයේ වටින් ගොඩින් අඳුර වැටෙන්නටත් පෙරය.


රෑ බෝ වෙද්දී  බූරුවා පොළ ආරම්භ කෙරිණි. රුපියල් පන්සියයයේ, දහසේ, පන්දහසේ නෝට්ටු කොළ ඔට්ටුවලට යටවෙද්දී ඔහුද ඔට්ටු දෙක තුනක් ඇල්ලුවේ කොයි මොහොතක හෝ ජයග්‍රහණයක් අපේක්ෂා කරමිනි. 


අවාසනාවකි. අත තිබූ රුපියල් දහස පමණක් නොව මිතුරෙකුගෙන් ඉල්ලාගත් රුපියල් දෙසීයක් ද හෙතෙම පරාජයට පත්වූවේ ඔහුටත් නොදැනීමය.


 අවසානයේදී හෙතෙම එල්ලාගත් මුහුණින් යුතුව හීන් සීරුවේ නිවස බලා පල්ලම්බැස්සේ කුඹුර වපුරන්නට තවත්  බිත්තර වී මල්ලක් හොයාගන්නට අලුත් උපායක්ද කල්පනා කරමිනි.  



අදහස් (0)

බිත්තර වී මල්ල විකුණා බූරුපොළට රිංගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 102 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site