ඔහු රජයේ සේවයෙන් විශ්‍රාමව තමන්ගේම කුඹුරු වගා කරමින් ජීවත් වූ අයෙකි.

මෙවරද යල් කන්නයේ (2018) වී වැපිරීම සඳහා බිම් සකසා බිත්තර වී පැළ කරගැනීමට නිවස ඉදිරිපිට ගලා බස්නා ඇළට බිත්තර වී මල්ල ගෙන ගොස් දැම්මේය.
ගොවි මහතා පැය 24ක් ජලයේ පොඟවා ගත් බිත්තර වී මල්ල නැවත ගොඩ ගෙන නිවසට ගෙන ගොස් තැබුයේ පැළවීමටය.
වී වපුරන දිනය උදාවූයේ තවත් දින දෙකකට පසුවය. එදින ගොවි මහතා උදෙන්ම පිබිද කුඹුරට ගොස් ජලය කපා නිවසට පැමිණියේ බිත්තර වී මල්ල රැගෙන යාමටය.
මේ වනවිට කුඹුරේ වැඩ කිරීම සඳහා කුලීකරුවන්ද පැමිණ ඇත.
උදයේ ආහාරය ද ගත් ඔහු බිත්තර වී පැළවී ඇද්දැයි මල්ලේ කට බැඳි ලණුව ඉවත් කර බලනවිට විශාල දුර්ගන්ධයක් ද මල්ලෙන් වහනය විය.
ඔහුට තරු පෙනුණේ එවිටය. ඒ බිත්තර වී මල්ල වෙනුවට ජලයේ පොඟවා ඇත්තේ නිවසේ කෑමට තිබූ සහල් මල්ල බැවිනි. බිත්තර වී මල්ල තවමත් තිබූ තැනමය.
තමන්ගෙන් සිදුවූ අත්වැරැද්ද නිසා එදින කුඹුර වැපිරීමට නොහැකිවීමෙන් ඇතිවූ කෝපයත්, ලැජ්ජාවත් යටපත් කරමින් ගොවි මහතා කුඹුරට දිව ගොස් කුලීකරුවන්ට කීවේ අද වී වපුරන්නේ නැති බවත් තවත් දින තුනකට පසු වී වැපිරීමට එන ලෙසත්ය.
සත්‍ය කතාවකි.
(අම්බලන්තොට විශේෂ ඩී.ජී. ජයසුන්දර)
2025 දෙසැම්බර් මස 16
15
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බිත්තර වී කියා හාල් හිටවන්න ගිහින්