කොළඹ ප‍්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි තරුණියක පෙරේදා (9) සවස බඬේ අමාරුවක් හැදී රෝහලට ගෙන යන අතර වෑන් රථය තුළදී දරුවෙකු ප‍්‍රසූත කර ඇතැයි කළුබෝවිල රෝහල් ප‍්‍රකාශකයෙක් පැවැසීය.
දරුවා ප‍්‍රසූතියේදී මියගොස් ඇති අතර තරුණියගේ දිවි ගලවා ගැනීමට හැකිවී තිබේ යැයි රෝහල් ආරංචි මාර්ග කියයි. විසි දෙහැවිරිදි තරුණියක්වන ඇය උසස් පෙළ සමත්ව ඇතත් රැුකියාවක් නොමැතිකමින් කොළඹට පැමිණ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කර ඇත. ඇය කොළඹදී තරුණයකු සමඟ පේ‍්‍රම සම්බන්ධතාවක් ඇති කරගෙන ඇති අතර තමන්ට දරුවෙකු පිළිසිඳගෙන ඇති බව තරුණිය පසුගිය සැප්තැම්බර් මාසයේදී දැන ගෙන ඇත. එසේම ඇය පෙම්වතාට හැර වෙනත් කිසිවෙකුට ඒ බව පවසා නැත. සිද්ධිය වූ දිනයේ සවස දෙකට පමණ මෙම තරුණිය බඬේ අමාරුවක් බව පවසමින් කෑ ගසද්දී කම්හලේ ප‍්‍රධානීන් ඇය වෑන් රථයක නංවා කළුබෝවිල රෝහලට පිටත් කර තිබේ. ඒ යන අතර මෙම තරුණිය දරුවෙකු ප‍්‍රසූත කර තිබේ යැයි රෝහල් පොලිසිය කියයි. කළුබෝවිල රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක පාරින්ද කොටුගොඩ මහතා විසින් මරණ පරීක්‍ෂණය සිදු කරනු ලබන අතර පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක හිතුනා රත්තරනේ ...!! (නි)
අපේ තරුණ තරුණියන්ගේ ආදරයේ එක පැත්තක් මේක. (ම)
නිවැරදි ලිංගික අධ්‍යාපනයක් නැතිකමේ ප්‍රතිපල (ම)
ඔව් ඔව් සිල්වි. මහත්තුරු තුන් හතර දෙනෙක් හිටියත් ඒකත් ලැජ්ජාවක් නොවෙන තැනට අපේ සමහරු හිතන එකේ ඕක මොකද්ද නේද? (නි)
මේ කථාවේ විශ්වාස කරන්න බැරි තැන් කීපයක් තියෙනවා. බබෙක් හම්බවෙන්න ඉන්නකොට ශරීරයේ කොපමණ නම් වෙනස්කම් වෙනවාද? බාහිරව වගේම ඇතුලතින් ගොඩාක් වෙනස්කම් වෙනවා. එ් දේවල් කාටවත් පේන්නේ නැද්ද? දැක්කේ නෑ කියන එක විශ්වාස කරන්න බෑ. හැසිරීම පවා වෙනස් වෙනවා. (ම)
සුනිල්ගේ කතාවට මමත් එකඟයි. එහෙත් ප්‍රශ්නය වහන තරමක් වහන්නෙත් ඈත දුෂ්කර පාසල්මයි. ඉතින් ඒ දරුවන්ට තිබෙන පිහිට මොකක්? කොළඹ ආවහම නිකම්ම කොළඹ කාක්කන්ට අහුවෙනවා (නි)
සමන්, ඔයාට තේරුනාට හුඟක් අය දොස්කියන්නේ අසරණවුණ තරුණියන්ට. මම හිතන විදියටම ඔබ එහෙම හිතන එක ගැන සතුටුයි. (නි)
හැටපස් වැනි මායම දන්නා අයට එහෙම වෙන්නේ නැත. (ම)
අද කාලයේ තරුණියන් ආදරය සහ ලිංගික ජිවිතය පටලවා ගන්නවා. කොළඹ කියන්නේ උගත්කමක් වැඩිහිටි උපදේශයක් රැකවරණයක් නැතිව ජිවත් වෙන්න හොඳ පුරවරයක් නොවෙයි. විවාහයට කිසිම පරිනත බවක් තියා අනාරක්ෂිත සම්බන්ධකම් වල ප්‍රතිපල ගැනවත් සමහර තරුණියන් දැනුවත් නැහැ. (ම)
පෙම්වතෙකු හමුවූ සැනින් සියල්ල පුජා කරන්න අපේ සමහර තරුණියන් සැදී පැහැදී සිටින්නේ . පෙරහැර ගිහින් ඉවර බව දන ගන්නේ පාරේ අලි බෙටි දැක්කාමලු. (ම)
දුප්පත්කම නෙමෙයි මේක අසීමිත ආශාවන්ගේ ප්‍රතිපල. ඉහළ සමාජයට යන්න විවාහකයෙකුගේ වුණත් වාහනයට නැගලා සවාරි යන්න සුදානම් තරුණියන් ඉන්නවා. හැමෝම බනින්නේ අර පිරිමියාට. එහෙත් බවලතුන් කියන්නේ බබ්බු නෙමෙයිනේ. (නි)
බණ්ඩාරගේ කතාව නම් මසුරන් වටිනවා. වැරදිකාරයා පෙම්වතා වෙන්න පුළුවන් (නි)
අනේ මෙහෙමත් දේවල්! (නි)
ගමෙන් ආපු පළියට තරුණියක් අහිංසක වෙන්නේ නැහැ. අද කාලයේ සමහර සටකපටි තරුණියන් පිරිමියා තමා වෙත බැඳ තබාගන්න සම්බන්ධය දුර දිග ගෙනියන්න ඔහුව පොළඹවනවා. ඊළඟට හැමෝම බනින්නේ පිරිමියාට. ඔය වැඩේ අපි දන්නා පවුලක පුතාට සිදුවුණා. තරුණයාගෙන් පුළුවන්තරම් සල්ලි කඩාගත්තා. (නි)
ඇයි මේ සමහරු පිරිමියාට විතරක් දොස් කියන්නේ? ආර්ථික අපහසුතා නිසා දුප්පත්කම ඉවසන්න බැරුව මේ රටේ හැම කාන්තාවක්ම තමන්ගේ ලැජ්ජාබය නැතිකර ගත්තා නම් මොකද වෙන්නේ? දුප්පත්කම කියන්නේ තමන්ගේ ලැජ්ජාබය නැතිකරගන්න නිදහසට හේතුවක් නෙමෙයි. (නි)
හරියට හරි පිටබැද්දර ජයා. දැන් කාලයේ අපේ රටේ සමහර අම්මලා දුවලාට කියන්නේ බැඳපු කෙනෙක් වුණත් කමක් නැහැ කොහොමහරි සල්ලිකාරයෙක් අල්ලාගන්න කියලා. මේ වගේ ප්‍රතිඵල තමයි අන්තිමට ලැබෙන්නේ. (නි)
කොළඹ තියා කොහේ හිටියත් බවලතුන් දැනගන්න ඕනෑ තමන්ගේ ආත්ම ගරුත්වය කියන්නේ ඉන්න පළාත අනුව වෙනස්වෙන දෙයක් නොවන වග. සල්ලි දැකපු ගමන් තමන්ට සිහිකල්පනාව නැතිවෙනවා නම් එවැනි තරුණියක් කොහොමටත් විවාහයට සුදුසු නැහැ (නි)
දුප්පත්කම හා නිසි අධ්‍යාපනයක් නැතිකමේ විපාක. රජය මේ පිළිබද අවධානය යොමු කරන්නේ නැහැ. කාන්තා සංවිධානය කාන්තා ඇමැතිනිලා ඕනේ තරම් කරන දෙයක් නැ (ම)
බොහොම දුකහිතෙන කතාවක්! (නි)
ඔය කවියෙන් උපදෙස් දුන්න අම්මලා අද සමාජයේ අඩුයිනේ පිටබැද්දර ජයා. අපේ ගමේ දොස්තර නෝනා කෙනෙකුට විවාහයට හොයන්නේ විශේෂයෙන් අතට පයට වැඩ කාරයන් සපයන තැනක්. ඒ මොකද යන්තම් වත් බතක් උයන්න අම්මා දොනියන්දාව කුස්සියට වද්දා ගෙන නැහැ.(ම)
මොනතරම් ජීවත්වෙන්න අමාරු වුණත් බඩගින්නේ හිටියත් තමන්ගේ විලිලැජ්ජාව රැකගන්න ගැහැණිය දිහා දෙවියෝ බලනවා. දුප්පත්කම නුගත්කම නැත්නම් පිරිමින්ගේ වැරැද්ද කියමින් අමාරුවේ වැටීම නිදහසට කාරනා නෙවෙයි. මම නම් ගැහැණියෙක් අමාරුවේ වැටෙන හැමවිටම පිරිමියාට විතරක් දොස් කියන්නේ නැහැ. (නි)
බබෙක්ද (බ)
සුනිල් , කාන්තාවන් දැනගන්න ඕන තමන්ගේ ආත්මගරුත්වය රැක ගන්න. කාන්තා සංවිධාන වලටයි ඇමතිනි ලාටයි, තරුණ තරුණියන් හමුවන තැන ගානේ ගිහින් රැකගෙන ඉන්නද කියන්නේ ? (ර)
පාසැල තුල ලිංගික අධ්‍යාපනය හැකි ඉක්මනින් කරන්න ඕන. බොහොමයක් දියුණු රටවල 5 වසරේදී ලිංගික අධ්‍යාපනය ලබා දෙනවා. එය ළමුන්ගේ දැනුම සහ ආරක්ෂාවට ගොඩක් උපකාරී වෙනවා. (ර)
මීට දශක ගනනාවකට පෙර අපේ තරුණියන් දුප්පත්, වැඩියමක් ඉගෙන නොගත්ත උදවිය. ඒ වුනාට ඒ කාලයේ මෙහෙම අමාරු වල වැටුනේ එහෙමත් කෙනෙක් කියලා මේ පුවත කියවපූ අපේ නැන්දා කෙනෙක් කිව්වා. වැරැද්ද තිබෙන්නේ නුගත්කමේ සහ දුප්පත් කමේ නෙවෙයි. දැන් කාලයේ ඉපදෙන සමහර තරුණියන්ට ලැජ්ජා නහරය පරිනාමයෙන් ක්ෂය වෙලා ද කොහෙද ? (ර)
ලංකාවේ මතයක් තිබෙනවනේ කාන්තාවක් විවාහනොවී ළමයෙක් ලැබීම විලිලැජ්ජාවක් කියලා. මේ මතය නැති වියයුතුයි (නි)
ලිංගික අධ්‍යාපනය ලබා දුන්නා කියලා ඇමෙරිකාවේ ඕස්ට්‍රේලියාවේ වගේ තත්වයක් නෙවෙයිනේ ලංකාවේ තියෙන්නේ. අපේ කට්ටිය එකත් වඳුරාට දුන්න දැලි පිහිය වගේ පාවිච්චි කරාවි. (ර)
මටත් කියන්න තියෙන්නේ මහනුවර- නුවන් කියපු දේමයි. මේවා හංගාගෙන ඉඳලා කරන්න බැහැ. (ර)
ලිංගික අධ්‍යාපනය දියුණු රටවලට හරියන්නේ ඒ රටවල විවාහයට පෙර කාන්තාවන්ගේ චරියාව ගැන තැකීමක් නොකරන නිසා. අපේ රටේ ඔය දෙයින් අනවශ්‍ය ගැබ් ගැනීම් සහ පවුල් සැලසුම් ගැන තරුණියන් දැනුවත් වුනත් එයින් එහා යන සංස්කෘතික රාමුවක් තවමත් මේ රටේ නොනැසී තිබෙනවා. ඒ නිසා විවාහයට පෙර පරිස්සමට වඩා විවාහයට පෙර විලි බිය ආරක්ෂා ගැනීම අදටත් වලංගුයි. (ර)
හොද්දට ලුණු ඇඹුල් දාන පදම ඉගෙන ගනින් දුවේ , මැද්දට පැන වැඩිහිටියන් සමග කතා කැතයි දුවේ , කියල ජිවිතේ කියා දුන්නේ අපේ උතුම් අම්මාවරු ඒ උතුම් අම්මා වරුන්ට මගේ උපහාරය ! (ම)
මේ තරුණියන් උසස්පෙළ සමත්වෙලා වයස 22 ක් වෙලාත් ලාබාල දැරියන් වගේ අමාරුවේ වැටෙන හැටි? ලස්සනට ඇඳගෙන පෙම්වතාගේ වාහනේ නැඟලා හෝටල් ගානේ යන්න තියනවා නම් මේ කාලයේ සමහරුන්ට ඊට වඩා දෙයක් නැහැ. බොහොමයක් තරුණියන් පෙම්වතෙකු සොයන්නේ හිටපු තැනින් උඩ යන්න. ඊළඟට ඒ පුද්ගලයාව බැඳලා තියාගන්න තමන්ගේ විලිබිය පරිත්‍යාග කරනවා. (නි)
මට නම් හිතාගන්නත් අමාරුයි. එහෙම වෙන්නේ කොහොමද? (නි)
ලිංගික අධ්‍යාපනය විතරක් නෙමෙයි මෙහෙම තරුණියන්ට ලැජ්ජා බය ගැනත් ටිකක් මතක්කර දෙන්න ඕනෑ. (නි)
ගල හොඳ නම් අඹරන කහ මක්වේද, මව හොඳ නම් දුව පතිවත නොරකීද " (නි)
පිටබැද්දර ජයා වගේ හැමෝම හිතුවොත් ලංකාවත් මැදපෙරදිග රටක් වගේ වෙයි. (නි)
චාරු, ගම්වල තරුණියන්ට දැඩි රැකවරණ ලැබුනත් නගරයට ආවහම කපටි මිනිසුන් දැරියන්ට සුරංගනා ලොවක් පෙන්නලා දැලේ දාගන්නවා. නුගත් කමත් අහින්සකකමත් නිසා අමාරුවේ වැටෙනවා. දුප්පත් කමත් බලපානවා.(හේ)
මට නම් මේකට කියන්න තියෙන්නේ අනිච්චාවත සංඛාරා කියලා. (බ)
අනේ අපොයි.(හේ)