IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බණෙන් පස්සෙ බත් අයිස්ක්‍රීම්

පාසල් නිවාඩුවට පෙර වාර පරීක්ෂණයේ ලකුණු හා ලබාගත් ස්ථානය පිළිබඳව ගුරුවරුන් තම පාසල් දරුවන්ට වාර්තා පොත මගින් දැනුම්වත් කිරීම සිරිතකි. නිවාඩු දිනයට පෙර වාර්තා පොත් ලබා දීමට පැවති වාර පරික්ෂණයේ පිළිතුරු පත්බැලිය යුතුය. එමෙන්ම මෙය වගකිව යුතු කාර්යයක් වන්නේ නිවැරැදි පිළිතුරු හා ලකුණු කිසිවෙකුටත් අසාධාරණයක් නොවන සේ ලබා දිය යුතු බැවිනි.


අතිශය දුෂ්කර පෙදෙසක සේවයේ නියැළෙන අප කතා නායිකාව තරුණ වියේ ගුරු මෙනෙවියෙකි. එම පාසලට නවකයෙකි. ඇය හයවන ශ්‍රේණියේ බුද්ධාගම පිළිතුරු පත්‍ර පරික්ෂා කරමින් සිටියාය. එකී ප්‍රශ්න පත්‍රයේ එක් ප්‍රශ්නයක් මෙසේ විය. “බණ ඇසීමෙන් පසු ඔබට ලැබෙන්නේ මොනවා ද” එයට සිසුවා පිළිතුර ලියා තිබුනේ “බත් හා අයිස්ක්‍රීම්” යනුවෙනි.


 මේ පිළිබඳව සොයා බැලූ ගුරුවරියට දැනගන්නට ලැබී ඇත්තේ එම පාසලෙහි පොසොන් සමයේ ධර්ම දේශනයක් පවත්වා අනතුරුව පාසල් දරුවන්ට කෑම වේලක් සහ අයිස්ක්‍රීම් ලබා දීමට ගුරුවරුන් පියවර ගෙන ඇති බවය. ඒ අනුව සිසුවාගේ පිළිතුරුට ලකුණු දෙන්නේ කෙසේ දැයි ඇයට ද ප්‍රශ්නයක් වී තිබේ.
(තලාතුඔය ටී.එච්. සරත්)

 



අදහස් (0)

බණෙන් පස්සෙ බත් අයිස්ක්‍රීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 40 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site