(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
තම බිරියට දරුවකු ලැබීමට ඇති බව නැන්දම්මා පැවසූ විට “අදාළ නෑනේ” යැයි පවසා බිරිය ගෙන්නා නැන්දම්මාගෙන් බැනුම් අසා සමාව ගත් සැමියකු පිළිබඳව අගනුවරින් වාර්තා විය.
සිද්ධිය මෙසේය, ඔවුන් අලුත විවාහ වූ තරුණ යුවළකි. තරුණයාගේ වයස අවුරුදු විසිපහකි. තරුණියගේ වයස අවුරුදු විසි දෙකකි. තරුණයා කාර්යාලයක සේවය කළ අතර ඔහු තදින්ම මුහුණු පොතට ඇලිගැලී සිටින අයෙකි. කාර්යාලයේත්, නිවසේදීත් ඔහු බොහෝ වේලා ගත කරන්නේ මුහුණුපොතත් සමගය.
ඔහුගේ බිරිය සාමාන්‍යයෙන් ලැජ්ජා සහගත තැනැත්තියක් වූ අතර ඇය මුහුණු පොතට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. මේ අතර පළමු දරුවා පිළිසිඳ ගෙන ඇති බව දැනගත් ඇය එය සැමියාට කීමට අදිමදි කළාය. ඇය මේ පිළිබඳව ඇයගේ මව දැනුම්වත් කර සැමියා වැඩ ඇරී නිවෙසට පැමිණි විට ඔහුට එය කියන ලෙස මවට කීවාය.
ඔහු වැඩ ඇරී නිවෙසට පැමිණ ඇඳුම් මාරුකර මුහුණුපොතේ සිටිනා අතර ඔහුගේ නැන්දම්මා පැමිණ “පුතේ ඔන්න දුවට දරුවෙක් හම්බ වෙන්න ඉන්නවා” යැයි පැවසීය. එවිට ඔහු මුහුණුපොතේ සිහියෙන්ම “ඉතින් මට අදාළ නෑනේ” යැයි පවසා ඇත. එවිට උරණ වූ නැන්දම්මා සහා බිරිය “තමුන්ට අදාළ නැත්නම් එහා ගෙදර මිනිහට ද අදාළ. මං කිව්වා මේ කසාදේ කර ගන්න කොට” යැයි දෝස් මුර තබද්දී වහා පියවි සිහිය ලැබූ ඔහු කාරණය නැවත අසා බිරියගෙන් සහ නැන්දම්මාගෙන් සමාව ගත්තාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාහරි මුහුණු පොත තහනම් කළොත් ලංකාවේ එදාට පවුල් වල ආරවුල් ගොඩක් අඩුවෙයි. (නි)
ඔය දේ අම්මාට නොකියා ස්වාමියාට කිව්වා නම් ඔහු සතුටු වෙයි.(හේ)
හාපෝයි වෙච්ච දෙයක්.... (ර)
අදාල නැනේ... (ර)
කිසිම තේරුමක් නැතිව යන රැල්ලට අහු වෙලා ගහගෙන යන තරුණ පිරිසක් මේ රටේ ඉන්න එක ඇත්තටම කනගාටුවට කාරණයක්. මොන දෙයක් වුණත් අවබෝධයෙන් පාවිච්චි කල යුතුයි. සමාජ ජාල වල හුවමාරු වෙන කිසි තේරුමක් නැති හරසුන් දේවල් මෝඩ විදියට තමන්ගේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ කර ගන්න යන එක තමයි මේ වගේ අවුල් වලට මුල. (අ)
මෙවලම් වලට අැබ්බැහි වූ ජීවිත අවලම් වෙති (නි)
නැන්දම්මා හරි. (ර)
මොන දේ වුණත් අම්මා කෙනෙක් එහා ගෙදර මිනිහා ගැන කියපු කතාව අනුමත කරන්න බැහැ. තමන්ගේ දුවට නේද ඒ වගේ කතාවක් කිවුවේ? (නි)
අනූ හරි. අනික ඕක ලැජ්ජා වෙන්න දෙයක්ද? මහත්තයට මොනවද හංගන්න තියෙන්නේ (නි)
මෝඩකමේ හිනිපෙත්තටම ගිය සැමියෙක්. (නි)
නැන්දම්මාගේ කීමෙත් වරදක් නැහැ. අදාළ පුද්ගලයා මට අදාළ නැහැ කියනකොට වෙන මොනවා කියන්නද? (නි)
ඔව් දනීෂ, එහෙනම් අම්මාට කියන්නනේ ලැජ්ජා වෙන්න ඕනෑනේ. (නි)
නැන්දම්මට තිබුණේ කණ රත්වෙන්න දෙකක් දෙන්න (නි)
කරගන්නකොට හොඳයි. කියන්න තමයි ලැජ්ජා. අනේ මගේ කට. මුහුණු පොතේ ගොඩක් වෙලා ඉන්නවා නම් ටිකක් හොයලා බලන්න වෙයි. (නි)
මදැයි ෆේස්බුක් වලට ඔච්චර ඇබ්බැහි වෙලා ඔහොම බේරුනා (නි)
බෑණත් පුදුම මිනිහෙක්නේ! (නි)
කියන්න ලැජ්ජයි කරන්න ලජ්ජා නෑ (බ)
මේක මහා පුදුම ලජ්ජාවක්නේ..(බ)
මේ නැන්දම්මලා ගාවාගත්තොත් නම් පවුල් කාලා හමාරයි. මහත්තයෝ, පුළුවන් තරම් ඉක්මනට නැන්දම්මා අතේ දුරින් තියාගන්න (නි)
නැන්දම්මලාත් මුහුණු පොතත් බොහොම පරිස්සමෙන් සිමා සහිතව ජිවිතයට වැද්ද ගත යුතු කාරණාවන්ය. ඇතුවත් බැරිය . නැතිවත් බැරිය (බ)
ඉතින් ඒ තරුණ ජෝඩුවගෙ කතා නැන්දම්මාට අදාළ නැහැනේ (නි)
නව යුවලගේ කටයුතු වලට නැන්දම්මා ඕනෑවට වඩා මැදිහත් වීමෙන් අනාගතයේදී ගැටලු රැසක් ඇතිවිය හැක. (නි)
පිටබද්දරට නැන්දම්මලාගෙනුත් අපලයි වගේ. අනේ අපොයි බවලතුන් නැති ග්‍රහ ලෝකයක්වත් සොයා ගත්තොත් ජයාට හොඳයි වගේ. (බ)
නැන්දම්මාට වැඩිය භයානකයි මුහුණු පොත. කවදාහරි පවුල් කැඩෙන්නේ ඔය පොත නිසා තමා. (නි)