නුගේගොඩ ආසන්නයේ පිහිටි මේ සුවිසල් නිවසේ කාමරයක් බෝඩිමක් බවට පත්වූයේ ගෙහිමි කාන්තාවගේ අත මිට හිඟවීම නිසාය.
සරසවි සිසුවියන් තිදෙනකු එහි නතර වී සිටි අතර මාසික ගාස්තුව රුපියල් තුන්දහසකි.
විදුලි බිල වැඩිවීම නිසා ඇය පසුගිය දිනක සිසුවියන්ට කීවේ රාත‍්‍රී නවයට විදුලි බලය විසන්ධි කරන බවකි. ‘‘නවයෙන් පස්සේ ඕ ගොල්ල කොහොමටත් කයිවාරු ගහනව මිසක් පාඩම් කරන්නෙ නෑනෙ’’ ඇය කීවාය.
ඇය එසේ කළත් සිසුවියෝ ඉටිපන්දම් දන්වාගෙන නවයෙන් පසුත් පාඩම් කළහ.
මේ මාසයේ බෝඩිමේ ගාස්තුව ලෙස තිදෙනාම ගෙවූයේ රුපියල් සියයක් අඩුවෙනි. ‘‘ඇයි මේ’’ ඇය ඇසුවාය. ‘‘ඇන්ටි ඉටිපන්දම් ගැලපුම් ගාස්තුව අඩු කළා’’ ඔවුන් කීවිට බෝඩිමේ හිමිකාරියට දෙවියන් සිහිවුනා ලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෝනා බෝඩින් ගස්තුයි විදුලි ගස්තුයි මාසේ මුලදී ගන්න බැරිනම් යන්න කියන්න. (අ)
සරසවි සිසුවියන් බෝඩිම් කරගෙන පාඩම් කරනවාට බාදා කරනවා කියන්නේ බරපතල අපරාධයක්. ගැහැණු ළමයි රැ නමයෙන් පස්සේ පාරේ ලයිට් කනුව යටට යන්නද පාඩම් කරන්න. මේ ඇන්ටිට දරුවෝ නැද්ද? බල්ලෝ මරලා හරි සල්ලි හොයන ඇන්ටි කෙනෙක්. (නි)
මේ නෝනා දන්නේ නැහැ කම්පස් කෙල්ලන්ගේ මොලේ ගැන.තව ටික දවසකින් ඔය කෙල්ලෝ ටික නෝනව බොර්දින් කරගන්නවා ඔය ගෙදරම. (අ)
අමායා බොරු කියාන්න එපා ඔය කතාව දැන් අවුරුදු 07 කට කලින් සිරස රස රිසි ගී වලට නාරද කිවව එකක්.(නදී)
නියම පාඩම ගෙහිමි කාන්තාවට, වර්තමාන ලංකාවේ බෝඩිමේ ඉන්නවා කියන්නේ අපායේ ඉන්නවා වගේ, ඉතුරු හරිය කියන්න ඕනේ නැහැනේ. (අ)
ඒකතමයි මම වරුනට ඒකාලේම කිව්වේ ඉගන ගන්න කියල! කෝ ඇහුවයෑ! සෙල්ලම් කර කර හිටිය! (දී)
උපාලි මහත්තයා යන්නේ කොහෙද මල්ලේ පොල් නේද ?(නදී)
මුන්නම් එල කෙල්ලෝ සෙට් එකක්.(අ)
දොස්තර ලටත් ලෙඩ ඇද ගැන දැනගන්න ගැහු එක අගෙයි කෝ තල්මහ ඉඹගන්න.(නදී)
කොතනත් ලොවෙ නැති උන්ලග හැදියාව වැඩිකල් නොවෙ උන්ගේ ඹය කෙරැවාව.(නදී)
සමහර මිනිසුන් ජීවත් වෙන්නේ බෝඩිමෙන් ලැබෙන ආදායමෙන්. ඒ නිසා බෝඩිම් වල ඉන්න අයත් විදුලිය ඉතිරි කිරිමට සහයෝගය ලබාදිය යුතුයි. ගැටුම් ඇති කර ගැනීම පිළියම නොවේ. (නි)
ඉන්දිත් හරි. ඒ වුනාට ඉගෙන ගන්න ළමයින්ට සහයෝගය දිය යුතුයි. ලයිට් එකක් දැම්මට බිලේ මහලොකු ගානක් වැඩි වෙන්නේ නැති බව බෝඩිම අයිති නෝනත් දැන ගත යුතුයි .අද හැම දෙයක්ම මුදල් මත තීරණය වෙන කාලයක්. බල්ලෝ මරලා හරි සල්ලි හොයන තත්වයට සමාජය ඇදලා දාලා (නි)
හරිම දුකයි. විදුලි බිල වැඩි වුනාට බෝඩිම් ගාස්තුව වැඩි නොකළ ගෙහිමි කාන්තාව දන්නා තරමටවත් ආර්ථිකය ගැන කැම්පස් ළමයි දන්නේ නැති එකනේ දුක (නි)
අනෙක් අයටත් පාඩමක් මේක (නි)
හරිම අපුරු වැඩක් ඒක. අපිත් දැන් බෝඩිමේ ඇන්ටිට මේක තමා කරන්න ඉන්නෙ. (දී)
සිසුවියන් පාඩම් කළේ ලොකු ඉටිපන්දන් දල්වාගෙනද? පොඩි ඉටිපන්දම් දල්වාගෙනද?ගණන තීරණය වෙන්නේ ඉටිපන්දමේ ප්‍රමාණය අනුව (නි)
අපි නම් "කුප්පි ලාම්පුවෙන්" තමයි ගොඩ ගියේ. ඒ කලේ ඉටි පන්දම් පත්තු කලේ කළුවරේ කොහේ හෝ යන්න උනාම විතරයි. (දී)
බදුල්ල පැත්තේ ගෙදරකත් ඔය වගේ ඇන්ටි කෙනෙක් බෝඩිමේ විදුලිය හරි අඩුවෙන් පාවිච්චි කරන්න කියලා ගැහැණු ළමයි ටිකකට කියලා.මෙයාලා දවසක් අන්තර්ජාලය ගැන කතා වෙනවා ඇහිලා ඇන්ටි හොයලා බැලුවම මේගොල්ලා කියල තියෙන්නේ ඉන්ට, නෙට් එක දානකම් කියලා (දී)
ඒවුනාට බන්දුල මාසේ අන්තිම හරියෙනේ ලයිට් බිල එන්නේ?කට්ටිය යවන්න හරි ලේසියි අලුතින් බෝඩර්සලා හොයන එක අමාරු බව ඒ නෝනා දන්නවා ඇති (අ)
කව්රු කව්රුත් කෙරුම් කාරයෝ..අනේ බෝඩිමේ ඇන්ටි.අනේ ඉටිපන්දම්.(අ)
සංජීව,ඉටිපන්දම ලොකුද,පොඩිද කියන එක අහන්න ඕනෑ එම කෙල්ලන්ගෙනුයි. (නි)
ඒ කාන්තාව හුගක් හොද කෙනෙක්. එයා බෝඩිං ගාස්තු වැඩි කළේ නැහැනේ (නි)
අපරදේ නිකම් විනාශ වෙන්න යන්නේ (දී)
රාජු හරි. මේ ළමයි බෝඩිම් හිමිකාරිය දැනටමත් තමන්ට සහනයක් දීල තියෙන බව අමතක කරල. අන්තරේ කට්ටිය විශ්ව විද්‍යාල ප්‍රශ්නවලට විසඳුම් සොයන ආකාරයටයි මේ ළමයි බෝඩිමේ ප්‍රශ්නය විසඳන්න හදල තියෙන්නෙත්. (අ)
ඔයාල මොකද කොමෙන්ට්ස් වලින් ගහ ගන්නේ, ඒ ප්‍රශ්නය වෙලා දැන් බොහෝ කල් නේද? (අ)
ගොඩක් හොදය ආන්ටි පව් (අ)
හොද වැඩේ. බෝඩින්කාරයට එහෙම තමා කරන්න ඕනෑ (නි)
අයියෝ වරුණ ආයිත් පටන්ගත්තා මෝඩ කතා කියන්න! වැඩ කරන තැනත් ඔහොමද? (නි)
මාර හාදයෝ (නි)
කොහොමද ටිකිරි මොලේ ? (අ)
අයියෝ සල්ලි
ඉන්දි, ඔයා බෝඩිමක් දාල ද තියෙන්නේ? (දී)
ආන්ටි ලබන පාර ඕකට නියමෙට අඹරාවි ගුලියක් (නි)
දැන් විදුලි බිල් ගාස්තු දෙගුණ වෙලා.එතකොට ජල බිල. මාසෙකට රු : 3000/= කියන්නේ දවසට 100/= මගියෙකුට පිටකොටුවේ වැසිකිලියට ඇතුල්වීමටත් රු : 10/= ක් .අපි පාඩම් කලේ කුප්පි ලාම්පුවෙන්.ගැහැණු ළමයි නිසා චිමිනි ලාම්පුවක් පාවිච්චි කිරීම ඉටිපන්දමට වඩා එළියයි. (නි)