වසර අවසානයේ නවාතැන මාරුකර වෙනසක් බලාපොරොත්තු වූ තරුණියකට සිදුවූ කතාවකි.
‘‘නංගී ඔයා ලබන මාසයේ වෙන තැනකට යනවා කියලා කිව්වා ඇත්ත ද?’’ බෝඩිමේ හිමිකාර කාන්තාව ඇයගෙන් එසේ විමසූයේ ඒ වන විටත් එම නවාතැන දැනටත් වඩා වැඩි ගණනකට කිහිප දෙනකුම ඉල්ලා ඇති හෙයිනි.
තැරැුව්කරුවන් මාර්ගයෙන් ලැබුණු තොරතුරු අනුව වසර අවසාන වීමත් සමඟම නව වසරේදී සිය නවාතැන දැන් ඇති ගණනටත් වඩා රුපියල් දහසක් වැඩියෙන් කුලියට දිය හැකි නිසා ඇය එසේ උනන්දු වූවාය.
”ඔව් අක්කේ මේ කිට්ටුවම තැනක් මට යාළුවෙක් කිව්වා. එයාලගේ නෑදෑ කෙනෙක්ගේ ලූ. පඩි ගත්තම ඇඞ්වාන්ස් එකකුත් දෙන්නයි හිතා ඉන්නේ.”
බෝඩිම හිමිකාර කාන්තාවගේ වදන්වලට නොදෙවැනි වන සේ ඇය ද එසේ පැවසූයේ තමාට ද අගනුවර ඕනෑ තරම් හිතවතුන් ඉන්නා බව අඟවමිනි.
පසු දිනය උදා වී එදින සවස් වූයේය.
බෝඩිම සොයා ආවේ බ්‍රෝකර්වරයෙකි.
”මිස් මම දන්න මිස් කෙනෙකු තමයි මේ බෝඩිමට එන්න සූදානම් වෙන්නේ. ගතිගුණ හොඳයි. ගම්පළාත ටිකක් දුරයි. සතියකට දෙකකට සැරයක් තමයි ගමේ යන්නේ මිස්. මගේ ගානත් තියලා එහෙනම් වැඬේ කතා කරගන්න. මෙන්න මේ අංකයට කතා කරන්නකෝ.”
එසේ කියමින් බ්‍රෝකර්වරයා දුරකතන අංකයක් ඇය අතට පත් කළේය.
”ම් ම් හොඳයි” ඔහු පිටත් වූ පසුව විනාඩි කිහිපයකින් බෝඩිම හිමිකාර කාන්තාව දුරකතනයට ඇමතුමක් ගැනීමට අංක එකින් එක සිය ජංගම දුරකතනයේ තද කළේය.
අවසානයේ ඇමතුම සම්බන්ධ වන ස්විචය තද කළේය.
තම ජංගම දුරකතනයේ ඒත් සමඟම ප‍්‍රදර්ශනය වූ නම දැකීමෙන් ඇයගේ ඇස් උඩ ගියාය.
බ්‍රෝකර්වරයා ලබාදුන් අංකය මේ වනවිටත් සිය නවාතැනේ සිටිනා තරුණියගේමය.
”අනේ අම්මාපල්ලා මේ කෙල්ලට සල්ලි වැඩිවෙලා මට කිව්ව නම් කලින් ගානටම මම ඉන්න දෙනවා නේ. දැන් ඉතින් බ්‍රෝකර් ගාස්තුත් එක්ක ගෙවපන්කෝ.....”
ඇය නිහඬව සවස් වන තුරු සිට එදින සවස බෝඩිමට පැමිණි තරුණිය සුපුරුදු පරිදි පිළිගත්තාය. වෙනසක් වූයේ මාසික ගාස්තුව පමණි.
2025 දෙසැම්බර් මස 04
602
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
514
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
430
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෝඩිමේ ගාස්තු අඩු කර ගන්න කී බොරුව අතේ පත්තුවෙලා
දුම්මලසූරිය Friday, 02 January 2015 10:48 AM
ගේ හිමි කාන්තාව කිව්වා වගේ සල්ලි වැඩි වෙලාද? නැත්නම් මෝඩකමද මන්දා ? මොනවා වුනත් නව වසරේ රුපියල් 1000ක් පාඩු වුන බව නම් පේනවා අර තරුණියට.(හේ)
චන්ද්‍ර වීරසිංහ Saturday, 03 January 2015 06:36 PM
පත්තරේ වැටෙන ප්‍රවුර්ති දකිනකොට මට බය හිතෙනවා. පාලු පාරක් අයිනේ සුළුදිය ටික අයින් කරන්නත්. කවුරු හරි පින්තුරෙත් එක්ක මාව පත්තරේ දාවි. මම දියවැඩියා කාරය නිසා නිතරම සුළුදිය ඇරෙනවා. (ර)
හංස Thursday, 01 January 2015 01:44 PM
අයියෝ සල්ලි (නදී)