IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


බෝඩිමේ ගාස්තු අඩු කර ගන්න කී බොරුව අතේ පත්තුවෙලා

(විශ්ව ගැමුණු ප‍්‍රියංකර)
වසර අවසානයේ නවාතැන මාරුකර වෙනසක් බලාපොරොත්තු වූ තරුණියකට සිදුවූ කතාවකි.


‘‘නංගී ඔයා ලබන මාසයේ වෙන තැනකට යනවා කියලා කිව්වා ඇත්ත ද?’’ බෝඩිමේ හිමිකාර කාන්තාව ඇයගෙන් එසේ විමසූයේ ඒ වන විටත් එම නවාතැන දැනටත් වඩා වැඩි ගණනකට කිහිප දෙනකුම ඉල්ලා ඇති හෙයිනි.


තැරැව්කරුවන් මාර්ගයෙන් ලැබුණු තොරතුරු අනුව වසර අවසාන වීමත් සමඟම නව වසරේදී සිය නවාතැන දැන් ඇති ගණනටත් වඩා රුපියල් දහසක් වැඩියෙන් කුලියට දිය හැකි නිසා ඇය එසේ උනන්දු වූවාය.


”ඔව් අක්කේ මේ කිට්ටුවම තැනක් මට යාළුවෙක් කිව්වා. එයාලගේ නෑදෑ කෙනෙක්ගේ ලූ. පඩි ගත්තම ඇඞ්වාන්ස් එකකුත් දෙන්නයි හිතා ඉන්නේ.”
බෝඩිම හිමිකාර කාන්තාවගේ වදන්වලට නොදෙවැනි වන සේ ඇය ද එසේ පැවසූයේ තමාට ද අගනුවර  ඕනෑ තරම් හිතවතුන් ඉන්නා බව අඟවමිනි.
පසු දිනය උදා වී එදින සවස් වූයේය.


බෝඩිම සොයා ආවේ බ්‍රෝකර්වරයෙකි.


”මිස් මම දන්න මිස් කෙනෙකු තමයි මේ බෝඩිමට එන්න සූදානම් වෙන්නේ. ගතිගුණ හොඳයි. ගම්පළාත ටිකක් දුරයි. සතියකට දෙකකට සැරයක් තමයි ගමේ යන්නේ මිස්. මගේ ගානත් තියලා එහෙනම් වැඬේ කතා කරගන්න. මෙන්න මේ අංකයට කතා කරන්නකෝ.”


එසේ කියමින් බ්‍රෝකර්වරයා දුරකතන අංකයක් ඇය අතට පත් කළේය.


”ම් ම් හොඳයි” ඔහු පිටත් වූ පසුව විනාඩි කිහිපයකින් බෝඩිම හිමිකාර කාන්තාව දුරකතනයට ඇමතුමක් ගැනීමට අංක එකින් එක සිය ජංගම දුරකතනයේ තද කළේය.


අවසානයේ ඇමතුම සම්බන්ධ වන ස්විචය තද කළේය.


තම ජංගම දුරකතනයේ ඒත් සමඟම ප‍්‍රදර්ශනය වූ නම දැකීමෙන් ඇයගේ ඇස් උඩ ගියාය.


බ්‍රෝකර්වරයා ලබාදුන් අංකය මේ වනවිටත් සිය නවාතැනේ සිටිනා තරුණියගේමය.


”අනේ අම්මාපල්ලා මේ කෙල්ලට සල්ලි වැඩිවෙලා මට කිව්ව නම් කලින් ගානටම මම ඉන්න දෙනවා නේ. දැන් ඉතින් බ්‍රෝකර් ගාස්තුත් එක්ක ගෙවපන්කෝ.....”


ඇය නිහඬව සවස් වන තුරු සිට එදින සවස බෝඩිමට පැමිණි තරුණිය සුපුරුදු පරිදි පිළිගත්තාය. වෙනසක් වූයේ මාසික ගාස්තුව පමණි.



අදහස් (0)

බෝඩිමේ ගාස්තු අඩු කර ගන්න කී බොරුව අතේ පත්තුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1217 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1196 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 438 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site