IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බෝඩිං කාරයන්ගේ ලේවල තිබෙන්නේ වට්ටක්කා ජූස්ලූ

තම නිවෙසේ නතරවී සිටි බෝඩිම් කාරයකුගේ පුදුම කතාවක් නිසා නිවෙසට ගෙන එන ආහාර ද්‍රව්‍ය සංශෝධනය කිරීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ බස්නාහිර පළාතේ ප‍්‍රකට අධ්‍යාපන ආයතනයක් අසල නිවෙසකිනි. ගුරු යුවළකට අයත් මේ නිවසේ තම කුඩා දරුවන් දෙදෙනාට අමතරව අසල වූ අධ්‍යාපන ආයතනයේ සේවකයෝ දෙදෙනෙක්ද නේවාසිකව සිටියහ. සිරිතක් වශයෙන් මේ නේවාසිකයෝ ගෙදර දරුවන්ට යම් යම් විෂය කරුණු ද ඉඳහිට ඉගැන්වූහ. මේ නිවෙස් හිමියාගේ ඥාතියකු රුහුණේ ප‍්‍රදේශයේ සිටි හෙයින් කෑමට එළවළු වර්ග ලැබුණේ ඒ ප‍්‍රදේශයෙනි. දිනපතා කෑමට වට්ටක්කා නොඅඩුව ලැබිණි. මේ නිසාම නේවාසිකයන්ට වට්ටක්කා කෑම එපා වී තිබුණි. පසුගියදා එක් දරුවකු බෝඩිම්කාර අයියා කෙනකුගෙන් ඇසුවේ ‘‘ලේවල වැඩියෙන්ම ඇත්තේ මොනවාද?’’ කියාය. තරුණයා අනිකා දෙස බලා එක්වරම කීවේ ‘‘අපේ ඇෙඟ්නම් ලේවල වැඩිපුර ඇත්තේ වට්ටක්කා ජූස්’’ කියාය. මේ කතාව ගෙදර මවුපියන්ට ආරංචි වීමත් සමග දැන් මේ නිවසට වට්ටක්කා ගේන්නෙම නැතිලූ.



අදහස් (0)

බෝඩිං කාරයන්ගේ ලේවල තිබෙන්නේ වට්ටක්කා ජූස්ලූ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site