වේලාව දහවල් එකොළහට පමණ ඇත. අක්මීමන ප‍්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයකට පුද්ගලයෙක් ගොඩවිය. එම අවස්ථාවේ එහි සිටියේ එම ආයතනය හිමි කාන්තාව පමණි. තමා ප‍්‍රසිද්ධ සමාගමක අලෙවි නියෝජිතයකු බව ඔහු ඇයට පැවසුවේය.
මිස් අප ළඟ අයිටම්ස් අටක් තියෙනවා. මේවා ගත්තම අපි මිස්ට නොමිලේ ෂෝරූම් එකක් දෙනවා. කියමින් ඔහු තමාගේ අතේ තිබු රූපලාවන්‍ය උපකරණ ලැයිස්තුවක් කියවා ගෙන ගියාය.
එහෙත් ඇය කීවේ තමාට ඒ සඳහා වැය කිරීමට එතරම් මුදලක් නොමැති බවය. ඔහුද තම උත්සාහය අතහැරියේ නැත.
මේක ගත්තොත් මිස්ගේ බිස්නස් එකට ලොකු හයියක්. එහෙනම් අයිටම් දෙක තුනක්වත් ගන්න.
අවසානයේ ඇය ඔහුගේ පෙරෙත්ත කිරීම නිසා එකක් මිලදී ගැනීමට තීරණය කළාය. එහි මිල රුපියල් තුන්දහස් හයසීයකි. ඔහු එම අවස්ථාවේම මුදල් ඉල්ලූවේය. එහෙත් ඇය කීවේ පසුව දෙන බවය.
අයියෝ මිස් අපි අවිශ්වාසද? එහෙනම් ඉතිං ඕඩරය කැන්සල් කරන්න වෙනවා. දැන් සල්ලි දුන්නොත් පැය දෙකකින් බඩු එවනවා. අවසානයේ ඇය තමා සන්තකයේ තිබූ රුපියල් තුන්දාස් හය සීයක් එකතු කර දුන්නාය. පැය දෙකක් ඇතුලත බඩු එවන බව කියා ඔහු වහාම පිටත්ව ගියේය.
එහෙත් දින දෙකක් යනතුරුත් ඇයගේ ඇනවුම ලැබුණේ නැත. තමා හොරෙකුට අසුවී ඇති බව ඇය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්දන්නෝ ඇන්දෙති.... (ර)
මෙය අනිත් අයව අන්දලා අසාධාරණ ලෙස හම්බ කරලා ඇති .ඒවා තමයි ඔය යන්නේ.,(හේ)
මේගොල්ලන්ගෙන් වරක් සාරිය අන්දන්න ගන්න ගානෙන් සාරි 10ක්වත් ගන්න පුළුවන්. (නි)
දියුණුවෙන ලෝකයේ අපේ රට ඉදිරියෙන් කියන්නේ මේ හින්දා වෙන්න ඇති (නි)
මේගොල්ලන්ට කියල බැරිම වෙලාවක යන්තම් චාම් කොණ්ඩ මෝස්තරයක් දමා ගන්න ගියොත් මනමාලියෙකුගේ කොණ්ඩ මෝස්තරයට වැඩි ගානක් ගන්නවා. (නදී)
දුල්මි,ඔය කියලා තියන කෙනා මොන පැත්තේ කෙනෙක්ද? (නි)
ඔය රුපලාවන්‍ය කරන්නෙත් හොඳට අනෙක් අයව අන්දන්න පුළුවන් අය. එයාගෙත් කනෙන් රිංගලා වගේ.(ම)
නිකමටද අනේ කියන්නේ හැඳි මිටේ දිග කියලා ? නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕව හොඳ පාඩම්. (ර)
මේ නෝනා එතරම් මෝඩද අනේ. කියන්න තිබුණේ මේ අය විශ්වාස කරන්න බැ.ඉස්සල්ලාම සමාගමේ හැඳුනුම් පතයි,බඩු ටිකයි ගේනවා.එහෙම නැත්නම් ඕඩරය කැන්සල් කරනවා කියලා (ම)
රුපලාවන්‍ය තැනකට ගියා කියන්නේ ඉතින් කාන්තාවකගේ මාසේ පඩියම ඉවරයි. බැංකුවක වගේ වැඩ කරනවා කිව්වොත් ගාස්තුව දෙගුණයි. මගේ මිතුරියකට ඒ වැඩේ වුණා. (ම)
අපේ නෝනා ලඟදි මගුල් ඥාතියෙකුගේ මගුල් ගෙදරකට යන්න කොණ්ඩේ දමා ගන්න ගියේ කොතැනට කොහොම ඇඳගෙන ගියත් නෑදෑයන්ගේ මගුල් ගෙදර නම් ජැන්ඩියට අඳින්නේ නැති ව බැහැ කියලා. (ම)
මේ රූපලාවන්‍ය ශිල්පිනියන් කොච්චර සල්ලි ගරා ගන්නවාද ? මගේ ඥාති අක්කා කෙනෙක් විවාහයට අන්දවා ගන්න ගිහින් එයාව බංකොලොත් වුනේ නැති ටික විතරයි. රූපලාවන්‍ය ශිල්පිනිය කියන තැනින් ඇඳුම් මහන්න ඕන, එයාගේ මිතුරියගේ මල් බිස්නස් එකෙන් මල් ගන්න ඕන. ඡායාරූප ශිල්පියා එයාගේ සැමියා. පෝරුවේ අෂ්ටක කිව්වෙත් එයාගේ නෑදෑයෙක් වන බාප්පා කෙනෙක් කියල අපිට පසුව ආරංචි වුනා. තව බෙර වාදකයන් නැට්ටුවන් එතැනින්ම ගන්න වුනා. මේ ඔක්කොම කරන්න වුනේ ඒ අක්කා පිටරට යන්න කලින් විවාහ වෙන්න ඕන නිසා ඇති වුන හදිසියෙන් මේ කාන්තාව හොඳටම ප්‍රයෝජනය ගත්තා. (ස)
හැඳි මිටේ නුවනින් හරි මේ කාන්තාවට මෙහෙම ආදායම් මාර්ගයකට යොමු වුනේ සැමියා මෙලෝ ආදායමක් නැති නිකමෙකු නිසා වෙන්න පුළුවන්. (ර)
දුල්මිගේ අක්කට විතරක් නෙමෙයි ලංකාවේ ගොඩක් තරුණියන්ව හූරලා ගන්නවා මේ කට්ටිය... (නි)