IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


බේගල් ඇදබා ඉඩම ලියාගෙන මඟුලු‍ත් කාලා

පෝද්දල සරත් ආනන්ද ගමගේ 


පිය උරුමයෙන් දරුවන් සිවු දෙනකුට හිමිවිය යුතු ඉඩමක් අනෙක් සහෝදරයන් තිදෙනා රවටා ලබාගෙන, එය විකුණා ජයටම දියණියගේ මඟු‍ල කෑවැයි කියන පුවතක් දකුණු පළාතේ බත් දුන් පුරවරයකින් වාර්තා වෙයි.
වාර්තාවන ආකාරයට සිද්ධිය සැකෙවින් මෙසේ ය.
පවුලේ මව මීට වසර 14 කට පෙර ද පියා මීට වසර 5කට පෙර ද දිවියෙන් සමුගෙන ඇත. ඔවුන්ට පුත්තු හතර දෙනෙක් සිටිති. සිය මවගේ පාර්ශවයෙන් මේ දරුවන්ට හිමිවිය යුතු ඉඩම් ද මවගේ  සහෝදරයකු  විසින් වංචා සහගතව හිමිකර ගැනීමෙන් පිය පාර්ශවයේ ඉඩකඩම් සාධාරණව බෙදාගැනීමට ඔවුන් අතර එකඟතාවක් ද තිබී ඇත.
මෙම පියාට පිය පාර්ශ්වයෙන් උරුම මහගෙදර ඉඩමේ කොටස් කීපයක්ම ඔහු විසින් මිලට ගැනීම නිසා එම ඉඩමේ වැඩි කොටස් හිමි දෙවැනියා ද ඔහු විය. දැනට වසර 22 ක පමණ  කාලයක සිට එම ඉඩම බෙදා වෙන්කර ගැනීමට පවරා ඇති නඩුවක් සඳහා ද මෙම පියා මැදිහත් වෙමින් සිට ඇත.
පියා  මියායාමට ආසන්න කාලය වනවිට එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වීමට ද නියමිතව තිබිණි.
බාල පුත්‍රයාගේ නිවෙසේ වාසය කළ මහලු‍ පියා එක්තැන් වීමෙන් පසු ඔහුට සාත්තුකර ඇත්තේ තනිකඩව වෙසෙන සොහොයුරෙකි. 
දිනක් හදිසියේම තාත්තාගේ තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට අනෙක් සහෝදරයන් තිදෙනා කැඳවූ බාල මල්ලී හා ඔහුගේ බිරිය ඔවුන්ට පවසා ඇත්තේ ඉඩම් නඩුවේ ඉදිරි කටයුතු සඳහා මැදිහත්වීමට මෙම ඉඩම තාත්තා මියයාමට පෙර කාගේ හෝ නමට ලියාගත යුතු බවයි. ඒ නිසා තාත්තට අත්සන් කරන්න පුලු‍වන්කම තියෙන මේ වෙලාවෙ ඒක කළයුතු බවත්, මගේ නමට ලියනවට අයියලාගෙ විරුද්ධත්වයක් තිබේ දැයි විමසා ඇත.
එම යෝජනාවට කිසිදු විරෝධයක් නොදක්වූ නිසා එම මොහොතේම පියාවත් රැගෙන නොතාරිස්වරයෙකු හමුවූ ඔවුන්  හිස් කොළවලට අත්සන් තබා ඉඩම බාල සොහොයුරාට පවරා ඇත. පසුව ඉඩම මැන වෙන්කරන අවස්ථාවේදීත්, ඉඩම වටා වැටවල් ඉදිකරන අවස්ථාවේත්, ඉඩමේ ප්ලෑන අඳින අවස්ථාවේත් කටයුතු සිදුකෙරී  ඇත්තේ සියලු‍ සහෝදරයන්ගේ මැදිහත්වීමෙනි.
මේ අතර බාල සොයුරාගේ එකම දියණියට මංගල්‍යයක් ද තීන්දුවී තිබුණු අතර, ඇය විසින් මෙම ඉඩම විකුණන බව සඳහන් කරමින් මුහුණු පොතට පෝස්ටුවක් එක්කර තිබෙනු තවත් සහෝදරයෙක් දැක ඇත. ඒ පිළිබඳව බාල සොහොයුරාගෙන් විමසීමේදී  ”‍නිකන් තියෙන ඉඩම ගාණකට ආවොත් දීල දානවා”‍ යැයි පවසා ඇත. 
ඔහු ඊට පසු දිනෙක එම සොයුරා බාල සොයුරාගේ නිවෙසට ගොඩවැදී ඇති අතර එදින දහවල් ඉඩම මිලදී ගැනීමට ගැනුම්කරුවකු පැමිණෙන බවත් ඒ සඳහා ඔහුට ද පැමිණෙන්න යැයි ආරාධනා කර ඇත. ඉඩම විකුණා මුදල් රැගෙන ආවට පසු මේ මුදල් සමසේ හතර දෙනා බෙදාගතයුතු යැයි සහෝදරයා කළ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් “ තාත්ත මට ලියාදුන්න ඉඩම. මේ සල්ලි අයිති මට” යැයි පවසා ඇත. තම දියණියට ලැප්ටොප් පරිගණකයක් ගන්නවත් මුදලක් දෙන ලෙස ඉල්ලා ඇත. 
මේ මුදල් ප්‍රමාණයත් දියණියගේ මංගල උත්සවයට ප්‍රමාණවත් නැතැයි පවසමින් එයද ප්‍රතික්ෂේප කර ඇත.
පසුදිනෙක සංචාරක පුරවරයේ සුපිරි හෝටල් පරිශ්‍රයක දියණියගේ විවාහ මංගල උත්සවය පවත්වා ඇති අතර මේ සිද්ධිය දන්නා නෑදෑයන් ”‍මාම කරපු දේම බෑනත් කරා”‍ යැයි පැවසුවා ලු‍.

 



අදහස් (0)

බේගල් ඇදබා ඉඩම ලියාගෙන මඟුලු‍ත් කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site