(ශ‍්‍රාවස්තිපුර සීසර් කුරුනේරු)
මධුවිතෙන් හා රස මසවුලෙන්ද යුතු නව අවුරුදු සාදයකට සහභාගි වූ අඹ යාලූවන් දෙදෙනකුට ”බඩජාරිකම” නිසා කිරි ඉතිරෙන නව වසරක් වෙනුවට බේත් හේත් උතුරාගිය, උදරාබාධයෙන් සපිරි වසරක් රෝහලේ ඇඳන් දෙකක සුව පහසුව යටතේ ගත කරන්නටවූ බව කියැවෙන පුවතක්, අනුරාධපුරයට අතේ දුරින් පිහිටි ප‍්‍රදේශයකින් වාර්තා වේ.
නව වසරේ ජනවාරි 01 වැනිදා සිටම රැුහැයියන් අඬන්නාසේ සිංහල අලූත් අවුරුද්දට ”හොඳ බෝතල් පාටියක්” ඉල්ලමින් කේවල් කළ මිතුරන් කීප දෙනෙකුගෙන් බේරීමට ඉටාගත් අයෙක් ඔවුන්ට මදි නොකියන්නට ගල් බෝතල් පාටියක් දුන්නේය.
සාදයේ කට ගැස්මට (බයිට්එකට) සකස් කර තිබූ කුකුළු මස් තෙම්පරාදුව (චිකන් ඩෙවල්) මිතුරන්ගේ රසනහර කුල්මත් කළේය.
මධුවිතෙන් පදම ඉක්මවා සිටි මිතුරෝ ”ෂා! මෙහෙම බයිට් එකක් බකිංහෑම් මාලිගාවෙත් නැතුව ඇති. මාර බයිට් එක කියමින් මස් දීසි කිපයක්ම සහමුලින්ම සේදෙන පරිදි හිස්කර දැමුවෝය.
ඇඟිල්ලක් ගසන්නට බැරි තරමට බඩ පුරා කා බී සාදය නිමකොට සමුගෙන යන්නට කලින් සුලූ පරිමාණයේ ශරීර අවශ්‍යතාවක් පිරිමසා ගැනීමට මිතුරෝ එම නිවෙසට මඳක් නොදුරින් පිහිටි පඳුරු මුවාවක් දෙසට පානැඟූහ.
ඒ ආසන්නයේ එක්තරා ස්ථානයක සුදුපාට පිහාටු ගොඩක් අයාලේ යන සුනඛයන් විසින් අවුස්සා දමා තිබූ අයුරු ඔවුහු දුටුවෝය.
එම පිහාටු ගොඬේ හොට සහිතවම කපා ඉවත් කරන ලද කොක්කුන්ගේ බෙලි රැසක්ද විය.
එය දුටු මිතුරන් දෙදෙනෙක් බිමට පාත්වී ඔක්කාර කරමින් නොනවත්වා වමනය කරන්නට විය. සෙසු මිතුරෝ පිට අතගාමින් කෑ කෝ ගසමින් ඔවුන් සනසන්නට වූහ.
”යකෝ මුන් තමා නියම යාලූවෝ. අපිට බයිට් එකට කුකුල් මස් කියලා කවලා තියෙන්නේ වැව පිටියේ ගස්වල රොද බැඳල ඉන්න කොක්කු නේද? කියමින් මිතුරෝ කෑ ගසනු ඇසුණු කෙණෙහි සාදය පිරිනැමූ මිතුරාගේ නිවසේ විදුලි එලි නිවී දොර ජනෙල්ද වැසෙනු ඇසිණි.
බකිංහැම් මාලිගයේත් නැති තරමේ ඉස්තරම් ”චිකල් ඩෙවල්” කෑ දෙදෙනෙක් ”කොක් බයිට්” එකට දෙස් දෙවොල් තබමින් දින දෙකක්ම රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සුබ නව වසරක උදාව සැමරූහ.
දැන් සාදය පිරිනැමූ සගයාත් සාදය භූක්ති විඳි මිතුරනුත් කාක්කන් හා බකමූණන් වගේ වෙලා යැයි පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදී හිටියා නම් වැඩ හොදයි කොක්කු නොමරා.(හේ)
මිනිසුන් නොකන මස් වර්ගයක් නැති තරම්. ඉතින් මස් කන අයට කාගෙත් මස් ඒ තරම් අප්පිරියා වෙන්න හේතුවක් නැහැ.(හේ)
අපරාදේ කොක්කු ටික.(හේ)
සමහරවිට යාලුවන්ගෙන් බේරෙන්න බැරිම තැන තමයි පාටිය දෙන්න ඇත්තේ. (නි)
රහමෙර කටට හළාගත්තට පස්සේ ඕකේ වගක් නැහැ. ඕනෑ කුණක් කනවා. නැද්ද? (නි)
දැන් කෑදරකම සනීපද (බ)
"ඉල්ලගෙන කනවා "කියන්නේ ඔන්න ඕකට තමා. ආයෙමත් ජීවිතේට කුකුල් මස් කන්නේ නැතුව ඇති . (නි)
කොක්කු ඩෙවල් හරිම රහයි.(හේ)