(මනෝජ් හර්ෂික)
කොට සායකින් සැරසී බැංකුවකට පැමිණි රූමත් තරුණියක හිඳ ගැනීමට යාමේදී සාය පැළී, බැංකුව තුළම එය මසාගෙන මහත් ලැජ්ජාවට පත්ව ආපසු යාමට සිදු වූ පුවතක් වයඹ පළාතේ ප‍්‍රදේශයකින් වාර්තාවේ.
සිදුවීම මෙසේය.
සතියේ සාමාන්‍ය කාර්යබහුල දිනයකි. බැංකු නිලධාරීහු තම ගනුදෙනුකරුවන් සමග කඩියන් මෙන් යුහුසුලූව වැඩ කළහ. මුදල් ගනුදෙනුවක් කිරීම සඳහා රූමත් තරුණියක් බැංකුවට පැමිණියාය. ඇඟ හිරවන ආකාරයේ කොට සායකින් හා අඩි උස සපත්තු පැලඳ බැංකුවේ එහේ මෙහේ ගමන් කිරීම නිසා එහි සිටි කාගෙත් අවධානය ඇය වෙත යොමු විය.
තම වාරය පැමිණෙනතුරු ඇය අසුන් ගැනීම සඳහා අසුනක් වෙත ගොස් ඊට බර වුවා පමණි. ‘බරාස්’ යන ශබ්දයක් සමග සාය පැළී ගියේය.
බැංකුවේ සිටි සියල්ලෝම ඇය දෙස බැලූහ. ඇය බිම බලාගෙනම සිටියේ වෙනත් කිසිවක් කිරීමට නොහැකි නිසාය.
අසල සිටි බැංකු නිලධාරිනියක් වහා එතැනට පැමිණ ඉඳි කටුවක් සහ නූල් බෝලයක් ඇය වෙත ලබා දුන්නාය. තරුණිය ඉක්මනින් සාය මසා ගනුදෙනු නොකරම බැංකුව තුළින් පිටව ගියේ ලැජ්ජාවෙන් මුහුණ රතු කරගෙනය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම්.එස්. ප්‍රනාන්දුගේ "අඳින්න මිනි ගවුම අඳින්න" සිංදුව මතක් වෙනවා.
Raheem M.S.ප්‍රනාන්දුගේ සින්දුවක් නොවේ ඇන්ටන් ජෝන්ස් ගේ සින්දුවක්
"අඳින්න මිනි ගවුම අඳින්න" සිංදුව ඇන්ටන් ජෝන්ස් ගේ නෙවෙයිද?
තැන්ක්ස් රොහාන්.
අයියෝ මම හිටියේ නැහැනේ ඒ වෙලාවේ බැංකුවේ. මට හොඳට මහන්නත් පුලුවන්.