IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බැංකුවේදී ඇඳුම් මහගන්න වෙලා

(මනෝජ් හර්ෂික)

කොට සායකින් සැරසී බැංකුවකට පැමිණි රූමත් තරුණියක හිඳ ගැනීමට යාමේදී සාය පැළී, බැංකුව තුළම එය මසාගෙන මහත් ලැජ්ජාවට පත්ව ආපසු යාමට සිදු වූ පුවතක් වයඹ පළාතේ ප‍්‍රදේශයකින් වාර්තාවේ. 

සිදුවීම මෙසේය. 

සතියේ සාමාන්‍ය කාර්යබහුල දිනයකි. බැංකු නිලධාරීහු තම ගනුදෙනුකරුවන් සමග කඩියන් මෙන් යුහුසුලූව වැඩ කළහ. මුදල් ගනුදෙනුවක් කිරීම සඳහා  රූමත් තරුණියක්  බැංකුවට පැමිණියාය. ඇඟ හිරවන ආකාරයේ කොට සායකින් හා අඩි උස සපත්තු පැලඳ බැංකුවේ එහේ මෙහේ ගමන් කිරීම නිසා එහි සිටි කාගෙත් අවධානය ඇය වෙත යොමු විය. 

තම වාරය පැමිණෙනතුරු ඇය අසුන් ගැනීම සඳහා අසුනක් වෙත ගොස් ඊට බර වුවා පමණි. ‘බරාස්’ යන ශබ්දයක් සමග සාය පැළී ගියේය. 

බැංකුවේ  සිටි සියල්ලෝම ඇය දෙස බැලූහ. ඇය බිම බලාගෙනම  සිටියේ වෙනත් කිසිවක්  කිරීමට නොහැකි නිසාය. 

අසල සිටි බැංකු  නිලධාරිනියක් වහා  එතැනට පැමිණ ඉඳි කටුවක් සහ නූල් බෝලයක් ඇය වෙත ලබා දුන්නාය. තරුණිය ඉක්මනින් සාය මසා ගනුදෙනු නොකරම බැංකුව තුළින් පිටව ගියේ ලැජ්ජාවෙන් මුහුණ රතු කරගෙනය. 



අදහස් (5)

බැංකුවේදී ඇඳුම් මහගන්න වෙලා

raheem Friday, 03 November 2017 09:48 AM

එම්.එස්. ප්‍රනාන්දුගේ "අඳින්න මිනි ගවුම අඳින්න" සිංදුව මතක් වෙනවා.

:       6       53

roshan pranandu Friday, 03 November 2017 01:52 PM

Raheem M.S.ප්‍රනාන්දුගේ සින්දුවක් නොවේ ඇන්ටන් ජෝන්ස් ගේ සින්දුවක්

:       41       19

victor Friday, 03 November 2017 03:57 PM

"අඳින්න මිනි ගවුම අඳින්න" සිංදුව ඇන්ටන් ජෝන්ස් ගේ නෙවෙයිද?

:       0       18

raheem Friday, 03 November 2017 07:01 PM

තැන්ක්ස් රොහාන්.

:       0       3

රිතික් Saturday, 04 November 2017 06:46 AM

අයියෝ මම හිටියේ නැහැනේ ඒ වෙලාවේ බැංකුවේ. මට හොඳට මහන්නත් පුලුවන්.

:       4       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 555 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site