දකුණු පළාතේ උපපොලිස් ස්ථානයකි. තම දරුවා ද ඇදගෙන වේගයෙන් පැමිණි කාන්තාවක් පොලිස් ස්ථානාධිපතිවරයාගේ කාමරයට දිවගෙන එන ආකාරය දුටු පොලිස් කාන්තාවක් කීවේ පැමිණිල්ලක් ඇත්නම් පැමිණිලි අංශයට යන ලෙසටය.
එහි ගිය ඇය පොලිස් නිලධාරියාට කීවේ ”අනේ රාලහාමි බිංකුංඩා, දරුවගෙ පොත් ටික විසිකරලා මගේ රෙදිටික ගිනිතියන්න හදල ගෙයින් පැනල ගියා” කියාය. නිලධාරියා ”බිංකුංඩා ඔය නටන පුංචි සතා නේ දැයි” ඇසුවේ මවිතයෙනි. ”ඔව් ඌට නටන්නත් පුළුවන්. අද මහ අඩව්වක් ඇල්ලූවා” කීවෙන් පොලිස් නිලධාරියාට තරු පෙනිණ.
ඔහු ”බිංකුංඩා පුංචි සතෙක්නෙ” කීවිට ඇය කීවේ ”ඔය මගේ කසාද මිනිහා. ගමේ අය කියන්නේ බිංකුංඩා කියල” යනුවෙනි. එය ඇසූ පොලිස් නිලධාරියා ”එහෙමද මං හිතුවෙ අර තෝත් නටාපිය මාත් නටන්නං කියපු සතා කියල” කියමින් කාන්තාවගේ පැමිණිල්ල ලිවීමට පටන් ගත්තේ වටපිටාවේ සිටි අයගේ සිනාහඬ මැද ලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ හිනාවට යටින් කොච්චර දේවල් තිබෙනවද? ..................හිතන්න (නි)
හාස්‍යමය කතාවක්. (නි)
ඩිලුක්ෂි ගේ අදහසට හිනාවෙලා පණ යනවා (නි)
නියම නමක්නේ දාලා තියෙන්නේ (නි)
පවු,මිනිසුන්ගේ නපුරුකම් ඉදිරියේ අහිංසක ගැහැණුන් කොච්චර අසරණ වෙනවද? (නි)
හොද කතාවක්. ඔහොම ඒවා තමා ඕන.(දිල්)
මෙයා භාර්යාව ළඟදි බිංකුණ්ඩා වගේ කැරකෙනවා ඇති. (නි)
ඒක ඇගේ සැමියාගේ සුරතල් නාමය වෙන්න ඇති.සමහරු සැමියාට කතා කරන්නේ බබා , බබී කියලානේ (නි)
එතකොට "දුන්කුන්ඩ" කියන්නේ? (නදී)
අපේ මල්ලිට අපි ආදරේට කියන්නේ වල් ඌරා කියලයි (අ)
මොලේ තියෙන ගැහැණු කෙනෙක් වෙන්න නම් බැහැ නේද ? (නදී)
හිනාවෙන්න හොඳයි (නි)
තම ස්වාමි පුරුෂයා බිං කුණ්ඩා නම් ,භාර්යාවට ගමේ කියන්නේ බිං කුන්ඩී යනවග අමතක නොකළ යුතුයි. ! (අ)
මෙයා භාර්යාව කියන විදිහට හැමදාම නටනවා ඇති. ඒ නිසා ගමේ අය මෙයාට බිංකුණ්ඩා කියලා කියනවා ඇති. කොහොම වුණත් අවංකවම හිනාවෙන්න පුළුවන් කතාවක් (නි)