දකුණු පළාතේ උපපොලිස් ස්ථානයකි. තම දරුවා ද ඇදගෙන වේගයෙන් පැමිණි කාන්තාවක් පොලිස් ස්ථානාධිපතිවරයාගේ කාමරයට දිවගෙන එන ආකාරය දුටු පොලිස් කාන්තාවක් කීවේ පැමිණිල්ලක් ඇත්නම් පැමිණිලි අංශයට යන ලෙසටය.
එහි ගිය ඇය පොලිස් නිලධාරියාට කීවේ ”අනේ රාලහාමි බිංකුංඩා, දරුවගෙ පොත් ටික විසිකරලා මගේ රෙදිටික ගිනිතියන්න හදල ගෙයින් පැනල ගියා” කියාය. නිලධාරියා ”බිංකුංඩා ඔය නටන පුංචි සතා නේ දැයි” ඇසුවේ මවිතයෙනි. ”ඔව් ඌට නටන්නත් පුළුවන්. අද මහ අඩව්වක් ඇල්ලූවා” කීවෙන් පොලිස් නිලධාරියාට තරු පෙනිණ.
ඔහු ”බිංකුංඩා පුංචි සතෙක්නෙ” කීවිට ඇය කීවේ ”ඔය මගේ කසාද මිනිහා. ගමේ අය කියන්නේ බිංකුංඩා කියල” යනුවෙනි. එය ඇසූ පොලිස් නිලධාරියා ”එහෙමද මං හිතුවෙ අර තෝත් නටාපිය මාත් නටන්නං කියපු සතා කියල” කියමින් කාන්තාවගේ පැමිණිල්ල ලිවීමට පටන් ගත්තේ වටපිටාවේ සිටි අයගේ සිනාහඬ මැද ලූ.
2025 දෙසැම්බර් මස 04
619
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
525
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බිංකුණ්ඩෙක් රෙදි ගිනි තියන්න ගියැයි කතකගෙන් පැමිණිලි
ලින්ටන් Tuesday, 22 July 2014 01:46 AM
මේකේ හිනාවට යටින් කොච්චර දේවල් තිබෙනවද? ..................හිතන්න (නි)
ගාමිණී - සිරි Monday, 21 July 2014 05:07 AM
හාස්‍යමය කතාවක්. (නි)
මනෝජ්-සාජා Tuesday, 22 July 2014 10:00 AM
ඩිලුක්ෂි ගේ අදහසට හිනාවෙලා පණ යනවා (නි)
එරංග Monday, 21 July 2014 05:50 AM
නියම නමක්නේ දාලා තියෙන්නේ (නි)
කුමාරි Monday, 21 July 2014 06:01 AM
පවු,මිනිසුන්ගේ නපුරුකම් ඉදිරියේ අහිංසක ගැහැණුන් කොච්චර අසරණ වෙනවද? (නි)
ලලිත් Wednesday, 23 July 2014 04:01 AM
හොද කතාවක්. ඔහොම ඒවා තමා ඕන.(දිල්)
දයා අළහකෝන් Tuesday, 22 July 2014 10:56 AM
මෙයා භාර්යාව ළඟදි බිංකුණ්ඩා වගේ කැරකෙනවා ඇති. (නි)
කමල් Monday, 21 July 2014 06:30 AM
ඒක ඇගේ සැමියාගේ සුරතල් නාමය වෙන්න ඇති.සමහරු සැමියාට කතා කරන්නේ බබා , බබී කියලානේ (නි)
සුජිත් Wednesday, 23 July 2014 04:43 AM
එතකොට "දුන්කුන්ඩ" කියන්නේ? (නදී)
ඩිලුක්ෂි Tuesday, 22 July 2014 04:23 AM
අපේ මල්ලිට අපි ආදරේට කියන්නේ වල් ඌරා කියලයි (අ)
පිටබැද්දර ජයා Wednesday, 23 July 2014 06:55 AM
මොලේ තියෙන ගැහැණු කෙනෙක් වෙන්න නම් බැහැ නේද ? (නදී)
පියන්ත පත්මසිරි Tuesday, 22 July 2014 04:35 PM
හිනාවෙන්න හොඳයි (නි)
ගාමිණී - සිරි Monday, 21 July 2014 04:25 PM
තම ස්වාමි පුරුෂයා බිං කුණ්ඩා නම් ,භාර්යාවට ගමේ කියන්නේ බිං කුන්ඩී යනවග අමතක නොකළ යුතුයි. ! (අ)
ශාන්ත Monday, 21 July 2014 08:55 PM
මෙයා භාර්යාව කියන විදිහට හැමදාම නටනවා ඇති. ඒ නිසා ගමේ අය මෙයාට බිංකුණ්ඩා කියලා කියනවා ඇති. කොහොම වුණත් අවංකවම හිනාවෙන්න පුළුවන් කතාවක් (නි)